“වදහිංසා පැමිණවීම පිළිබද නඩු රටේ විවිද ප්‍රදේශ වලින් වාර්තා වෙනවා. ඔවුන්ගෙන් ටික දෙනයි උසාවියේ පිහිට පතන්නේ. බහුතරය බොරු නඩු වලට දඩය ගෙවනවා නැතිනම් වේදනාව නිහඩව දරා ගන්නවා. මහේස්ත්‍රාත් උසාවි වල පවතින බහුතරයක් නඩු අපරාද නඩු නෙමෙයි විවස්ථාපිත වැරදි පිළිබද නඩු.ඒ කියන්නේ රථ වාහන පනත ,සුරා බදු ආඥා පනත, කෑලා ආඥා පනත වැනි විවස්තා පිළිබද වැරදියි. රථ වාහන නැවැත්වීම තහනම් යනුවෙන් සදහන් නීතිවිරෝදී බෝඩ් ලෑලි ජේස්ට පොලිස් අදිකාරී රථ වාහන විසින් සවි කරන අතර ඒ හරහා දුප්පත් රියදුරන් ගෙන් දඩ ගහනවා. වේග සිමා පුවරු නිසාත් ජනතාවට නීතියේ සමාන රැකවරණය අහිමි වෙනවා.”
 පොලිස් වදහිංසාව, බොරු නඩු දැමීම, පාගා ගැසීම, පොලිසියට නඩු දීම ආදී පොලිසිය සිදු කරන නීතිවිරෝදී ක්‍රියා රැසක් ගැන ඉහත හෙළිදරවුව කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සිය තීන්දුව ලබා දුන්නේ 298/2005 ශේෂ්ට්‍රදිකරණයේ ගොනු කල මුලික අයිතිවාසිකම් නඩු වේදිය.
 එහි පෙත්සම්කරුවන් වුයේ පද්මා සහ ක්‍රිස්ටි යන අඹු සැමියන්ය . ඔවුන් නීතිවිරෝදී මත්පැන් අලෙවියේ නිරත වූ අතර පුත්තලම සහ සාලිය වැව පොලිස් මුරපොලේ නිලදරින්ට පගාව දීමත් නඩු දීමත් සිදු කළහ. එක්වරක් එය දීම ප්‍රතික්ෂේප කිරීම මෙම නඩුවට මුල පිරිනි. පද්මාට අයුතු ලිංගික යෝජනාවක් කළා පමණක් නොව ඇයටත් ඇගේ සැමියාටත් අමානුෂික ලෙස පහරදී නිවසේ ජනෙල් විදුරුද කුඩු පට්ටම් කළහ. මෙහි වගෞත්තරකරුවන් වුයේ එවකට සාලිය වැව පොලිස් මුර පොලේ මුර බල්ලන්ය.
 පද්මා ක්‍රිස්ටි නඩුව දිනුවේය. ඔවුන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සහ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් වරුණ සේනාදීර, මනෝජ් සංජීව, ලියෝ පෙරේරා සහ රජයේ ජෙෂ්ට නීතිඥ රියාස් හම්සා පෙනී සිටියහ. ත්‍රි පුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ල අගවිනිසුරු සරත් නන්ද සිලවා, ශිරාණි තිලේකවර්දන සහ සලීම් මර්සූර් යන අයගෙන් සමන්විත විය.
 හතරවන වගව්‍ය්ත්තරකරුට පවුද්ගලිකව රුපියල් 100000/= ක්ද තුන්වන වගවුත්තරකරුට රුපියල් 50000/= ක්ද රජයට රුපියල් 50000/= ක්ද පෙත්සම්කරුවන් වූ පද්මා සහ ක්‍රිස්ටිට ගෙවීමට සිදුවුහ.
Advertisements