චන්ද්‍රසේනගේ නඩුව.

 258/2007 මුලික අයිතිවාසිකම් නඩුවේ විජයග්ග්‍රාහකයා ඔහුයි. උදුව අතුකෝරලගේ චන්ද්‍රසේන කෙලින්කන්ද ජනපදය ,නිලුකටිය, කෙලින්කන්ද, අගලවත්තේ පදිංචිකරුවෙක් වේ. ඔහු වුර්තියෙන් කම්කරුවෙකි.
මෙම නඩුවේ වගෞත්තරකරුවන් වුයේ එවකට බදුරලිය පොලිසියේ ස්ථානදිපති, තවත් නිලදරියෙකු, පොලිස්පති සහ නිතිපතිවරයාය. නඩුව විබාග කලේ ශිරාණි බණ්ඩාරනායක, ජගත් බාලපටබැදි, සහ කේ ශ්‍රීපවන් යන විනිසුරුතුමන්ලා සහ තුමියයි. නඩු තීන්දුව ලීවේ ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමියයි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගෞත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ පි මුණසිංහ පෙනී සිටියහ.
2007.06.27 දින බදුරලිය පොලිසියේ නිලදරියෙකු, මල ගෙදරකට සහබාගි වන්නට යමින් සිටි චන්ද්‍රසේනට පහර දුන්හ. ඒ වොලී බෝල් පිටිය අසලදී කසිප්පු ගැන විමසමිනි. නඩුව සාක්ෂි සමබරතාව මත දිනීමට චන්ද්‍රසේනට ඉතා හොද වයිද්‍ය සාක්ෂි තිබිණි. පහරදුන් පොලිස් නිලදාරීන් කවුරුද යන්න පැහැදිලිව ඔප්පු නොවුනද රජයට පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් විදායක හෝ පරිපාලන ක්‍රියාවකින් උල්ලංගනය නොවූ බවට වූ වගකීමෙන් මිදිය නොහැකි විය. ඒ තරමටම කරාපිටිය රෝහලේ වයිද්‍ය සාක්ෂි ප්‍රබල විය.
ශේෂ්ට්‍රදිකරන නඩු තීන්දු එනම් අමල් සුදත් සිල්වා එරෙහි කොඩිතුවක්කු ,කපුගිකියන එරෙහි හෙට්ටිආරච්චි , වෙල්මුරුගු එරෙහි නීතිපති සහ තවත් අය ,රටනසිරි එරෙහි දෙවසුරේන්ද්‍රන් මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ ජයග්‍රහණයට උපයෝගී කර ගැනිණි.
ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය එනම් වදහින්සාවට කෘර අමානුෂික අවමන් සහගත සැලකිලි සහ දඩුවමට එරෙහි මුලික අයිතිවාසිකම චන්ද්‍රසේන සම්බන්දයෙන් උල්ලංගනය වී ඇති බව රටේ උත්තරීතරම අදිකරණය එනම් ශේෂ්ට්‍රදිකරණය විසින් තීරණය කරන ලදී. රජයට රුපියල් 75,000 ක වන්දියක් ගෙවීමට නියම විය. කෙසේනමුත් චන්ද්‍රසිරිට මෙම වන්දි මුදල ලබාගැනීමට නඩුව දිනීමට නොදවනි අරගලයක් කිරීමට සිදුවිය.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: