ඇය නමින් මලලා යුසෆ්සයිය. ගැහැණු දරුවාගේ අද්‍යාපනය වෙනුවෙන් කතා කිරීම නිසා පකිස්ථානයේදී ඇගේ හිසට තලේබාන්වරු විසින් වෙඩි තබන ලදී. රෝහලින් පිටව සති ගණනාවකට පසුව ඇය බ්‍රිතාන්‍ය පාසලක පළමු දවස ගත කළාය. තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඇය මේ වසරේ නොබෙල් සාම තියාගය සදහා නම් කර තිබේ. බමිංහම් හි සෙසු පාසල් දරුවන් සමග එක්වූ ඇය පාසල් පැමිණි දවස ඇගේ ජිවිතයේ වැදගත්ම දවසක් බව සදහන් කළාය . ඇගේ පියා ඇයව පාසලට කැටුව ආවාය. ඇය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආපසු පාසල් යාමේ සිහිනය තමා සැබෑ කරගත් බවත් ලොව සියලුම ගැහැණු ළමුන්ට මෙම මුලික අවශ්‍යතාවය ඉටුවනු දැකීම තම අවශ්‍යතාවය බවයි.
Advertisements