සවුදි අරාබියාව ;- එක්සත් ජාතින් තුට්ටුවකට මායිම් නොකර 07 කට මරණ දඩුවම.

රටේ නිල පුවත්පත ඔවුන් මරා දැම්මේ හිස ගසා දැමීමෙන් බව පවසද්දී මානව හිමිකම් ක්‍රියාකාරීන් කියන්නේ ඔවුන්ව බට රංචුවක් විසින් වෙඩි තබා මරා දැමු බවයි. සවුදි අරාබියාව මෙසේ පුද්ගලයින් 07 කට මරණ දඩුවම දුන්නේ සන්නද්ද මංකොල්ල කෑමක් සිදු කිරීම සම්බන්දයෙනි. එය සිදුකලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශකයින් ඔවුන්ට අනුකම්පා කරන්නයි ආයාචනා කර තිබියදීය. 2006 මෙම අපරාදය සිදුවන විට එම 07 දෙනාගෙන් සමහරෙකුට වයස අවුරුදු 18 ට අඩුය. ඔවුන් ගිය සතියේ මරා දැමීමට නියමව තිබුනද බලදාරින් නඩුව සමාලෝචනය කරන තෙක් මරණ දඩුවම බහා තැබීමට තීරණය කෙරිණි. අගහරුවදා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ප්‍රකාශයක් නිකුත් කරමින් කිවේ මෙම පුද්ගලයින් 07 දෙනාට විරුද්දව වියාජ චෝදනා නගා තිබු බවත් අසාදාරන නඩු විබාගයකින් පසුව වැරදිකරුවන් කල බවත්ය. මෙම ගතානුගතික ඉස්ලාම් ජනරජය ෂරියා නිතිය දැඩිව අර්ථකථනය කරන අතර නිරතුරුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් බටහිර රටවල විවේචනයට ලක්වන අතර මානව හිමිකම් කණ්ඩායම් කියන්නේ නඩු විබාග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නොතිබෙන බවයි. 

Advertisements

One thought on “සවුදි අරාබියාව ;- එක්සත් ජාතින් තුට්ටුවකට මායිම් නොකර 07 කට මරණ දඩුවම.

Add yours

  1. අපරාධය සහ දඩුවම
    අපරාධය කවුරු විසින් කුමණ හේතුවක් අරභයා සිදුකලද ඒ වෙනුවෙන් ඔහු දඩුවම් ලැබිය යතුය.මෙහිදීඅප සලකා බැලිය යත්තේ යම්කිසි අපරාධයකට දියයුතු දඩුවම සහ ඒහි ස්වාභාවයයි. මිනීමැරීමට දඩුවම මරනීය දන්ඩණය දීම කෙතෙක් දුරට සාධාරනද යන්න විමසා බැලිය යුතුය.අධිකරණ නීති පොත්වල මොනවා තිබුනත් යම්කසි අපරාධ කරැවකුට දෙනු ලබන දඩුවම සිවිල් සමාජයට අාදර්ශමත් විය යුතුය. මිනීමරුවෙකුට මරණ දඩුවම දීමෙන් සමාජයට වන යහපතක් නැත. ඒ අපරාධයත් දඩුවමත් යන දෙකම සමාජයට ඉක්මනින්ම අමතක වී යනුඅැත. ඒ විට සිවිල් සමාජයට ඒදඩුවමින් ගතහැකි අාදර්ශය ඉතා අල්පය. ඒ නිසා මාගේ පුද්ගලික අදහස නම් මිනීමරුවාට ජීවිතාන්තය දක්වා කටුක සිර දඩුවමක් ලබාදිය යතු අතර මාස්පතා හෝ සතිපතා ඔහුට අාගටික වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලබාදී ඔහුගේ පසු තැවිල්ල හෝ පාපෝච්චාරනය සමජගත කලයුතුය. ඒ විට ඒ අපරාධයේ හා දඩුවමේ දෝංකාරය සමාජය තුල ජීවමානව පවතිනු අැත.ඒ මෙන්ම නීතියේ යම්කිසි අතපසු වීමක් නිසා ඒ දඩුවම් ලබන්නේ නිවැරදි පුද්ගලයෙකුනම් ඔහු වහාම නිදහස් කිරීමේ අවස්ථාවද උදාවනු අැත. ඒ නිසා ශිෂ්ට සමාජය තුල මරණ දඩුවම දීම කෙතෙක් දුරට සාධාරණදැයි සලකා බැලීම කාලෝචිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: