ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම සිදුකරන නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම නිසා පුරවැසියන් මහත් පිඩාවට පත් වේ. ප්‍රියන්ත ප්‍රනාන්දු 43 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. රැකියාව රියදුරුය. අංක 14 ඉන්ද්‍රජෝති මාවත, තන්තිරිමුල්ල, පානදුරේ පදිංචිව සිටි. 2013.01.30 දින ඔහුව පානදුර දකුණ පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගන්නා ලදී. ඒ එක හේතුවකට බව කියමිනි. නමුත් පොලිසියට රැගෙන යාමෙන් පසු විබාග කර ඇත්තේ වෙනත්ම කරුණක් වන අතර එය ඔහුගේ බිරිද සම්බන්ද ගැටලුවකි. එනම් ඔවුන් කුලියට සිටින නිවසේ බදු ගිවිසුම හා සම්බන්ද වුවකි. බදු ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඔහුගේ බිරිදයි. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ අසල්වැසියකු සමග ඇති කරගත් ආරවුලක් බව කියමිනි. ප්‍රියන්ත මහතා මේ පිලිබදව 2013.01.30 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය
Advertisements