පානදුර දකුණ පොලිසිය;- හනියා රෝගියාට අමානුෂික ලෙස වද දෙයි.

 මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර පොලිස් අදිකාරී වෙත යොමු කලේ මුරුක්කුවදුර රන්ජනී සිල්වාය. ඇය 60 හැවිරිදි විවාහක පස් දරු මවකි. අංක 11, මුතු සෙවන, මැද පාර , තල්පිටිය උතුර වාද්දුවේ පදිංචි වී සිටි. ඇය අදාල බලදාරීන්ට පැමිණිලි කලේ 2013.01.27 වැනිදාය. තුෂාර දම්මික සිල්වා වයස අවුරුදු 33 යි අවිවාහක ඇගේ පුතා වේ. 2013.01.25 දින දහවල් ඔහුව පින්වත්ත ප්‍රදේශයේදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මව ඔහු බැලීමට පොලිසියට ගිය විට ඔහුට කටින් ලේ එනතුරු පහර දී තිබිණි. ඔහුගේ දත් දෙකක්ද සෙලවෙමින් තිබී ඇත. පසුව පොලිසිය විසින්ම ඔහුව පානදුර මුලික රෝහලට ඇතුලත් කර ඇත. ඔහු තමා හනියා රෝගයෙන් පෙලෙන නිසා පහර නොදෙන්නයි පොලිස් නිලදරින්ගෙන් ඉල්ලා සිටියදීත් ඔහුව බිම දමා ගෙන පහරදී ඇති අතර සපත්තු දැමු පාද වලින් බඩ ද පාගා ඇත. දැන් ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. මොහුට වියාජ චෝදනාව ලෙස කුඩු සන්තකයේ තබා ගැනීම දමා ඇත. මේ පහරදීම පිලිබදව ඔහුගේ මව මුල් අවස්ථාවේදීම මානව හිමිකම් කොමිසම ඇතුළු අදාල වගකිවයුත්තන්ට පැමිණිලි කලද ඉන්පසුව ඔහුව රෝහල් ගත කිරීම දක්වා අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. මෙම අමානුෂික වදහිංසා පැමිණවීමට වග කිවයුත්තේ පානදුර දකුණ පොලිසියේ ජයසිංහ, 68138 කුමාර සහ අනෙකුත් නිලදාරින්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )