කල්මුණ පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් කොස්තාපල්වරයකුගේ පෙට්ටියකින් ගංජා පැකට්ටුවක් සොයා ගත්තේය. ඔහුගේ වැඩ තහනම් කළ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය. පොලිසියට ඕන තරම් කුඩු ගංජා සහ ආයුද ඇත. ඒවා බොරු නඩු දැමීම සදහා යොදා ගනී. මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවෙන දෙයකි. දැන් තත්වය පාලනය කිරීමට නොහැකි තරමටම උඩු දුවා ඇත. කෙසේ හෝ කොහෙන්හෝ පොලිසිය සිදුකරන අපරාද මර්දනය කල යුතුව ඇත.
Advertisements