පියෙකුගේ දුක්ගැනවිල්ල.

ඔහු ආරියරත්න ෆොන්සේකාය. වයස අවුරුදු 69 කි. දරුවන් 05 කි. විශ්‍රාමිකය. ඉහල වදුගොඩ, පයාගල පදිංචි වී සිටි. මංජුල ෆොන්සේකා ඔහුගේ පුතා වේ. හෙතෙම 37 හැවිරිදිය. රැකියාව කම්කරුය. 2013.01.26 දින රාත්‍රියේ මිතුරෙකුගේ නිවසේ නිදා සිටියදී මංජුලව පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 දින ඔහුව නිරුවත් කොට කොච්චි මිරිස් කොටා කටේ දමා පහර දී තිබේ. මෙසේ පහරදී ඇත්තේ පයාගල පොලිසියේ අපරාද අංශයේ ස්ථානදිපතිවරයා විසිනි. මෙසේ අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා ඇත්තේ වෙළදසැල් දෙකකින් මුදල් මංකොල්ල කැමක් පිළිගන්නා ලෙසට බල කරමිනි. දැන් ඔහුට බෝම්බයක් දමා අදිකරණයට ඉදිරිපත් කිරීමට පයාගල පොලිසිය සුදානම් වේ. ඔහුගේ පියා මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුම් අංකයට මේ පිලිබදව දැනුම් දී ඇත. ඔහු අද දින 2013.01.28 මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ජෙෂ්ට පොලිස් අදිකාරී කළුතර වෙත ලිකිතව පැමිණිලි කරමින් ඔහුගේ පුතාට වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කිරීමේ උත්සාහය වලක්වන ලෙස ඉල්ලා සිටියේය.

2 thoughts on “පියෙකුගේ දුක්ගැනවිල්ල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )