පයාගල පොලිසිය;- නීතිඥ මහතා බාර දීමෙන් පසුවත් නැවත අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවයි

 2013.01.15 දින පයාගල පොලිසිය සොයමින් සිටි 36 හැවිරිදි තිදරු පියෙකු වන කුරුප්පු ආරච්චිගේ දොන් චන්දන නැමැත්තාව, නීතිඥ රජීව් පි විතානගේ මහතා විසින් පොලිසියට බාර දී තිබේ. ඒ අවස්ථාවේ පොලිසිය ඔහුට චෝදනාවක් නැති බවත් අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කර ඇත. එසේ එමින් සිටියදී නීතිඥ මහතා නොසිටි අවස්ථාවක කළුතරදී ඔහුව පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්දියටම එනම් චෙන් මංකොල්ලයක් සදහා 2013.01.12 වන දින ජූඩ් කැමිලස් ප්‍රනාන්දු යන අයවද අත්අඩංගුවට ගෙන ඇති අතර මේ මොහොතේත් දෙදෙනාවම පයාගල පොලිසියේ රදවාගෙන වදහිංසා පමුණුවනු ලැබේ. නීතිඥ රජීව් පි විතානගේ මහතා වින්දිතයාගේ ඥාතීන්ට ඔහුත් සමග ගොස් බාර දුන් බවට දිවුරුම් ප්‍රකාශයක්ද ලබා දී ඇත. මෙය නීතිඥ මහතෙකු විසින් කරන ලද ඉතා ප්‍රගතිශීලි ඉදිරි පියවරකි. වින්දිතයාගේ ඥාතීන් අද දහවල් මේ වදහිංසා පැමිණවීම ගැන මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කලද ඒ කිසිවක් නොතකා පයාගල පොලිසිය මේ පුද්ගලයින් දෙදෙනාටම දැනුත් වදහිංසා පමුණුවන බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )