අදිකරණය රැක ගන්න පෙරට එන්න.

 හෙට උදේ 10 ට උපරිමදිකරන සංකීර්ණයෙන් ඇරබෙන අදිකරණය රැක ගැනීමේ දැවැන්ත උද්ගොෂණයට එක්වීම ජනතාවගේ යුතුකමකි වගකීමකි. මේ වන විට දෝෂාබියෝගය ගැන කටයුතු කල පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව ගැන තීන්දු දුන් අබියචනදිකරන විනිසුරුවරුන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇත. මෙවන් පසුබිමක සාමාන්‍ය ජනතාවට ඇත්තේ තමන්ගේම ශක්තිය පමණි. ඒ ශක්තියට වෙනස් කල නොහැකි කිසිවක් නැත. ඒ සදහා ඔවුන්ට මගපෙන්වීමක් සහ නායකත්වයක් අවශ්‍ය වී ඇති අතර අගවිනිසුරුවරියගෙන් දිගින් දිගටම විද්‍යමාන වන සටන්කාමිත්වය අවශ්‍ය රික්තය පිරවීමට ප්‍රමාණවත්ය. ඇගේ නොසැලෙන පවුර්ශය පිටිපස්සේ ඇත්තේ අවන්කබාවයයි. වංචා කලේ අගේ සැමියා මිස ඇය නොවේ. ඇගේ යම් යම් දුර්වලතා තිබුනද ඒ මහා පරිමාණ චෝදනා කිරීමකට නොසැහේ . ඇයට එරෙහිව අවි අමෝරා සිටින සියල්ලන් පවුකාරයින් බවට සාක්ෂි ඔනතරම්ය. ඒ නිසා පළමු ගල ගැසීමට සුදුස්සෙක් ඒ අතර නොමැත. අපි හෙට පැවැත්වෙන උද්ගොෂණයට යායුත්තේ මේ නිසාය. අපේ අවසාන ආරක්ෂකයා අදිකරනයයි. ඒ පිළිබද බොහෝ කලකිරීම් ඇත. සාමාන්‍ය ජනයා රස්තියාදු කරන රාජ්‍ය ආයතන වලින් එකක් ලෙස අදිකරයන ඉතා ප්‍රසිද්දිය. නමුත් එයත් නැති වුවහොත් අපට අන් සරණක් නැත. සියල්ලේ වෙනසකට හෙට මුල පුරමු.
Advertisements

One thought on “අදිකරණය රැක ගන්න පෙරට එන්න.

Add yours

  1. අපි එතුමිය බේරිය යුතු නැහැ..එතුමිය කියන්නෙත් මේ ජරා ක්‍රමයේ තවත් එක ඉත්තකු විතරයි..එතුමියට විතරක් මේ සමාජයේ තියෙන වැරදි නිවැරදි කරන්න ැබැහැ…ඒක තවත් එක මුලාවක් විතරයි…මේ ගැටුම් තුලින් සමස්ථ රටම හානියට පත්වෙනවා විනා වරප්‍රසාද ලත් ලාංකික ධනවතුන්ට කිසිදු හානියක් සිදුවන්නෙ නැහැ..
    ඒ නිසා අපි මේ වගේ අවස්ථාවලදි ඒ අය විසින් ඇතිකරගන්නා ලද ප්‍රශ්ණ ඒ අයටම විසඳගන්න දීලා අපිට හුරු නිද්‍රාශීලි පිලිවෙත අනුගමනය කිරීම සාධාරනයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: