32 හැවිරිදි කොලබ හේවගේ කැලුම් නිශාන්ත සිල්වා විවාහකයෙකි. 2013 ජනවාරි 07 දින පස්වරු 4 ට ගෙදර සිටියදී ඔහුව පානදුර දකුණ පොලිසියේ නිලදාරීන් තුන්දෙනෙකු කේ ඩි 6033 දරන මෝටර් රථයෙන් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට මේ වන විටත් කොච්චි කොට ඇස් වලට දමා පින්වත්ත පොලිසියේ ජයසිංහ හෙවත් බොක්සර් සහ සෙසු නිලදාරීන් පොතක් ඔළුවට තබා පහරදී ඇත. ඔහුගේ මව වන මුරුක්කුව දොර රන්ජනී සිල්වා මානව හිමිකම් කොමිසම් සබාවට සහ පොලිස්පතිට අද උදැසන මේ පිලිබදව ලිකිතව පැමිණිලි කළාය. ඒ නොපමාව තම පුතාට වයිද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කරන ලෙසත් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා දමා රක්ෂිත බන්දනාගාර ගත කරන්නට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසත්ය.
Advertisements