කාදර් සය්බෝ 70 හැවිරිදි වියේ පසුවන මුස්ලිම් බක්තිකයෙකි. දුම්බර වත්ත 82 තේ කොටස මිණිපුර දුම්බර පදිංචිව සිටි. දෙසැම්බර් 04 වැනිදා ඔහුව බුලත්සිංහල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ රත්තරන් බඩු සහ මුදල් ඉල්ලමිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද සිරිකුමාර ,පත්මකුමාර යන නිලදාරීන් ඔහුගේ කන් වලට පහරදී ඇත. පසුව ඔහුව බුලත්සිංහල පොලිසියට ගෙනවිත් කුඩුවට දමා ඇත. පොලිස් ස්ථානයේදීත් ඔහුට පහරදී තිබේ. එක දිනයකදී පැය 1/2 ක් දන ගහගෙන ඉන්නට නියෝග දී ඇත. දෙසැම්බර් 10 සවස මතුගම උසාවියට ඉදිරිපත් කල විට මහේස්ත්‍රාත් ඔහුගේ මුහුණවත් නොලබා රක්ෂිත බන්දනාගාර ගත කර ඇති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කිසිවක් කියා නැත. බන්දනාගාරයේදී තමනට පහරදුන් බව කාදර් සයිබෝ කීවිට ඔහුට බන්දනාගාර රෝහලින් ප්‍රතිකාර ලබා දී තිබේ. 24 වැනිදා ඔහුට ඇප ලැබිණි. ශරීර ඇප 01 යි මුදලින් රුපියල් 25,000 යි. ඔහුට එරෙහිව වියාජ චෝදනා 04 ක් ගොනු කර තිබේ. නිදහස් වීමෙන් පසුව ඔහු පානදුර මහා රෝහලේ දින 05 ක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. එහිදී ඔහුගේ කන් හා ඇස් පරීක්ෂා කර ඇති අතර ලබන බ්‍රහස්පතින්දා සායනයට එන ලෙස උපදෙස් දී ඇත.
Advertisements