“වර්ෂය 2009 වේ. නීතිඥ දිවුරුම්දීමයි. හරිම ගාම්බිරය .උත්සවයට පෙර චායාරුප ගත්තා මිස උත්සව අවස්ථාවේ හෝ ඉන්පසුව චායාරුප ගැනීමට කිසිදු ඉඩක් නොමැත. ඉදිරියෙන් යුක්තියේ දෙවගන නියෝජනය කරන තිදෙනෙකි. අතට අත දීමට තබා කිට්ටුවටවත් යා නොහැක. (මගේ අත්දැකීම් )”
 ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යාමේ මළගම උදාවුයේ 1978 වසරේදීය. මේ මොහොතේ වසරක් පාසා දාන මාන සිදුකෙරේ. අදිකරණයට සිදු කරන දේ එනම් දෝෂාබියෝගය අවසානයේ අදුරු කරන්නේ එක පුද්ගලයෙකු නොව යමක් කමක් කරගත නොහැකි දිලුදු කොන්වූ ජනතාව පමණි.
විවස්ථාදායකය සහ විදායකය බොහෝ කලක සිට දෙකක් නොව එකකි. වෙනස්වූයේ සතරවන පුරවැසියාගේ නායකත්වයෙන් යුතු අදිකරණයයි. වෙනස් යයි කීවාට එයද දේශපාන හිතවත්කම් සහ බලපෑම් වලට ලක්වූ අවස්ථා ගණනාවකි.
දැන් සිදුවන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයකි. යුක්තියේ දෙවගනට එරෙහි දෝෂාබියෝගය ඇගේ ම අනුවනකම් වල ප්‍රතිපලයක්ද යන්න ජනතාව ප්‍රශ්න කරමින් තිබේ. “ආණ්ඩුවට කඩේ යන අයට ආණ්ඩුවෙන්ම කෙලවේ “
 කෙසේවෙතත් අවස්ථාවදී දේශපාලනයට යම්තම් හෝ ගැවුන අය මේ අවස්ථාවේ බොරදියේ මසුන් මරනු ඇත. නැති බැරි ජනතාවට තම අවසාන ආරක්ෂකයා වූ අදිකරනයේද පිහිටක් නොලබා අසරණ වනු ඇත. යුක්තියේ දෙවගනට පහර ගැසීම යනු අසරණ ජනතාවට පහර ගැසීමක් වේ.
Advertisements