නිලන්තට සහ සදරුවන්ට යුක්තිය ඉටුවේද?

 

 
 2008 වසරේ මයි මස 06 හෝ අසන්න දිනක 18 හැවිරිදි කරන්දෙණියේ නිලන්ත කුමාරට සහ 16 හැවිරිදි සදරුවන්ට ඇල්පිටිය පොලිසියේ සේවය කල දදිමුනි බාලේන්ද්‍ර සිංහ සහ චමින්ද ජයලාල් බටුවත්ත යන පොලිස්කාරයින් දෙදෙනා අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබේ. වසර 04 කට පසුව මේ පොලිස්කාරයින් දෙදෙනාට විරුද්දව 1994 අංක 22 දරන වදහිංසා පනත යටතේ නඩු පැවරීමට නීතිපති පියවර ගෙන ඇත. නිලන්ත සහ සදරුවන් තමන්ට වදහිංසා පැමිණවීම සම්බන්දයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශේෂ්ට්‍රදිකරණයේ ගොනු කලද එම නඩුව මොවුන් දෙදෙනාට එරෙහිව ඇල්පිටිය පොලිසිය විසින් පවරා තිබෙන නඩුව අවසන් වනතෙක් බහා තැබීමට නියම කොට තිබේ. මෙම වදහිංසා පැමිණවීම නිසා නිලන්ත කුමාර තවමත් රෝගී තත්වයෙන් පසුවෙති. ඇප මත නිදහස්ව පැමිණි සදරුවන් වැඩි වයසක් සදහන් කර හමුදාවට බැදෙන ලදී. උතුරේ ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ ඔහුව මේ වන විට හමුදා සේවයෙන් ඉවත් කොට ඇත. 
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: