28 හැවිරිදි රාජේන්ද්‍ර සුසන්තට සහ 30 හැවිරිදි ගෝවින්ද රාජ් කුමාරට මේ මොහොතේත් බුලත්සිංහල පොලිසිය අමානුෂික ලෙස වදහිංසා පමුණුවනු ලැබේ. රජෙන්ද්රව 03 වැනිදා දහවල් 11 ට පමණද එදිනම සවස දෙකට පමණ ගොවින්දවද බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදට දින 04 ක් පොලිසියේ නීතිවිරෝදී ලෙස රදවා තබාගෙන සිටි. රජෙන්ද්රගේ මව සහ ගොවින්දගේ සොහොයුරිය විසින් මිට සුවල්ප මොහොතකට පෙර (2012.11.07) මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජේස්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. ඊයේ පොලිසියට සැකකරුවකු අත්අඩංගුවේ තබා හැකි කාලය පැය 48 කට දිගු කිරීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක චන්දය අවශ්‍ය බව ශේෂ්ට්‍රදිකරණය නියෝග කරා පමණි. පැය 24 කදී පොලිස් ම්ලේච්චත්වය මෙසේ නම් පැය 48 කදී කුමක් සිදුවනු ඇත්දැයි සිතා ගැනීම මොන්ටිසෝරි ළමයකුට වුවද අපහසු නැත.. චයරුපයේ සිටින්නේ වින්දිතයින් දෙදෙනාගේ මව සහ සොහොයුරියයි.
Advertisements