16 හැවිරිදි තරුණියට ගිනිතබා මරා දැමු ගම්බට්ටාව නීතිපති මුදා හරි.

 
 
නීතිපති වරප්‍රසාද ලැබෙන්නේ දුමින්ද සිල්වලාට පමණක් නොවේ. තුසිත නමැති සිවිල් ආරක්ෂකයා සුනීතා සදමාලිව මරා දමන විට ඇයට යම්තම් වයස අවුරුදු 16 ක් පමණි. සදමාලිගේ දෙමාපියන් පවසන ආකාරයට ඇය තුසිතගේ නිවසේ ඔහුගේ බිරිද ලෙස සිට ඇති අතර තුසිත නිරතුරුව ඇයට හිංසා පිඩා සිදුකර තිබේ. ඒ ඇය දැවැද්ද නොගෙනා නිසාය. 2011.12.05 දින ඇයට තුසිත ගිනි තබා ඇත. දින 10 ක් රෝහලේ සිට ඇය මියගොස් ඇත. ඇය තමාට තුසිත ලාම්පු තෙල් දමා ගිනිතැබූ බව රෝහලට පැමිණි අසල්වාසීන් ඇතුළු ඥාතීන්ට ප්‍රකාශ කර තිබේ. ඇගේ එක ඥාති සොහොයුරියක් ඇගේ ප්‍රකාශය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇත. රෝහල් පොලිසියද ප්‍රකාශ සටහන් කර තිබේ. තුසිතට එරෙහිව මෙම මරා දැමීම ගැන පුත්තලම මහේස්ත්‍රාත් අදිකරණයේ පැවරු නඩුවේ අංකය බි ආර් /1740/පි වේ. මාස 06 ක කාලයක් නඩුව විබාග කිරීමෙන් අනතුරුව නීතිපති උපදෙස් පිට තුසිතව නඩුවෙන් මුදා හැර ඇත. ඒ එවකට සොලිසිටර් ජෙනරාල් වර්තමාන නීතිපති පාලිත ප්‍රනාන්දු විසිනි. චයාරුපයේ සිටින්නේ සදමාලිගේ මව පියා සහ රෝහලේ ඇය ලග සිටි ඥාති සහෝදරියයි. ඔවුන් අංක 63, නිලබැම්ම වියාපාරය, සාලිය වැව හන්දිය හි පදිංචිව සිටි. ඔවුන්ගේ ජීවිකාව ගොවිතැනයි. ඇගේ මව 2012.10.31 දින ගිනි තබා සිදුකල මරා දැමීම පිලිබදව නැවත නඩු විබාගයක් කරන ලෙස පොලිස්පති ඉලන්ගකොන්ගෙන් සහ නීතිපති පාලිත ප්‍රනාන්දුගෙන් ලිකිතව ඉල්ලීමක් කළාය.

One thought on “16 හැවිරිදි තරුණියට ගිනිතබා මරා දැමු ගම්බට්ටාව නීතිපති මුදා හරි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )