නොනිමි 71;- “සිපිරි ගෙයක වසර හයක්.”

සිපිරි ගෙයක වසර හයක් යනු චාල්ස් දයානන්දගේ අපුර්ව පොතකි. මානව හිමිකම් ලොක්කෝ සහ පොඩ්ඩෝ මොර දෙන Right to dignity  උල්ලංගනය වන අයුරු මෙහි මුල සිට අග දක්වාම කියවේ. ඒ ඔහුගේ වසර 06 ක සිපිරිගෙයි අත්දැකීම් හරහාය.
“හිර කුටි සවස 6 ට වසා දැමු පසු යලි විවුර්ත කෙරෙන්නේ පසුදා පාන්දර 6 ටය. කිසිම හේතුවක් නිසා ඒ අතරතුර හිරකුටියේ දොර විවුර්ත නොවන්නේය. මාරාන්තික අසනීප තත්වයක් වැනි අවස්ථාවක වුවද හිරකුටි දොර විවුර්ත කරවා ගත හැක්කේ දීර්ග කන්නලවුවක් සහ දීර්ග ක්‍රියාදාමයක් ඔස්සේය. සමහරවිට ඒ ක්‍රියාදාමය ඔස්සේ දොර ඇරෙන විට ලෙඩ මිය ගොසිනි. කොලබ හිරගෙදර අප සමග සිටි එක සිරකරුවෙකු එසේ මිය ගියා මට මතකය. හිරකුටි දොර ඇරුනේ උදේ 6 ටය. එතෙක් අපි මළකදක් සමග රාත්‍රිය ගත කළෙමු.”
චාල්ස් දයානන්ද මහතා 71 සහෝදරත්ව සංසදයේ සහෝදරයෙකි.
” මා මේ සටහන් තබන්නේ හිරගෙදර මා දුටු පොදු ජීවිතය ගැන කියන්නට මිස කැරලිකරුවකු ලෙස මා හෝ කැරලිකරුවන් ලෙස අප හෝ හිරගෙදර කෙසේ ගතකලේදයයි  කියන්නට නොවේ”
මේ 71 විරුවන්ගේ අව්‍යජත්වයයි. පරාර්තයයි. මිනිසාට සේවය කිරීමේ පරම අබිලාශයයි. මොවුන්ගෙන් පසුව ඔවුන්ගෙන් ඉතිරිවන රික්තය පිරවීමට ගජතෙක් සොයා ගත හැකි මුත් එවන් පරාර්තකමින් අනාගතයේදී සොයා ගත හැකි වේද?
” කෙතරම් හොද පොලිස් නිලදරියෙකු වුවද හිරකරුවන්ගෙන් සමාවක් නොලැබේ. හොද පොලිස් නිලදරියෙකුනම් හිරගෙදරට එන්නේ ඇයිදැයි යන අතුරු ප්‍රශ්නයක්ද මෙහිදී පන නැගී. හිරකරුවන්ගෙන් ඔහුට බැනුම් කුණුහරුප ගුටි ආදියෙන් අඩුවක් නැත. ඔහු දකින වතාවක් පාසා ඔහුට හිරිහැර කිරීමට හිරකරුවන් පෙලබෙන්නේ පොලිසිය කෙරේ ඇති අසීමාන්තික වයිරය නිසාය.
ශ්‍රී ලංකා පොලිසිය තරම් ශ්‍රී ලාංකිකයින්ගේ අබිමානය අවමානයට පත්කරන තවත් රාජ්‍ය ආයතනයක් නොමැත. එදා 71 විරුවන් පලමුව සිය විප්ලවීය ප්‍රහාරය එල්ල කලේ පොලිස් ස්ථාන වෙතයි. ඒ තරමටම එදාද පොලිසිය සාමාන්‍ය ජනයාගේ හතුරන් විය.
“මේ සහෝදරයා …නිකන් බක ටෝක් දාන්න එපා. අපි උපන් දා ඉදන් මහා පාරේ අම්මෙක් තාත්තෙක් නැහැ… ඉස්කෝලේ ගිහින් නැහැ. දන්නා කලේ ඉදන් කෑවේ කුණු බක්කි අවුස්සලා. ඒ දවස් වල අපට අනුකම්පා කරන්න කවුරුත් හිටියේ නැහැ. දැන් ඔයගොල්ලෝ මහා ලොකු සමාජවදේ දේශනා කරනවා ,,. ඔය පාරවල් වල ඉන්න හිගන කොල්ලෝ දැක්කම ඕගොල්ලෝ මොනවාද කරන්නේ … උන්ට අනුකම්පා කරලා උන්ගේ ජිවිත බේරගන්න ඔයගොල්ලෝ උදවු කරනවද ….අඩුගානේ කම පාර්සලයක් උන්ට අරන් දෙනවද … නෑ නේ.. මමත් ඒ වගේ කුණු බක්කි කාපු එකෙක්…. නිකන් පඩි ටෝක් දන්නේ නැතුව ඉන්නවා හලෝ .
ඉහත සදහන් වන්නේ සිපිරිගෙය තුල කතුවරයාට හමුවූ සොරෙකුගේ සමාජ යථාර්තය පිළිබද දෙඩිවිල්ලකි.
මෙම කෘතිය වර්තමාන තරුණ පරපුර අනිවාර්යෙන්ම කියවියයුතු පොතක් ලෙස නිර්දේශ කල හැක. කතුවරයාගේ හිරකරුවකුගේ මතක සටහන් සහ හිරගෙදරදී ඇදී සිතුවම් නිල, කොළ, රතු සහ පෙරටුගාමී යන සියලු බලකායන්ට තමන් ගැන විවරණයකට සැබෑ මගපෙන්වීමක් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )