විවස්ථාදායකය එනම් අපට හුරුපුරුදු පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවේ වැදගත්ම අංගයකි. ප්‍රජාතන්ත්‍රවාදය යන්න ග්‍රීක වචනයක් වූ demokrasy යන්නේ ඉංග්‍රීසි democracy යන්න නිර්මාණය වූ වකි. ග්‍රීක බෂාවෙන් demo යනු ජනතාවයි (People) . krotic යනු පාලනයයි. (Rule) විවස්ථාදායක කාර්යබාරය නීති සැදීමයි.
එස්. එල්. ගුණසේකර මහතාගේ Lore of the Law and Other Memories  පොතේ විවස්ථාදායක චේතනාව අන්කිසිවක් නොව මිත්‍යාවක් ලෙස විස්තර වේ. හෙතෙම පාර්ලිමේන්තුවේ සිය අත්දැකීම්ද පදනම් කරගෙන මෙම තීරණයට එලබ තිබේ. පහත සදහන් වන්නේ ඔහු ලැබූ එක අත්දැකීමකි.
“බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනත් කෙටුම්පත්වල සදහන් වන්නේ කුමක්දැයි දන්නේ නැත. ඔවුන් ගෙන් බහුතරය පනතක් සම්මත කිරීම සදහා චන්දය දෙන්නේ තම පක්ෂයේ නායකයාගේ තීරණය මත පිහිටාය. ඔහු මෙයට උදාහරනයක්ද ගෙන දක්වයි. ඒ වකවානුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නායකයා වුයේ දර්මසිරි සේනානායකයි. ඒ අවස්ථාවේ කතා කිරීමට නියමිත සාමාජිකයින් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. ඒ අනුව ඔහු ආනන්ද දසනායකගෙන් ඇසුවේ ආනන්ද අද කතාවක් කරන්න පුලුවන්ද කියාය. හෙතෙම වෙන කෙනෙක් නැහැනේ මම කරන්නම් විනාඩි කීයක්ද යන්න ආනන්දගේ ප්‍රතිචාරය විය. විනාඩි විසිපහයි යනුවෙන් දර්මසිරි කි විට ආනන්ද කිවේ මදිනේ කියායි. නැවතත් සබා ගැබට පැමිණි ආනන්ද , දර්මසිරිගෙන් ඇසුවේ මොකක්ද බිල් එක යනුවෙනි. ඔහු අවසානයේ විනාඩි 25 ක් නොව කතානායක මැදිහත් වී කතාව නතර කරන තුරුම කතා කළේය.”
මේ අනුව අපට පැහැදිලි වන යථාර්තයක් ඇත. එනම් නීති ශිෂ්‍යයින්, දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයින් පැය ගණන් ඉගෙන ගන්න විවස්ථාදායක චේතනාව ප්‍රයෝගිකව ගත් කල ඉහත ආකාර බවයි. මෙසේ කිසිදු වගකීමක් නොමැතිව නීති සාදන උත්තරිතරයයි කියා ගන්නා පාර්ලිමේන්තුවක් ඇති රටක වර්තමානයේ පවත්නා නීතියේ කඩාවැටීම දශක ගණනාවක සිට නිර්මාණය වූ තත්වයේ ප්‍රතිපලයකි. එය අද වන විට සියල්ල කුනුවිමක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ කුණුවීමට ජේ. ආර් (JR) ගේ සිට එම්. ආර්(MR ) දක්වාම වගකිවයුතු වේ.
Advertisements