හිරණ පොලිසියේ මේජර් කාන්තාවක් නිසා පුද්ගලයකුට බොරු නඩු දමයි.

හිරණ පොලිසියේ මෙජර් ලෙස හදුන්වන නිලදාරියාට නිරංජනී නමැති කාන්තාව සමග හිතවත්කමක් ඇත. ඔහු නිතරම ඇගේ නිවසට පැමිණේ. මෙහි ප්‍රතිපලය 2012.05.20 දින ප්‍රියදර්ශනී පෙරේරාගේ සැමියා වූ රුවන් නිශාන්ත පිරිස් ව අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා වියාජ කුඩු නඩුවක් දමා රක්ෂිත බන්දනාගාර ගත කිරීමය. ප්‍රියදර්ශනී අලුබෝගහවට්ට හිරණ පානදුර පදිංචිව සිටි. වයස අවුරුදු 32 කි. තිදරු මවකි. මේජර් ඇගේ සැමියාව අත්අඩංගුවට ගත්තේ සිය ඉඩමේ ගසක් කපමින් සිටියදීය. ඔහුට හිරණ පොලිස්යේදී පහර දී ඇත. පසුව පානදුර දකුණ පොලිසියට ගෙන ගොස් ඇත. පානදුර දකුණ පොලිසියේ රණසිංහ නමැති නිලදාරියා පොලිසියේ කාමරයක් තුල තම සැමියාව තබාගෙන ඔහුගේ හිස බිත්තියේ අනිනු ප්‍රියදර්ශනී දැක තිබේ. ඊලග නඩු දිනය 2012.06.01 වැනිදාය. ප්‍රියදර්ශනී කියන ආකාරයට හිරණ පොලිසිය මෙසේ තමනට හිරිහැර කරන්නේ මෙජර්ට නිරංජනී සමග පවත්නා හිතවත්කම නිසාය. ප්‍රියදර්ශනී මෙම වදහිංසා පැමිණවීම සහ වියාජ නඩු පැවරීම ගැන 2012.05.22 දින මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළාය.

2 thoughts on “හිරණ පොලිසියේ මේජර් කාන්තාවක් නිසා පුද්ගලයකුට බොරු නඩු දමයි.

  1. Brigade Major පවසයි:

    පොලීසියේ මේජර්ලා නැත. ඉන්නේ සාජන් මේජර්ලාය. හැබැයි පොලිස් සාජන් මේජර්ලා බොහොමයක් සාජන් කෑල්ල නොදමා කතාබහේදී මේජර් යයි කියති. වෙන අය ලවා කියවා ගනිති. උන් හිතන්නේ උන් හරියට ආමි එකේ මේජර්ලා වගේ කියලාය. ආමි එකේ මේජර් කෙනෙක් එක්ක තියපුවාම මුන් නිකම්ම නිකම් මී පැටියෝය. පොලීසියේ සමහර මැටි මෝල් ලොකු නිලධාරිනුත් මේ සාජන් මේජර්ලාට මේජර් කියනවා මම අසා දැක ඇත්තෙමි. අපටනම් එවිට අනුකම්පා හිතෙන්නේ ඒ මැටි මෝල්කම ගැනය. මේ ටික ලිව්වේ බලයෙන් මත්ව අකටයුතුකම් කරන මේ සාජන් මේජරයා ටිකක් ලොකු පොලිස්කාරයෙක් මිස මහා බක්කෙකු නොවන බව කීමටය. මේකාව නිසි පරිදි නීතිය ඉදිරියට ගෙනයාම පොදුජන සංවිධාන වලට බාරය.

  2. me ha samana case ekak chiaw polisiyeth,eki case ekama halawatha usaviyeth,eyama colombo kantha karyansayeth,halawatha polisiya adisi hasthayaka balapemak nisama 3n4 wathawakata kata uththara genime apahasuthawakatath[polisiya nirdosiy]pathwa thiyenawa.kanthawakage bala puluwankara kamak.[meeta sambandawa pradana charith kipayak apradanawa siti.]sambanda kanthawa panadura paththeya,anek parsawaya kottapitiya halawathaya.

    [

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )