බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන සිය කනස්සල්ල පල කර ඇත. ඉන්දීය ආණ්ඩුවද උතුරු නැගෙනහිර සංහිදියාව ගැන එතරම් සැහීමකට පත්වී නැත.
එනම් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම ඉන්දීය අගමැති මන්මෝහන් සින්ට කරුණු ගණනාවක් අවදාරණය කර ඇත. ඒ අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව නිවාස 50,000 වැඩපිළිවෙල කඩිනම් කිරීම සදහා එහි වගකීම ඉන්දීය සමාගම් වලට දීමද වේ. තවද උතුරු නැගෙනහිර දෙමල ජනයාට අවශ්‍ය රැකියා අවස්ථා වැඩිකළ යුතු අතර අද්‍යාපනය නගා සිටුවිය යුතුය. උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල වලට වයිද්‍ය ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පාටමලා හදුන්වා දීම සිදු කලයුතු බව ඔවුන්ගේ අදහසයි.
අපි ලග එන වෙසක් මංගල්ලයට සුදානම් වෙමු. බ්‍රිතාන්‍ය සහ ඉන්දීය යෝජනා දෙස අසුබවාදී දෘෂ්ටිකෝණයකින් නොබැලිය යුතුය. සියල්ලෙන් සිදුවන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ අබිවුර්දියයි. මැයි 19 වැනිදාට යුද්දය නිමාවී වසර තුනකි. ජයග්ග්‍රහණය අමතක කලයුතු නැත. නමුත් යුදමය විසදුම අර්බුදයේ ප්‍රථමික අවස්ථාවයි. එනම් දේශපාලන විසදුමකට යායුතුය.
ජනාදිපති රාජපක්ෂ අවස්ථා ගණනාවකදී උතුරු නැගෙනහිරට 13 වන විවස්ථා සංශෝදනයට එහා ගිය විසදුමක් ලබා දෙන බවට ඉන්දීය ආණ්ඩුවේ නියෝජිතයින්ටම පොරොන්දු වී තිබේ. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදු කල පොරොන්දු කඩ කිරීම එතරම් රටට යහපත් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඉන්දියාව චන්දය දෙන්නේද මෙම පොරොන්දු දී ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිදු උත්සහයක් නොගත් වාතාවරනයක් තුල බවද අප අමතක නොකළ යුතුය.
උතුරු නැගෙනහිර සංහිදියාවක් ඇති කිරීම වහ වහා කල යුතුව ඇත. ඒ දේවල් වෙසක් සමයේ සත්ව හිංසාවට දෙන අවදානයට වැඩි අවදානයක් අවශ්‍ය වූ දෙය වේ. තවද දෙමල ජනයාට මයිත්‍රී කිරීමේදී ඔවුන් සතුරන් ලෙස නොදැක ඔවුන් තුල ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ඇති කල යුතුව ඇත. එහිදී උතුරු නැගෙනහිර මිලිටරිකරණය නැවැත්වීම මගින් සුවිශාල කාර්යබාරයක් සිදු කල හැක.
Advertisements