ශ්‍රී ලංකාව;- අයුක්තියට එරෙහිව කැරැල්ලකට අඩගැසීමක්.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු
“මම ඊලග අවුරුද්දේ දිවුරුම් දීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මට දැන් හිතන්න වෙලා නිතිඥයකුට ඔහුගේ හෝ ඇයගේ හර්ද සාක්ෂියට එකගව වැඩ කරන්න පුලුවන්ද යන්න ගැන. මේ රටේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යුක්තිය සොයා යාමේදී යුක්ති ක්‍රියාදාමය දේශපාලන බලපෑම් වලින් අන්තයටම ගිහිල්ලා. ඒ නිසා ඒ ගැන බරපතල ලෙස සිතන්න වෙලා.”
ඉහත ප්‍රකාශය තරුණ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගෙනි. එය අද දවසේ විශ්වසනීයත්වය අහිමිව ඇති අපරාද යුක්ති ක්‍රියාදාමය පිළිබද නීතිඥවරුන්ගේ අපේක්ෂා බන්ගත්වය පෙන්නුම් කරනවා. පොදු හෝ අපරාද නීතියට අදාල ක්ෂේත්‍ර වල වැඩ කරන බොහොමයක් නීතිඥවරුන්ට හැගී යන්නේ මේ ආකාරයටයි. නමුත් ඔවුන්ගෙන් බහුතරය මේ ගැන ප්‍රසිද්දියේ හඩ නගන්නේ නැහැ. එනම් ඇය වගේ. නමුත් පවුද්ගලික මට්ටමෙන් සිදුවන සංවාද වලදී ඔවුන් මේ ගැන උස් හඩින් කතා කරනවා.
අපරාද යුක්ති ක්‍රියාදාමයේ අර්බුදය අලුත් දෙයක් නෙමෙයි. මේ පිළිබද කඩා වැටීම ඉතා කුඩාවට ආරම්බ වන්නේ 1971 ජේ. වී. පි කැරැල්ලේදී එය මර්දනය කිරීමට පොලිසිය සහ හමුදාව පුද්ගලයින් 5000 ත් 10,000 ත් අතර සංක්‍යාවක් මරා දැමීමත් සමගයි. මෙහිදී වැඩි පිරිසක් මරා දමන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. එම ප්‍රවේශය අදටත් ක්‍රියාත්මකයි.
ඇත්තටම සිදුවන්නේ හුදු දේශපාලන බලපෑම් පමණක් යුක්ති ක්‍රියාදාමය තුල ඇතිවීම පමණක් නෙමෙයි. එනම් නිතිය ක්‍රියාත්මක කරන ආයතන වල නීතියට අනුව කටයුතු සිදුවීම අදාල නොවීමයි. එම ආයතන වලින් එකක් වන අපරාද විමර්ශන ආයතනය නිපුණතාවය සහ සුවාදිනත්වය ගැන ප්‍රසිද්දිය ඉසිලු නමුත් දැන් එය දේශපාලන ඒජන්සියක් වෙලා. නීතියට සහ නයිතික ක්‍රියාදාමයට අනුව නිතිය වෙනස් නොවී එය දේශපාලනය අරමුණු කරගත් වැඩක් බවට පත්වෙලා. එය එක්‌ පැත්තකින් ආණ්ඩු විරෝදින්ට හූනියම් කරන අතර අනෙක් පසින් ආණ්ඩුවට පක්ෂපාති කොටස් වලට ආරක්ෂාව සැලසීම පහසුවෙන් දැකිය හැකි අතරම එය තවදුරටත් කිසිවෙකුට රහසක් නෙමෙයි. අපරාද වලට නඩු පැවරීමේදී යුක්ති ක්‍රියාදාමයේ පළමු පියවර අපරාද පිළිබද විමර්ශන සිදු කිරීමයි. එම විමර්ශන දේසපාලන අරමුණු වලින් යුක්ත වීම හා දේශපාලනය මගින් මෙහෙයවීම නිසා සමස්ත ක්‍රියාදාමයට සිය නයිතික චරිතය අහිමිවී යාමකි. එවිට එය දේශපාලන හිංසනයක් බවට පත් වේ. රටේ වඩාත්ම බරපතල අපරාද විමර්ශනය කිරීමට සිටින එම අරමුණෙන් යුක්ත වැදගත්ම ආයතනයට සිදුව ඇත්තේ එයයි.
විමර්ශන ආරම්බයේදීම යුක්ති ක්‍රියාදාමයට මැදිහත්වීම් සිදුවීම එමගින් යුක්තියක් කිසිසේත් අපේක්ෂා කිරීමට නොහැකිවිමකි. ඒ වෙනුවට එය බොරු තර්ක ඉදිරිපත් කරන අතර අයුක්තිය සංවිදානගත කල එකක් බවට පත්වේ. අද ශ්‍රී ලංකාවේ අපරාද යුක්තිය සංවිදානගත කල අයුක්තියක් බවට පත්වී ඇත.
මෙවැනි අවස්ථාවක නීතිඥයකුගේ බුමිකාව කුමක්ද? නීතිඥයකුගේ බුමිකාව වන්නේ ඔහුගේ හෝ ඇයගේ සේවාදායකයාගේ නයිතික අයිතීන් අවශ්යෙන්ම ආරක්ෂා කිරීම වේ. නඩුවට සම්බන්ද පාර්ශවයන්ට තව දුරටත් නයිතික අයිතීන් නොමැතිවිට සහ ඔවුන් තවදුරටත් කුමන ආකාරයක හෝ විරුද්දත්වයක් නොඉවසන විට, නීතිඥවරයාට ඕනෑම ආකාරයක නයිතික බුමිකාවක් අහිමි වේ. යුක්ති ක්‍රියාදාමය රැවටෙන සුළු එකක් වන විට නිතිඥයකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ වදුරකුගේ බුමිකාවකි. නමුත් සමහරක් දෙනෙකුට මෙම බලාපොරොත්තු මත පදනම්ව යම් බුමිකා රගපෑ හැක.
එක්‌ අතකට තම ආදරණිය පියා මරා දමන ලද නඩුවේ වඩාත් ප්‍රබල කොටස් විසින් සිදු කරන තමන්ට අවශ්‍ය දේ වලට යොමු කිරීම් ගැන ඇය සොයා ගත් අයුක්තිය පිළිබද සාමාන්‍ය දේ ගැන පුදුම විය යුතු නැත. සමාජයේ සාමාන්‍ය වැසියෙකු දශක ගණනාවක සිට අපරාද යුක්ති ක්‍රියාදාමය කියන්නේ කුමකටද යන්න දනී.
බුද්දිමත් පුද්ගලයකුට ඇති එකම විකල්පය මේ සමස්ත ක්‍රියාදාමයට විරුද්දව අරගල කිරීම වන අතර එසේ නැතුව තමන් කැමති නඩුවක් පිලිබදව නොව සමස්ත ක්‍රියාදාමයට එරෙහිව කටයුතු කිරීමයි. යුක්තිය ගැන තැකීමක් ඇති සෑම පුද්ගලයකුටම ශ්‍රී ලංකාව තුල ඉතිරිව ඇති එකම ප්‍රවේශයද මෙය වේ.
අනු ගණන් වල රට පුරා අශෝක හදගම විසින් නිෂ්පාදනය කල මාගාත නම් ප්‍රසිද්ද නාට්‍යක් පෙන්වන ලදී. එමගින් සමකාලින ශ්‍රී ලාංකීය සමජය මුහුණ දෙන යුක්තිය පිළිබද අර්බුදය හෙළිදරවු කෙරිණි. එම නාට්යේ තරුණ ගැහැනියක් පිළිබද චරිතයක් විය. එම චරිතය සංකේතවත් කලේ අයුක්තියට එරෙහිව කැරැල්ලක්  ගැසීමේ හඩයි. සමහරවිට හිරුනිකා සහ අනෙක් තරුණ අයට ඔවුන් නිරතව සිටින නිතිය පිළිබද ඉගෙනීම අර්ථාන්විතවීමට එම බුමිකාව රගපෑමට නැවත හඩ ගැසීමක් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )