හිරුනිකා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කසයෙන් තලයි. Hirunika lashes out at the CID  ඒ ඇගේ පියාව ගාතනය කිරීම පිළිබද මහේස්ත්‍රාත් අදිකරණයේ පැවති නඩු විබාගයේදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසංවේදී බව ගැන ඇය මාද්යට සිය කෝපය ප්‍රකාශ කල අයුරුයි. මෙම නඩුවේදී සි අයි ඩි නිලදාරියා එය විබාගයට ගන්නා අවස්ථාවේ සිටියේ නැත.
හිරුනිකාට මේ තත්වය අලුත් වුවාට මෙරට සාමාන්‍ය මහා ජනයාට මෙම යුක්තිය පසිදලීමේ පවත්නා ගරා වැටුණු බව අලුත් දෙයක් නොවේ.
අලුත්ම වියසනය නීතිපතිවරයා අපරාද නඩු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්බ කර තිබීමයි. ගිය වසරේ පමණක් සැලකියයුතු නඩු ප්‍රමාණයක් නීතිපතිවරයා මුල්වී ඉවත් කර ගෙන තිබේ.
ඊළගට රටේ නිතිය ක්‍රියාත්මක කරන පොලිසිය වදහිංසා පැමිණවීම බොරු නඩු දැමීමේ කටයුත්තේ ගජ රාමෙට නිරතව සිටියි.
මෙසේ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ පවත්නා අකටයුතුකම් නිසා පිඩාවට පත්වන සාමාන්‍ය ජනයාට සිය දුක්ගැනවිල්ල කීමට ඔබට මාද්‍ය මගින් දෙන ඉඩ ප්‍රස්ථාව ඔවුන්ට නැත. ඔබේ දුක්ගැනවිල්ල මහජනයාට සමීප වීමටනම් ඔබත් ඔවුන්ගේ සෙරෙප්පු පයලා යුතුව තිබේ.

 

Please enable JavaScript to view the <a href=’http://disqus.com/?ref_noscript’>comments powered by Disqus.</a>

Advertisements