එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා රාජපක්ෂවරුන් අතර මෙතරම් කතා බහට ලක්වීමට හේතුව එහි ඇති දැනිමයි. නමුත් ඔවුන් දොරටු විවුර්ත කරන්නට යන්නේ සන්හිදියාවකට නොව අසන්හිදියවකටය.
“ආරක්ෂක ලේකම්වරයා, සමහර දේශපාලනඥයන් පළාත්සභාවට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා සිටි නමුත්, එය ලබා දීමට නොහැකි බවත්, බලය බෙදීම 13 වන සංශෝධනය හරහා දැනටමත් ක‍්‍රියාත්මක වන බවත් පවසා තිබේ. උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම මගින් පැවසූ ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම වැනි කාරණා විකාර අදහස් බවත්, එය ක‍්‍රියාත්මක කළ නොහැකි බවත් ආරක්ෂක ලේකම්වරයා පවසයි.”
රටේ නිතිය මත පාලනයක් ක්‍රියාත්මක නොවේ. හොදම නිදසුන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තම පියාගේ ගාතන නඩුව විබාග වන ආකාරය ගැන සිය කන්නස්සල්ල මාද්යට හෙළිකර ඇති ආකාරයයි. මේ අයුක්තිය නිසා එනම් ජනාදිපති රාජපක්ෂ යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුව නිසා වඩාත්ම අසාදරණයට  ලක්වන්නේ මෙරට සාමාන්‍ය ජනතාවයි. එතරමට වදහිංසාව සහ බොරු නඩු දැමීම පිළිලයක් සේ සෑම පොලිස් ස්ථානයකටම වියප්තව තිබේ.
යුක්තිය පසිදලීමේ යාන්ත්‍රනය තුල දුෂණ ඉහල සිට පහලටම දැකිය හැක.
“ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සේප්පුවේ රන් අබරණ කිහිපයක් මාරුකැර ව්‍යාජ අබරණ තැන්පත් කිරීමට තැත්කළැයි අධිකරණයේ නඩු භාණ්ඩ නිලධරයා ගාල්ල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.”
අසන්හිදියාව සමග අයුක්තිය ගැන කතා කරන්නේ එය එකම කාසියේ දෙපැත්තක් බැවිනි. සංහිදියාව සදහා යුක්තිය අවශ්‍යයි. ඒ දෙකම නැතිව සංවර්දනය වූ කලි මායාවකි. රාජපක්ෂවරුන්ට එය අමතකව ඇත.
Advertisements