සරත් කුමාර සහ රන්ජිත් රණසිංහ මාලවිල, රන්තොටුවිල, ගාල්ලේ පදිංචිකරුවන් වේ. දෙදෙනාම විවාහක පියවරුය. තවද වියාපාරිකයින් ලෙස කටයුතු කරති. රංජිත්ගේ කොස්ලි සරත්ගේ ගෙදර වේලෙන්නට දමා තිබිණි. 2012.03.27 දින බෙන්තර පොලිසියේ නිලදාරීන් 04 දෙනෙකු උරුගස්මන්හන්දිය පොලිසියේ ජීප් රථයෙන් පැමිණ රංජිත්ගේ ලි වලින් කොටසක් සරත්ගේ ටිපර් රථයේ පටවාගෙන ගොස් ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ගේ අංක LG  7234 දරන ට්පර් රථය නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත්නොකට රදවා තබා ගෙන සිටීම පිලිබදවත් සරත්ට විරුද්දව වියාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය පිලිබදව එම නිලදාරින්ට විරුද්දව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් ටිපර් රථය මුදා හැරීමට පියවර ගන්නා ලෙසත්ය. ඔවුන් අදාල ඉල්ලීම් ඇතුලත් ලිකිත පැමිණිලි 2012.03.29 දින මානව හිමිකම් කොමිසම් සබාවට, ජාතික පොලිස් කොමිසන් සබාවට , පොලිස්පතිට සහ දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිට පිටපත් සහිතව යවන ලදී.
Advertisements