අහංගම පොලිසියේ කාන්තා හිංසනය.

මේ සිද්දිය වන්නේ 2007.09.26 දින අහංගම පොලිසියේදී. ඇය නමින් විමලා රණසිංහ. තිබිරිගහහෙන වත්ත, වැවිලිහෙන, අහංගම පදිංචිව සිටි. වයස අවුරුදු 42 ක් වන ඇය පෙර පාසල් ගුරුවරියක්.
අදාල දිනයේ ඇය සිය සැමියා සමග පොලිසියට ගියේ ඔවුන්ට විරුද්ද පැමිණිල්ලක් විබාගයට ගන්නා බව පැවසීම නිසා. පොලිසියේදී රණසිංහ මහත්මිය සහ පැමිණිලිකරු අතර බහින් බස් වීමක් වුනා. එවිට උප පොලිස් පරීක්ෂක ඇගේ කම්මුලට දෙපාරක් ගසා පයින්ද ගැහුවා. පස්සේ ඇයට අසබ්ය වචනයෙන්ද බැණ වැදී ඇත. පසුව කොන්ඩෙන් ඇදගෙන ඇය ව ඕ. අයි. සි කාමරේට ගෙන යාමෙන් පසු ඕ අයි සි ද ගැනියෙක් නෙමෙයිනම් කරන දේ දන්නවා යනුවෙන් ඇයට බැණ වැදී ඇති අතර ඇයව කුඩුවටද දමා තිබේ.
ඇය මේ ගැන අදාල තැන් වලට පැමිණිලි කළා. අයි. පි කාන්චනා ඒ කියන්නේ ශාමිරගේ බිරිද රණසිංහ මහත්මියගේ ගෙදරට ඇවිත් කිවේ සල්ලි කියක් හරි දෙන්නම් පොඩි දරුවෙක් ඉන්නේ රස්සාව නැතිවෙයි ඒ නිසා පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසයි.
රණසිංහ මහත්මිය තමාට ශාරීරික හා මානසික වදහිංසා පැමිණවූ පොලිස් නිලදාරියට විරුද්දව නීතිමය පියවර ගැනීමේ අරගලය අද වනතුරු නතර කර නැත.

One thought on “අහංගම පොලිසියේ කාන්තා හිංසනය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )