අරාබි වසන්තය නිසා මැද පෙරදිග මරණ දඩුවම පැනවීම ඉහල ගොස් ඇත. නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය මේ පිළිබද වැදගත් තොරතුරු රැසක් චීනයෙන් සොයා ගෙන ඇත. සිය ගණනින් පුද්ගලයින් මරණ දඩුවමට ලක් කිරීමට අරාබි වසන්තය සමග සහ එය මැඩලීමට සදහා අරාබි රටවල් ක්‍රියා කරමින් තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය පැවැත්වූ සමීක්ෂණයකට අනුව ගිය වසරේ රටවල් ගණනාවක මරණ දඩුවම පැමිණවීමේ සීග්‍ර අඩුවීමක් දක්නට ලැබුනද ඉරානය, සවුදි අරාබිය, ඉරාකය සහ යේමනයේ එහි තියුණු වැඩිවීමක් පෙන්නුම් කරයි. ගිය වසරේ මරණ දඩුවම පැනවූ රටවල් අතර චීනය ඉහලින්ම සිටිමින් ඉතා අයහපත් වාර්තාවක්ද තබා තිබේ. නමුත් මරණ දඩුවම පැනවීම පිළිබද නිශ්චිත දත්ත ඉදිරිපත් නොකරන චීනය එය රජයේ රහසිගත දෙයක් ලෙස තබා ගෙන සිටීම ප්‍රතිපත්තිය කර ඇත. ජාත්‍යන්තර ක්ෂමා සංවිදානයට චීනය පිළිබද තොරතුරු ලැබී ඇත්තේ මහජන මුලාශ්‍ර වලින් වන අතර එම සන්කයා ලේකන සත්‍ය මරණ දඩුවම පැනවූ සංකයාවට බොහෝ වැඩිවිය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.
Advertisements