කලවැද්දන් කුමන වාචාල කතා කීවද බෝදි පුජා පැවැත්තුවද මානව හිමිකම් සහ සත්‍ය විජයග්‍රහණය කළේය. ඒ මිට සුවල්ප වෙලාවකට පෙර නිකුත්වූ 24 ට 15 චන්ද ප්‍රතිපලයත් සමගයි.
අපි බලමු මේ 15 දෙනා කවුද කියා. චීනය, මාලදිවයින, බංග්ලාදේශය ඇතුළු මේ 15 ට නීතියේ පාලනයක් නැත. පරජාතන්ත්‍රවාදය කප්පාදු කර ඇත.
දැන් කල යුත්තේ කුමක්ද? උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ වාර්තාව ජනතාව අතරට එනම් එක්තරා කොටසකට නොව සාමාන්‍ය ජනයා අතට පත් කර සිංහල දෙමල මුස්ලිම් යන සියලු දෙනා අතර ඒ ගැන සංවාදයක් ඇති කර එහි සුබාෂිත ප්‍රතිපාදන ස්ථාපිත කිරීමයි. එසේ නැතිව වාචාල කතා කීම නොවේ.
මේ චන්ද ප්‍රතිපලය මානව හිමිකම් වල විජයග්‍රහණයක් පමණක් නොවේ. මිත්‍යාව සහ අවිද්‍යාව එළිපිටම අමුලික බොරුවක් බව පසක් කරමින් ඒ සියල්ලද මේ සමග පරාද විය. ඒ අදිෂ්ටාන පුජාවේ අනුහසින් ජිනීවා සමුළුව රාජපකිස්ථානය අමන්දානන්දනයට පත් කල තීන්දුවක් නොදුන් බැවිනි.
ඉතින් දැන්වත් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයින්ට මානව හිමිකම්, නිදහස සහ නීතියේ පාලනය කැදවා ගෙන එමු.
Advertisements