BMICH පොලිස් මුර බල්ලන් 21 හැවිරිදි ශිෂ්යෙකුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

“මා ප්‍රකාශ කර සිටින්නේ  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රාජකාරියේ දී සිටි සැරයන් නිමල් සේනාදීර 24141 නිලදාරියා සහ එහි ස්ථානාදිපති වශයෙන් කටයුතු කල පොලිස් පරීක්ෂක අත්තරගම, රථවාහන අංශයේ නම නොදන්නමුත් දුටුවොත් අදුනගතහැකි නිලදාරියකු හා නම් නොදන්නමුත් අදුනගතහැකි තවත් පොලිස් නිලදාරීන් කීපදෙනෙක් විසින් මා හට අමානුෂික වදහිංසා පැමිණවූ බවත් කුරුදුවත්ත පොලිසිය තුලදීද නිලදාරියකු විසින් මට පහරදුන් බවත් එසේ වදහිංසා පැමිණවීමෙන් එම නිලදාරීන් විසින් මාගේ මුලික අයිතිවාසිකම් කඩ කරන ලද බවත්ය.
මා ඉල්ලා සිටින්නේ මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදුකර මාහට කුර අමානුෂික වදහිංසා පමුණුවා මාගේ මුලික අයිතිවාසිකම් කඩ කරන ලද ඉහත සදහන් පොලිස් නිලදාරීන් සම්බන්දයෙන් නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් මාහට සදරණය ඉටු කරනා ලෙසටත්ය.”
ඉහත ඉල්ලීම ලිකිතව කරන්නේ පුර්ණ මයුර කන්කානිගේය. ඒ 2012.03.19 වැනිදාය. ඔහු ඉහත සිද්දියට අදාල ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසම් සබාවට, ජාතික පොලිස් කොමිසම් සබාවට, පොලිස්පතිට, නීතිපතිට, ස්ථානාදිපති පොලිස් සහන මැදිරියට උක්ත දිනයේ සිදු කර ඇත.
පුර්ණ මයුරු කන්කානිගේ 21 හැවිරිදි ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ ශිෂයෙකු වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිය පන්දු කණ්ඩායමේ සාමාජිකයෙකුද වේ.
2012 පෙබරවාරි 22 සිට 26 දක්වා ඔහු ගෘහ නිර්මාණ ශිල්පය හදාරන ආයතනය මගින් කොලබ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් පවත්වා තිබේ. පොලිසියට ඉහත බරපතල චෝදනා එල්ල වී ඇති සිද්දිය සිදුව ඇත්තේ 2012.02.26 දින එනම් ප්‍රදර්ශනය අවසන් දින රාත්‍රී 10 ට පමණ සම්මන්ත්‍රණ ශාලා බුමියට ඇතුළුවන අංක තුන ගේට්ටුවෙදිය.

One thought on “BMICH පොලිස් මුර බල්ලන් 21 හැවිරිදි ශිෂ්යෙකුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )