වැලිකඩ “Beauty Contest “;- ලිංගික අතවර ගැන විදිමත් පරීක්ෂණයක් පවත්වන්න.

කන්න හරියට කෑමක් නැති, නාන්නට ප්‍රමාණවත් වතුර නැති, සනීපාරක්ෂක පහසුකම් ගැන කතා කිරීමටත් වචන නැති වැලිකඩ බන්දනාගාරයේ කාන්තා අංශයේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන විලාසිතා දැක්මක් පවත්වා තිබේ. නමුත් එහිදී රැදවියන්ට ලිංගික අතවර සිදුවූ බවට වැලිකඩ වගකිවයුත්තන්ට බරපතල චෝදනාවක් එල්ල වී ඇත. ඔවුන් එය ප්‍රතික්ෂේප කරති. නමුත් ගැටලුවක් ඇත. එනම් ලිංගික අතවර සිදුකල පුද්ගලයකු තමන් එය කල බව කියන්නේද යන්නයි. එබැවින් වැලිකඩ වගකිවයුත්තන් කල යුත්තේ ඒ ගැන වහාම අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කර දෙපාර්තමේන්තු මට්ටමින් විනයානුකුල සහ නීතිමය පියවර ගැනීමයි. නැතිව වැලිකඩ වැඩක් කරන විට මේවා ඉරිසියාකාරයින්ගේ වැඩයි කියා කර බා ගැනීම නොවේ.

3 thoughts on “වැලිකඩ “Beauty Contest “;- ලිංගික අතවර ගැන විදිමත් පරීක්ෂණයක් පවත්වන්න.

  1. shashikala punchihewa පවසයි:

    කාන්තා අංශයේ ප්‍රති සංවිධාන ඇති කරමින් තිබෙන අවස්ථාවක , මෙවැනි නිරුපන දැක්මක් පැවැත්වීම වැරදි සහගත නොවේ යය මගේ මතයය් . රුපලවන්ය පන්ති හා මැහුම් අංශයක දැනුවත් කිරීමේ පන්ති පැවැත්වෙද්දී , ඒවායේ එකතුවක් ලෙස අසහනකාරී මනසක සිටින කාන්තාවන්ට මෙවැනි වැඩ මුළුවක් පැවැත්වීම සුදුසු වේ , කලක සිට වාර්ෂිකව අවරුදු කුමරිය පවා තෝරය් . මේ වන විට අනෙකුත් මුලික පහසුකම්ද සපයමින් පවතින වාතාවරණයක , මෙවැනි චෝදනා එල්ල කිරීම , මෙම වැඩ පිළිවෙලට බාධා කරවන්නකි .දැඩි නිලධාරී රැකවරණයක් මැද මෙම පුහුණුවීම් සිදු වෙද්දී , මෙවැනි දෙයක් සිදුවුවා යයි චෝදනා කිරීම , හාස්‍ය ජනක වේ . සිරකරෝවොත් මනුෂ්‍යයෝය යන්න අප අමතක කල යුතු නොවේ . ඔවුනට විනෝද මාද්‍ය සැපයීමේ ක්‍රමවේදය බන්ධනාගාර පනතේ විධි විධාන වල ඇත . කඩාකප්පල්කාරීන් විසින් පතුරුවාලු ලබන මෙම වැරදි කට කතා හේතුවෙන් , සියලු දේට නිලධාරීන්ට දොස් පැවරීම වැරදි සහගත වේ . සොයා බලා තීරණ ගැනීම යුක්ති සහගත වේ .

  2. Gemma Warren පවසයි:

    @ Shashikala
    you may know the truth.. but we don’t. the best way to clear the name of the Prison Authorities are to hold an independant investigation and publish the result.
    සොයා බලා තීරණ ගැනීමට අධාර වනු පිනිස ස්වධීන පරීක්ශනයක් පවත්වන්න යැයි අප (ජනතාව) ඉල්ලා සිටින්නේ එබැවිනි. පරීක්ශනයේ ප්‍රතිඵල කටකථා වලට පිළිතුරු දෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )