“උබට වැඩිය ලොකු මිනිස්සු අපි ටයර් වල දාලා තියෙනවා”- වාද්දුව පොලිසිය.

මලිදුව ලියනගේ චතුරංග සංජිව 23 හැවිරිදි විවාහක කම්කරුවෙකි. මීගහවත්ත ලියනගොඩ හබරාදුවේ පදිංචිව සිටි. 2012.02.09 දින රාත්‍රියේ 12 ට පමණ වැලි ලොරියක් බෑම සදහා වාද්දුව මහජන බැංකුව ඉදිරිපිට නිවු හාඩ්වෙයාර් නමැති කඩය වෙත ගොස් ඇත. කඩ හිම්යා පවසා ඇත්තේ වැලි උදේට බාන ලෙසයි. මේ නිසා රියදුරු ලොරියෙන් බැස ගොස් ඇති අතර චතුරංග එහි නිදා ගෙන ඇත.
පසුදා උදේ 6.30 ට වාද්දුව පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරියකු එතනට පැමිණ ඔහුගේ රියදුරු බලපත්‍රය ඉල්ලා ඇත. ඔහු එය නැති බව කීවිට පොලිස් නිලදාරියා වාහනය පොලිසියට ගෙන යන ලෙස දන්වා තිබේ.
චතුරංග කිසිත් කර කියා ගත නොහැකිව ඔහු සේවය කරන ස්ථානයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ඒ අවස්ථාවේ එතනට වාද්දුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානදිපතිවරයා පැමිණ උබ කොහේදැයි අසමින් පහර දෙන්නට විය. ඔහු උබට වැඩිය ලොකු මිනිස්සු අපි ටයර් වල දාලා තියෙනවා යනුවෙන් තර්ජනය කරමින් චතුරංගගේ පපුවට සහ මුහුණට පහර දී තිබේ.
පසුව චතුරඟව වාද්දුව පොලිසියට ගෙන ගොස් ඇත. ඔහු පොලිස් ස්ථානයේ පැය දෙකක පමණ කාලයක් වාඩි වී බලා හිද තිබේ. පොලිසිය ඔහුගෙන් ලොරිය පිළිබද ලියවිලි සහ යතුර බාර ගෙන ඇත. පසුව කිසිදු ප්‍රකාශයක් නොගෙන චතුරඟව මුදා හැර තිබේ.

4 thoughts on ““උබට වැඩිය ලොකු මිනිස්සු අපි ටයර් වල දාලා තියෙනවා”- වාද්දුව පොලිසිය.

  1. Mobileman පවසයි:

    දැන් රියැදුරු කෝ?
    ලොරිය තවම පොලිසියේද?
    රියැදුරු ගෙදර යන විට යතුර රැගෙන නොගියේ ඇයි?
    ලැයිසම නැති කෙනකු අතට යතුර දුන්නෙ ඇයි?
    පොලිසියට වැරදීමක් වෙලා කරපු දෙයක් වෙන්නත් පුළුවන්. හරියට විස්තරයක් නොදැන අපි කොහොමද කොමෙන්ට් කරන්නෙ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )