සටහන ; ශෂිකලා දුලශිනි  ජි. පුංචිහේවා

අනාදිමත් කාලයක සිට ශ්රීලංකාව සදාචාරාත්මක සමාජයක් කරා පරිණාම වුවකි. ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයටම බරපතල ගැටලුවක්ව ඇත. මෙම ආපදාවන් මැඩපැවැත්වීම සදහා රජය විසින් නීතිමය රාමුවක් ළමුන් සදහා නිර්මාණය කර ඇත.
සංවර්ධනාත්මක අවදියක් ලෙස ළමා අවදිය ජාත්යන්තරය විසින් පිළිගෙන ඇති බැවින්  ළමුන්ට හිමි මුලික මානව අය්තිවාසිකම් 1989 වර්ෂයදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අය්තිවාසිකම් පිළිබද ප්රප්ඥාප්තිය (CRC) සම්මත කරා ගන්නා ලදී. ළමුන් සදහා පුර්ණ ආරක්ෂාව මේ මගින් සහතික කර ඇති අතර ඒ සදහා මිට අමතරව වෙනත් නීතිමය වටාපිටාවන්ද ශ්රීලංකාව තුල සකසා ඇත. වයස 18 දක්වා ළමුන් ලෙස සලකා මෙම  නීති රජය විසින් අනුමත කොට ඇත.
1        ශ්රීලංකා පොලිසිය
2        ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
3        කම්කරු දෙපාර්තමේන්තුව
4       පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
මෙවැනි වටපිටාවක් තුලද අප රටේ ළමා  අපයෝජනයන් සිදුවන බව  වාර්තා වන සිදුවීම් තුලින් දැක ගත හැක. මෙම වැරදි සදහා දීමට නියමිත දඩුවම්ද කාලීනව සංශෝධනය කර ප්රසිද්ධ මාද්ය ඔස්සේ ජනතාව දැනුවත් කර ඇත. මෑත කාලයේ ළමා නිවාස තුල මෙම අපයෝජන නිරතුරුව සිදුවන ආකාරයක් දැකගත හැක. සියලුම ළමා නිවාස පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුවේ  ලියාපදිංචි යුතු උවද මේ  වනවිට ලැබෙන ලද පැමිණිලි දෙස බැලීමේදී නිත්යානුකුල නොවූ ළමා නිවාසද ඇති බව දැක ගත හැකි විය. මේවා පව්ද්ගලිකවද පුජ්ය ආයතන මගින්ද  රජය මගින්ද  නඩත්තු කටයුතු කරගෙන ගොස් ඇති බව දක්නට ලැබුණි. නමුත් ක්රමවත් අධීක්ෂණයක් ළමා නිවාස සදහා නොවුනි. පාලක මණ්ඩලය පවා නොයෙක් අධිකාරීන් මගින්  පත් කිරීම් සිදුකොට ඇත.
දෙමව්පියන් නැති ළමුන් කිසිදු රැකවරණයක් නොමැතිව යනවිට ඔවුන් කිසියම් ළමා නිවාසයක් වෙත යොමු කිරීම සාමාන්ය සිරිත වේ. මෙය පොලිසිය ල අධිකරණය  මගින්  පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වන්නකි. එහෙත් ඊට අමතරව කිසිදු අධීක්ෂණයකින් තොරව  හිතුමතේ විවිධ ඕන එපාකම් මත හා ආධාර මත  පවත්වාගෙන යනු ලැබූ ළමා නිවාස කීපයක්ද අප රට තුල වූ බව මේ වන විට දන ගන්නට ලැබී ඇත.
මේවා නීතියෙන් තහනම් කල යුතු අතර මෙමගින් සිදුවන අපචාර යම් ආකාරයකින් පාලනය කල හැක. ළමා නිවාස තුල උන් ළමුන් අපයෝජනයට ලක් වුවා සේම අපචාර සදහාද යොමු  වී ඇත. ළමා නිවාස පාලක මණ්ඩලය බොහෝවිට මේ සදහා උදව් කර ඇති අතර ළමුන් විවිධ විෂම ක්රියා සදහා යොමු කිරීමෙන් එම ළමුන් දුෂණයට හා වධහිංසා වලට ලක්ව ඇත.
පිඩනයට ලක් වූ එබදු ළමුන්ගේ මානසිකත්වය හා අනාගතය කෙබදු ආකාරයට සකස් වෙදය් කිව නොහැක. රටක ජීවනාලිය ළමා පරපුරය් ඔවුන් ආරක්ෂා කිරීම අප සතු යුතුකම වන්නේය. රටේ වගකීමද වන්නේය. එම නිසා ළමා නිවාස සම්බන්ධයෙන් ඇති ආරක්ෂක පියවර ගැනීම හා විධිමත් කිරීම තව දුරටත් කල යුතුය. අධීක්ෂණය අදාල අධිකාරීන් වෙත පවරා ල සියලුම ළමා නිවාස නිත්යානුකුල ආයතන බවට පත් කල යුතුය.
රටේ අනාගත පරපුර ආරක්ෂා කිරීමේ වගකීම අප සතු වේ. මේ වන විට ළමා නිවාස තුල වාර්තා වන අපයෝජන ගණන ඉහල යමින් පවතින බව විමසිල්ලට ගත යුතු වේ.
Advertisements