අපරාධය හා දඩුවම

සටහන:- ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා
වනචාරී යුගයේ සිට මිනිස්සු අපරාධ කරති . එවකට පැවැති යුගයේ  වරදට දඩුවම මරනයය් . නමුත් නීති හා සිමා එදා තිබුනේ නැත . මිනිස්සුන්ට කැමති දඩුවමක් දීමට හැකියාව පැවතුනි . නොයෙක් සමාජ අතර වැරදි සිදුඋනි .එදා  ඔවුන්ට ඒවා අපරාධ යය් සැලකීමට උවමනාවක් හා දනුවත්  බාවයක්  නොතිබිණි . මේ අනුව ගැටීම හා සමාජ පෙරලි කීපයක් ඔස්සේ නවීන   සමාජය දක්වා පැවැති පර්යාය වෙනස් උනි .සමාජ වෙනස්කම් මානුෂිය මුහුණුවරක් ගත අතර , ඒවාට ගැලපෙන නීති පද්ධතියක් සකස් කරන ලදී .නිත්යානුකුල සමාජයක මිනිසාට පැවතීමට ස්ථාවරභාවයක් තිබුණි . වරදට දඩුවම පැවැති    හෙයින් , අපරාධ තරමක් දුරට පාලනය විය . නමුත් නිරන්තරයෙන් සමාජ ගැටුම් ඇති  විය . නුතන සමාජය සමහර සමාජ වලට දරා ගත නොහැකි විය .
සමාජ විෂමතාවය හේතුවෙන් පුද්ගල ගැටුම් උත්සන්න විය . නොයෙක් වර්ගයේ අපරාධ බිහි විය . මේ සියල්ලටම හේතු ලෙස  පවතින සමාජ ක්රමය ඉවහල් වුව යය් සිතිය හැක . එබැවින් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවුයේ සමාජය යය් පිළිගන්නට සිදුවේ . අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවන ක්රම කීපයකි .
1         උපන් අපරාධකරු , එනම් මිනිසා ස්වභාවයෙන්ම අපරාධ නැමියා ඇත්තෙක්ය යන හේතු  සාධකය ,
2          ජීව විද්යාත්මක අපරාධකරු , එනම් මිනිසා අපරාධ කිරීමට පෙලෙබෙන හේතු මත ඔහුගේ ශරීර අවයව පිහිට
ඇතිය යන මතය .
3          සමාජීය හේතු මත බිහි වූ අපරාධකරු  එනම් , සමාජය අපරාධකරුව නිර්මාණය කරය් යන මතය .
ඉහත සදහන් හේතු අශ්රිතව අපරාධකරු බිහිවූවා යය් මේ අනුව සිතිය හැක . නමුත් බහුතර පිළිගැනීම වුයේ , සමාජය අපරාධකරු නිර්මාණය කරය් යන නවීන මතයය් . එබැවින් සමාජය නිර්මාණය කරන අපරාධකරු දඩුවම් ලබන්නේ සමාජය විසිනි . මනෝ මුලික සමාජයේ දඩුවම  නිත්යානුකුල විය . එය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනුකුල වුවකි .
මේ වන විට ශ්රීලංකා ආණ්ඩුවේ දඩුවම් ක්රම කීපයක් අපරාධ සදහා ක්රියාත්මක විය .
1       බන්ධනාගාර  ගත කිරීම ,
2       දඩ ගෙවීම ,
3       ශාරීරික දඩුවම් නැත
4       මරණ දඩුවම , මෙයද දැනට ක්රියාත්මක නොවේ .
අපරාධකරුවකු දඩුවම සදහා නිසි ක්රියාදාමයෙන් අනතුරුව  , බන්ධනාගාර ගත වුවාට වරදක් නැත . එය කාලෝචිතය . දඩ ගෙවීමද වරදට අනුව සමජකාලිනය. ශාරීරික දඩුවම් අද වන විට සමාජයට උචිත නොවේ .
අප ජිවත වනුයේ තවමත්  තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය .  මරණ දඩුව අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැක . තව දුරටත් මරණ දඩුවම ක්රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , මිනිසා මරණයට පත්කලට  පසුව වරදට නිසි දඩුවම හා සමාජ සාධාරණත්වය ඔහු වෙනුවෙන් ඉටු නොවන නිසාය .
නීති ප්රතිසන්ශෝධනය විය යුතුය . සමාජයට ගැලපෙන දඩුවම් හා අප අනුගත විය යුතුය . පුනුරුත්ථාපන ක්රියාවලියක අවශ්යතාවය දඩුවම් සදහා ආදේශ කල යුතුය .
ලෝකයේ කිසිදු රටක මරණ දඩුවම ක්රියාත්මක කිරීමෙන් , අපරාධ අඩු වුයේ නැත . වෙනසක් දැකීමට හැකි වන්නේ සමාජ ප්රතිසංස්කරණයන් තුලින් පමණක් බව අප වටහා ගතයුතුය . අපරාධකරුවන් පුනුරුත්ථාපනය කල යුතේ එබැවිනි . ඒ සදහා අවශ්ය විකල්ප යෝජනා සම්මත කර ගන්නවා වෙනුවට දඩුවම් ප්රතිපත්ති  තව දුරටත් වර්ධනය කිරීම සුබසාධක රජයක ප්රතිපත්තියක්  නොවන බව අප වටහා ගත යුතුය .
නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ , එසේ නම් කලයුත්තේ කුමක්දය් සිතීමට විචාරශීලි විය යුතුය .එබැවින්  අපරාධය හා දඩුවම අපරාධ විද්යානුකුල පියවරක් කර යා යුතු බව වටහා දීමට සිදුවේ . .
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: