SIU එකට කරන්න වැඩක්! පානදුර පොලිසියේ තවත් අමන වැඩක්.

මේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය(SIU) ගැන කතා කරන කාලයයි. මේවනවිට පොලිස් පළාත්බද විමර්ශන එකකද පිහිටුවා ඇත. සියල්ලේ අරමුණ සුපිරිසිදු පොලිසියක් බිහි කිරීමයි. නමුත් පොලිස් වදහිංසා ,බොරු නඩු දැමීම් වල අඩුවක් නැත. පානදුරේ 24 හැවිරිදි තරුණයකු වන දිනිදු පැතුම් ප්‍රනාන්දු අද එනම් 2012.07.16 දින තමාට පානදුර පොලිසිය විසින් අමානුෂික වදහිංසා පැමිණවීම ගැන සහ බොරු නඩු දැමීම ගැන මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. ඔහුව 2012.01.04 දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර 2012.07.13 දින ඇප මත මුදා හැර තිබේ. ඒ රුපියල් ලක්ෂ 05 ක් වටිනා ශරීර ඇප 04 ක් හා මුදලින් රුපියල් 5000 ක් මතය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව මොහුට පානදුර පොලිසියේ නිලදාරීන් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. ඒ අතර ඇස් වලට කොච්චි ඉස්ම දැමීම පහරදීම පොලිසියට ගෙන යන අතරමග ඇලක ඔබමින් පහරදීම පොලිසිය තුලදී එල්ලා පහරදීමද වේ. මොහුට එරෙහිව පවරා ඇති වියාජ නඩුව හෙරෝඉන් විකිණීම සහ ලග තබා ගැනීමයි. ඊලග නඩු දිනය 2012.08.12 වන අතර නඩු අංකය 02708 වේ. අවිවාහක තරුණයකු වන පැතුම් 3/3 , ජයන්ති මාවත ,නල්ලුරුව, පානදුර යන ලිපිනයේ පදිංචිව සිටි.
About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )