රණේපුර හේවගේ සම්පත් දේශප්‍රිය අවිවාහක 24 හැවිරිදි තරුණයෙකි. 2011.12.25 දින ඔහුව කිනියාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඔහුගේ මව වන ඇග්නස් ගුනවර්දනට දැන ගන්නට ලැබී තිබේ. නමුත් සැබෑවටම ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය දැන ගැනීමටත් දින කිහිපයකට පෙරදීය. ඇය ඔහු බැලීමට ගිය විට සම්පත්ට පොලිස් නිලදාරීන් විසින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇති බව දැක ඇත. ඔහුගේ ශරීරයේ තුවාල ලැප කැළැල් ඇති අතර යටි පතුල සුදු පැහැ ගැන්වී තිබු බව ඇය පවසන්නීය. කිනියාවල පොලිස් නිලදාරීන් ඇයට පවසා ඇත්තේ මේ බව කොහෙට හෝ පැමිණිලි කලොත් මින් ඉදිරියට පුතා බැලීමට ඉඩ නොදෙන බවයි. මේ මොහොතේත් සිදුවන වදහින්සාවෙන් තම පුතා බේරා දෙන්නයි ඇය ඊයේ ෆැක්ස් මගින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළාය.
URGENT;- කිනියාවල පොලිසිය මේ මොහොතේත් සම්පත්ට වද දෙයි.
පෙබරවාරි 3, 2012
Uncategorized ප්රතිචාරයක් ලබාදෙන්න



