නිවස

VIDEO;- කම්කරු කාන්තාවන් Vs. විදුහල්පතිනිය ; කවුද දිනුම්?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

VIDEO;- මුර බල්ලන් මුර කරන්නේ කවුද? පොලිසිය කාන්තාවකට සැලකු අයුරු.(WIth English Subtitles)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

“නගර සැලසුම් කිරීමේදී ළමුන්ට ප්‍රමුකත්වය” – යුනිසෙෆ්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

යුනිසෙෆ් නගර සැලසුම් කිරීමේදී ළමුන්ට ප්‍රමුකත්වය ලබා දෙන ලෙස ආණ්ඩු වලට අවදාරණය කර සිටි. ලෝකයේ ජිවත්වන ළමුන්ගෙන් බහුතරය නගර වල ජිවත්වන අතර එය ගමේ සිටින ළමුන්ට වැඩිය. 2012 ලොව ළමුන්ගේ තත්වය නමැති මෙම එක්සත් ජාතීන්ගේ අනුබද්ද ආයතනයේ වාර්තාවේ මිලියන සිය ගණනක් ළමුන් ලොව පුරා නගර වල පවතින මුඩුක්කු වල ජිවත් වේ. ඔවුන්ව පිරිසිදු ජලයේ සිට අද්‍යාපනය දක්වා වූ අත්‍යවශ්‍ය සේවා වලින් බැහැර කර ඇත.

ලොව කොටම මිනිසා (චායාරුප එකතුවට යොමු වන්න.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This slideshow requires JavaScript.

VIDEO;- ලක්මාල් සහ ප්‍රදීප්ගේ කතාව;”දානෙට මාළු නැතුවම බැහැ.” (With English Subtitles))

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ජනාදිපති අසාද්ටත් වැඩ වරදින ලකුණු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

එක්සත් ජාතින් සිරියාවේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද සහ බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සිදු කිරීමට අණ දුන්නේයයි ජනාදිපති බෂර් අල් අසාද් ඇතුළු ජෙෂ්ට නිලදාරීන්ගේ ලැයුස්තුවක් නම් කර ඇත. තවද සිරියාව පිළිබද එක්සත් ජාතීන්ගේ සුවාදින ජාත්‍යන්තර කොමිසම සිදුකල පරීක්ෂණ වාර්තාව මේවනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහා කොමසාරිස්වරියට ලබා දී තිබේ. හෝම්ස් නගරයට ෂෙල් ප්‍රහාර එල්ල කරන 20 වන දිනයට එලබ ඇති අවස්ථාවේ සහ සන්ඩේ ටයිම්ස් මද්‍යවේදී මාරි කොල්වින් සහ ප්‍රංස ජාතික චායාරුප ශිල්පී රෙමි ඔචික් ඇතුළු සිය ගණනක් මරා ඇති අවස්ථාවක මෙම වාර්තාව ලබා දීම සිදුව ඇත.

තෙලිකඩ පොලිසියේ මැර ප්‍රහාරයට ලක්වූ ශේෂ්ට්‍රදිකරන නඩුවේ දෙවන සාක්ෂිකරු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔහු SCFR /527/11 දරන ශේෂ්ට්‍රදිකරණයේ විබාග වන තෙලිකඩ පොලිස් OIC  සහ සෙස්සන්ට විරුද්දව පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුවට දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්ෂි ලබා දෙන ලදී. ඔහු ගැටමාන ආරච්චිගේ වසන්තය. හෙතෙම 41 හැවිරිදි දෙදරු පියෙකි. තෙලිකඩ, ගිනිමල්ලගහ, ගාල්ලේ පදිංචිකරුවෙකි.
සිද්දිය වන්නේ 2012.02.16 දින පස්වරු 6 ට පමණය. “ජයසේකර මරලා තමයි ආවේ  OIC  මහත්තය අපිව බේරා ගන්නවා කිවුවා” යනුවෙන් කියමින් පැමිණි දෙදෙනා වසන්තට අමානුෂික ලෙස පහර දෙන්නට විය. ඔවුන් ඔහුගේ ගෙදර බඩු මුට්ටුද පොඩි කරන්නට විය. ශබ්දය ඇසි අවට සෙනග පිරෙන්නට විය.
පසුව රැස්ව සිටි පිරිස වසන්තව ත්‍රිරෝද රථයකින් තෙලිකඩ පොලිසියට ගෙන ගොස් ඇත. එහි ඇන්ට්‍රිය ලියන විට ඔහුට පහරදුන් ලලිත් නොහොත් ලපයා සහ දිනේෂ් නොහොත් පුට්ටුවා පොලිසියටද පැමිණ ඇත. ඔවුන් දෙදෙනා කෙලින්ම ගොස් ඇත්තේ OIC ගේ කාමරයටය. ඔහු එහි නොසිටි බැවින් වසන්ත ලගට පැමිණි විට ඔහුගේ බිරිද පොලිසිය අතුලේදීම මරන්න හදනවයි කැගසා ඇත.
වසන්ත පොලිස් ටිකට් එකගෙන වාහනයකින් කරාපිටිය රෝහලට පැමිණ 10 වන වාට්ටුවට ඇතුළු වී ඇත. තෙලිකඩ පොලිස් නිලදාරියකු රෝහලට පැමිණ ප්‍රකාශයක් ගැනීමට හැදුවිට ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ තමනට තෙලිකඩ පොලිසිය ගැන විශ්වාසයක් නැතිබව කියමිනි. ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ගෙන ඇත. පසුදින ටිකට් කපා ඇත.
තෙලිකඩ පොලිසියට විරුද්දව මේ මුලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ එවකට වයස අවුරුදු 17 ක් වූ සජිත් සුරඟව ප්‍රසිද්දියේ ග්‍රීස් යකකු ලෙස හදුන්වා දෙමින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා වියාජ චෝදනා නගා රක්ෂිත බන්දනාගාර ගත කිරීම ගැනයි. ලලිත් නොහොත් ලපයා සහ දිනේෂ් නොහොත් පුට්ටුවා මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවකු වූ අජිත් ජයසේකරට පහරදීමෙන් අනතුරුව පැමිණ මේ ලෙස වසන්තට එරෙහිව ප්‍රහාරය දියත් කර ඇත. මේ සියල්ල සිදුවන්නේ තෙලිකඩ පොලිස් OIC නාලකගේ අනුදැනුම සහ ආශීර්වාදය මතයි.

ආශ්චර්ය;- තෙලිකඩ පොලිස් OIC ශේෂ්ටාදිකරන නඩුවේ සාක්ෂිකරුවන් දඩයමේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ශේෂ්ට්‍රදිකරණයේ පවතින SCFR /527/11 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ ප්‍රදාන වග උත්තරකරුවකු ලෙස තෙලිකඩ පොලිසියේ ස්ථානාදිපති නාලකව නම් කර ඇත. මේ මුලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ 2011.08.23 දින එවකට 17 හැවිරිදි වියේ පසුවූ සජිත් සුරංගට වදහිංසා පැමිණවීම ගැනයි.
අජිත් ජයසේකර මෙම නඩුවට දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්ෂි ඉදිරිපත් කර තිබේ.  හෙතෙම 39 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. වියාපරිකයකු ලෙස රැකියාව කරයි. ගාල්ල පහරුලවට්ට, ලේල්ලකඩ, ගිනිමල්ලගහ හි පදිංචිව සිටි.
ඔහුට එරෙහි මේ පොලිස් දඩයම සිදුවන්නේ 2012.02.16 දින පස්වරු 05 ට පමණය. එදින ලලිත් නොහොත් ලපයා සහ දිනේෂ් නොහොත් පිට්ටුවා ඔහුව සොයා ගෙන නිවසට පැමිණ ඇත. ලලිත් නොහොත් ලපයා දැනටත් හමුදාවේ සේවය කරයි.
ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමනට ඔහුව(අජිත්ව) මරා දමන්නයි තෙලිකඩ OIC කි බවයි. ඊට පසුව ඔවුන් දෙදෙනා අජිත්ට අමානුෂික ලෙස පහර දී තිබේ. තුවාල ලැබූ අජිත්ව අසල්වාසීන් තේ දළු ගෙන යන ලොරියකින් බද්දේගම රෝහලට ගෙන ගොස් ඇත. එහිදී ඔහුව කරාපිටිය රෝහලට ගෙන යාමට සුදානම් වීමේදී
නැවත වරක් ලපයා සහ පිට්ටුවා එයට බාදා කරන ලදී.
පසුව බද්දේගම පොලිසිය පැමිණ ලපයා සහ පිට්ටුවා අත්අඩංගුවට ගෙන ඇත. තෙලිකඩ පොලිසියට ප්‍රදේශවාසීන් පැමිණිලි කලමුත් ආවේ නැත. අජිත්ව කරාපිටිය රෝහලේ වාට්ටු අංක 10 ට ඇතුලත් කර ඇති අතර 2012.02.18 දින ටිකට් කපා ඇත. අදිකරණ වයිද්‍ය නිලදාරී ඔහුව පරික්ෂා කලමුත් රෝහල් පොලිසිය කලේ නම ලිපිනය ලියා ගැනීම පමණි. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලියා ගැනීම හෝ ඔහුගේ අත්සන ගැනීමක් සිදු කලේ නැත.
තෙලිකඩ පොලිස් OIC වූ නාලක සහ ඔහුගේ ගැත්තෝ තව දුරටත් තෙලිකඩ පොලිසියේ නිරුපද්‍රිතව සේවය කිරීම මෙම නඩුවේ පෙත්සම්කරුවන්ට සහ සාක්ෂිකරුවන්ට බරපතල තර්ජනයක් වී ඇත.
කෙසේනමුත් මේ සිද්දිය මේ රට නීතියක් නොමැති නොසන්දාල ආශ්චර්යක් කරා යන බව සාක්ෂාත් කරන අවනීතිය පිළිබද සිද්දීන් සිය දහස් ගණනින් එකක් පමණි.

ඇෆ්ගනිස්ථානයේ ශීතලෙන් ළමුන් රැසක් මිය යයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

අවුරුදු ගණනාවකට පසු ඇෆ්ගනිස්ථානයේ ඇති වූ දරුණුම ශීතලෙන් පුද්ගලයින් 40 ක් පමණ මියගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් බව වාර්තා වේ. වසර 15 කට පසු කාබුල් හි ඇතිවූ දරුණුම හිම පතනය මෙය බව වාර්තා වෙයි. මේ සතිය අගදී කාලගුණය යහපත් වනු ඇති බවට ඒ රට ජාතික කාලගුණ මද්‍යස්ථානය මත පල කරයි.

කොලබ 10, ශාන්ත ජෝසප් විදුහලේ පාදිලිතැන ළමයාගේ අද්යාපන අයිතිය අහිමි කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

කොලබ 10 ශාන්ත ජෝසප් විදුහලේ අද්‍යක්ෂ/විදුහල්පති සිල්වෙස්ටර් රණසිංහ පියනමය. හෙතෙම ජයකාන්ත ඩියෝන් එමානුවෙල් ශිෂ්‍යාගේ අද්‍යාපනය අයිතිය මේ වන විටත් කප්පාදු කර ඇත.
මේ ශිෂ්‍යාගේ ඉල්ලුම්පත් අංකය Grade – 01/038/2012. 2012.01.20 දින ලිකිතව මෙම ශිෂ්‍යාව පාසලට ඇතුලත් කර ගන්නා බව දන්වා ඇත. ලියාපදිංචිය 2012.01.25 දින පස්වරු 2.30 බවද දැනුම්දී තිබේ.
“දරුවාව දෙමල මාද්‍ය පන්තියට දාන්න නැත්නම් ගෙදර යන්න ” ඒ ලියාපදිංචි අවස්ථාවේ මේ පියනම මේ ශිෂ්‍යාගේ දෙමාපියන්ට අණ කල අයුරුයි. මෙම දෙමාපියන් දරුවාව මෙම පාසලට ඇතුළු කලේ සිංහල මාද්‍යයෙන් අද්‍යාපනය හැදෑරීමටයි.
අපට කීමට ඇත්තේ මේ පමණයි. දරුවා කුමන මාද්‍යයෙන් අද්‍යාපනය හදාරනවද යන්න තීරණය කිරීමේ පරම අයිතිය ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සතු බවයි.

Older Entries