ප්‍රතිචාරයක් ලබාදෙන්න

අම්මා, තාත්තා සහ පුතා යන තිදෙනාටම වාද්දුව පොලිසියෙන් මැර ප්‍රහාරයක්.

This slideshow requires JavaScript.

විදානලාගේ මල්ලිකා කුසුමාවතී ෆොන්සේකා 50 හැවිරිදි දෙදරු මවකි. 190 ඒ දෙල්ගොඩ, දෙල්දුව, වාද්දුවේ පදිංචිව සිටි.
2012.01.05 වැනිදා රාත්‍රී 10 ට පමණ පොලිස් නිලදාරීන් 10 දෙනෙකු පමණ ඇගේ නිවසට පැමිණ ඇත. ඔවුන් කාමරේ නිදා සිටි ඇගේ පුතා බිම දිගේ ඇදගෙන මැද සාලයට ගෙනවිත් ඇත්තේද පහර දෙමිනි. මැද සාලයේදීත් ඔහුට පහර දී ඇත. අවිට කුසුමාවතී සහ ඇගේ සැමියා තම පුතාට පහර දීම වැළැක්වීමට කටයුතු කර තිබේ. එවිට පොලිස් නිලදාරීන් ඔවුන්ටද පහර දී ජීප් එකට දා ගෙන වාද්දුව පොලිසියට ගෙන යාමට කටයුතු කරන ලදී. ජීප් රථය තුලදීත් පුතාට පහර දෙනු දැකීමෙන් ඇගේ සැමියාට පපුවේ අමාරුව සැදී සිහිසුන් වී ඇත.
පසුව පොලිස් නිලදාරීන් ඇගේ පුතාව වාද්දුව පොලිසියට බාර දී ඇයවත් සැමියාවත් තවත් පොලිස් කාන්තාවන් දෙදෙනෙකු සමග පානදුර රෝහලට එම ජීප් රථයෙන්ම ගෙන ගොස් තිබේ. ඇගේ සැමියාව දෙවන වාට්ටුවේ නතර කරගෙන ඇත.
කුසුමාවතිව වාද්දුව පොලිසියට ගෙන ගොස් ඇත. ඇයට පොලිසියේ බිම ඉටිකොලයක දමා නිදා ගැනීමට සිදුවූ අතර කෑමට හෝ බිමට කිසිවක් දී නැත.
2012.01.06 දින කුසුමාවතිව සහ ඇගේ පුතාව කළුතර මහේස්ත්‍රාත් අදිකරණයට ගෙන ගොස් ඇත. ඇයට පුතාට සහ සැමියාට නගා තිබු වියාජ චෝදනාව රාජකාරියට බදා කිරීම, නිල ඇදුමට සහ උපැස් යුවලට අලාබ හානි සිදුකිරීම යන්නයි. කුසුමාවතී සහ ඇගේ පුතාව රුපියල් 50,000/= බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
2012.01.09 දින දහවල් ඇගේ සැමියාව රෝහලින් ටිකට් කපා මුදා හැර ඇත. පසුව ඔහුව කළුතර බන්දනාගාරයට ඉදිරිපත් කර රුපියල් 50000/= ක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
කුසුමාවතී මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන්, නියෝජ්‍ය පොලිස්පති කළුතර සහ ජෙෂ්ට පොලිස් අදිකාරී කළුතර යන බලදරයන්ගෙන් පහත ඉල්ලීම කරයි.
එනම් ” තම පුතාව, සැමියාව, සහ තමාව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහරදී වියාජ නඩු පැවරු වාද්දුව පොලිසියේ අපරාද අංශයේ ස්ථානදිපති ඇතුළු නම් නොදන්නා මුත් දුටුවොත් අදුනගතහැකි නිලදාරින්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් සාදාරනය ඉටු කරන ලෙසත්ය.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )