ප්‍රතිචාරයක් ලබාදෙන්න

මිනිස්සුන්ගේ කන් පලන අමන බුලත්සිංහල පොලිසිය.

අතුකෝරලගේ නිමල්, බුලත්සිංහල පදිංචි දෙදරු පියෙක්. ඔහු කම්කරුවෙක් ලෙස රැකියාව කරනවා.

මේ සිද්දිය වෙන්නේ 2012.01.14 වැනිදා රාත්‍රී 9 ත් 9.30 ත් අතර. ඔහු රෑ කෑම කමින් සිටියදී බුලත්සිංහල පොලිසියේ නිලදාරීන් එනවා. ඔවුන් ගේ පුරාම කසිප්පු හෙවුවා. පසුව නිමල්ව බුලත්සිංහල පොලිසියට ගෙනිච්චා.

ඔහුව කුඩුවට දැම්මා . පසුව එලියට ගෙන ලොකු පොතකට අත්සන් කරන්න කිවුවත් නිමල් බැහැයි කීවට පොලිස් නිලදාරියෙක් ඔහුගේ වම් කනට වැරෙන් පහරක් ගසා ඇත. එවිට නිමල්ගේ ඇස් අන්දකාර වී තිබේ. එම පොතට බලෙන් ඇගිලි සලකුණ ගෙන එම කනට නැවත වරක් පහරදී ඔහුව කුඩුවට දමා ඇත. කුඩුවේදී ඔහුගේ කනේ කැක්කුම වැඩිවූ නමුත් පොලිස් නිලදාරීන් කිසිදු බෙහෙතක් දී නැත.

පසුව ඔහුව පොලිස් ඇප මත නිදහස් කලේ 18 වැනිදා උසාවි එන ලෙස නියම කරමිනි. ඔහු හොරණ රෝහලේ 15 වැනිදා සිට 18 වැනිදා දක්වා නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇත. රෝහල් පොලිසිය කටඋත්තර ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදරිවරයාද ඔහුව පරික්ෂා කර තිබේ. ඇස් කන් නාස පිළිබද වයිදයවරයෙකු ඔහුගේ කන් බෙරය පැලි ඇති බව දන්වා ඇත.

18 වෙනිදා නිමල් වෙනුවෙන් අදිකරණයේ පෙනීසිටි නීතිඥවරිය පොලිස් පහරදීම අදිකරණයේදී වාර්තා කර ඇත. එදින නිමල්ට රෝහලේ සිටි බැවින් උසාවීයාමට නොහැකිවී තිබේ. නඩුව අරක්කු පිළිබද එකක් වන අතර ඊලග නඩු දිනය පෙබරවාරි පළමු වැනිදාය.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )