100 වැනි උපන් දිනයට අපෙන් සුබ පැතුම්.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට වසර 100 කි. ඒවෙනුවෙන් දකුණු අප්‍රිකාව පුරා උත්සවශ්‍රීයෙන් මෙම සියවැනි උපන් දිනය සැමරිණි. බලන්න චයාරුප එකතුව.

This slideshow requires JavaScript.

මේ පුංචි රටේ මක්කටයි වෙනම රාජ්ජයක්.

ඉන්දීය බාහිර කටයුතු අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණ ජනවාරි 16 ලංකාවට පැමිණීමට නියමිතය. ඔහුගේ නියාය පත්‍රයේ දේශපාලන එකගතාවකට හා සමාන වැදගත්කමක් අවතැන් වූ පුද්ගලයින්ට නිවාස ලබාදීමේ වියපෘතියට හිමිවේ.
මේ පුංචි රටේ තමනට වෙනම රජ්ජයකට ඉඩක් නොමැතිබව බුද්දිමත් දෙමල ජනයා පසක් කරගෙන බොහොකල්ය. එය සියලු රටවැසියන්ගේ ප්‍රීතියට හේතු විය යුත්තකි. නමුත් ඔවුන් අන්තවාදය කරා තල්ලු නොකිරීමේ බාර දුර වගකීම මේ රට දකුණේ වැසියනට ඇත.
ඒ සදහා කලයුතු බොහෝදේ අතර උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ප්‍රමුකස්ථානයේ පවතී. එහි එක නිර්දේශයක් වන්නේ සුවාදින පොලිස් කොමිසමක් පිහිටුවීමය. ලෝකයේ යම් රටක ආණ්ඩුව ජනතාව මර්දනයට පොලිසිය යාදෝ නොගන්නේනම් ඒ රටවල පැහැදිලිවම පොලිසියේ කටයුතු අදික්ෂණයට සුවාදින ආයතනයක් ඇත. ඒ අනුව මෙහි ප්‍රතිලාබය සියලු ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.
එසේ නොකරන්නේ නම් ඒ ගැන රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කල යුතුය. සමහරවිට අපට අරාබි වසන්තයේ හා සමාන විරෝදතාවන්ට යොමුවීමටද සිදුවෙනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ යහපාලනය ගොඩනැගීමට උතුරේ අවතැන් වුවන්ගේ ප්‍රශ්නය විසදා දේශපාලන විසදුමක් සදහා ආණ්ඩුවේ කඩිනම් අවදානය ලබා ගැනීමට ඉතා දැඩි ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑමක් ක්‍රියාත්මක වියයුතුය. මෙහිදී ඉන්දීය බලපෑමද වැදගත් වේ.

වැඩියෙන් සපා කන්නේ ගෙවල් වල ඇති කරන බල්ලෝ.

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිදාන දඩාවතේ යන බල්ලන් සමුහ ගාතනයට පෙර ඒ ගැන නිසි පර්යේෂණයක් කරන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මිනිසුන්ව වැඩියෙන් සපාකන්නේ දඩාවතේ යන බල්ලන් නොව ගෙදර ඇති කරන බල්ලන්ය.

“බල්ලන් සපා කෑමෙන් විනාශවන මිනිස් ජීවිත බේරාගැනීමට පැරණි නීතිරීති යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට දන්වා සිටි බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා මේ වන විට අයාලේ යන බල්ලන් 30000 ක් සිටින බවත් මෙම බල්ලන් එන්නත් කිරීමට වසරකට රුපියල් කෝටි 3ක මුදලක් වැය වන බවත් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. එන්. උඩුගම මහතා ප්‍රකාශ කළේය. මෙහිදී පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා දඩාවතේ යන බල්ලන් රෝහල්වල වෛද්‍යවරුන් පවා සපා කන බවත් දිවයින පුරා බල්ලන් සපා කෑමෙන් වසරකට මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන බවත් ඇමැතිවරයා කීය.

බල්ලන් විනාශ කිරීමට නව නීති අවශ්‍ය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා සත්ව අවිහිංසා සංවිධාන ඇත්නම් ඔවුන් විසින් අයාලේ යන බල්ලන් බලා ගත යුතු යැයි ද සඳහන් කළේය. මෙම රැස්වීම අමතා සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරු ද කතා කළහ.” 2012.01.08 – දිනමිණ