ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිතරගයෙන් තේරීපත්වූ සබාපති උපාලි දර්මදාස පුජාවක් පවත්වා සියලු දෝෂ නිවාරණය කර වැඩට බැස ඇත. ඔහු පවසන්නේ තමා වියාපරිකයකු බැවින් මේ පුජාවන්හි වටිනාකම දන්නා බවයි. අපට පෙනෙන ආකාරයට ඔහු පුජා වල වටිනාකම පමණක් නොව ඇස්ටන් මාටින් තෑගි දීමේ අනුහසද හොදින් දනී.
Daily Archives: ජනවාරි 5, 2012
මුණු පොතේ “ශික් හසිනා” ගැන ලිවාට සිරදඩුවම්.
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට මාස 06 ක සිරදඩුවමක් නියම වේ. ඒ අගමැති ශික් හසිනාව අන්තර් ජාලයේ මුණු පොතේ විව්චෙනය කරමින් සටහන් යෙදීම ගැනයි. රාහුල් කතන්දකර්ට අදිකරණ කැදවීමට අනුව ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට නොහැකි විය. ඒ අනුව අදිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් සිරදඩුවම් නියම විය. ගිය වසරේ ඔහු මුණු පොතේ ශික් හසිනා මැරෙනවනම් හොදයි යනුවෙන් ලිවූ බව මහාදිකරන නිලදාරීන් පවසති.
සැකකරුවන්ගෙන් සල්ලි හොරකම් කිරමට තරම් පොලිසිය නීච වී ඇත.
මෙසේ තම බාරයේ සිටින සැකකරුවකුගේ බැංකු ගිණුමෙන් මුදල් සොරාගෙන ඇත්තේ මත්ද්රවිය නාශක අංශයේ පොලිස් නිලදාරියෙකි. සුජිත් කුමාර නම් සැකකරුගේ නීතිඥයා මේ ගැන අදිකරණයට වාර්තා කිරීමෙන් පසුව කොලබ මහේස්ත්‍රාත් අදිකරණය මේ ගැන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉරිපත් කරන ලෙස පොලිස්පතිට නියෝග කර ඇත. මෙම පොලිස් නිලදාරියා සැකකරුට බලපෑම් කර පුද්ගලික හැදුනුම් අංකය නැතිනම් පින් නම්බරය සැකකරුගෙන් ලබා ගෙන තිබේ. මෙසේ රුපියල් 20 000 ක මුදලක් ගත් බව බැංකු ලියවිලි වල සටහන් ව ඇති අතර පොලිස් නිලදාරියා මුදල් ගන්නා ආකාරය බැංකුවේ ආරක්ෂක කැමරා වල සටහන්ව ඇත.


