නිවස

මුද්දක් නිසා බැට් පිත්තකින් පහරකැ සිසුවා දින දෙකක් රෝහලේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉක්කගොඩ ආරච්චිලාගේ පුෂ්ප නදීෂාන් 15 හැවිරිදි හෝමාගම ජනාදිපති විදුහලේ 10 වසරේ ඉගෙන ගන්නා සිසුවෙකි. ඊ ඒ ගුණතිලක මහතා ඔහුගේ පියාය. ඔහු තම පුතාට වදහිංසා පැමිණවීම පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, ළමා හා අපයෝජන නිවාරණ කාර්යන්සයට ලිකිතව පැමිණිලි කළේය.
මුද්ද සොරා ගත්තයි කියා නදිශාන්ව එහි අයිතිකරුවන් වන ශ්‍රියානි අජිත් සහ නලින් ඔහුව තම නිවසේ සගවා තබා ගෙන පහර දෙන ලදී. ඔහුව පාදුක්ක පොලිසියට ගෙන යාමෙන් අනතුරුව එහි නිලදාරියකු මුද්ද ගැන අසමින් අත් දෙක උස්සන්නට කියා පැය බාගයක පමණ කාලයක් ඔහුගේ පිටට බැට් පිත්තකින් පහරදී ඇත. ඔහුව පොලිස් කුඩුවටද දමා තිබේ.
2011.12.27 උසාවි දමා ඇප මත නිදහස් කර ඇත. එම වියාජ නඩුවේ අංකය 484/11 C වේ.
නිදහස්වීමෙන් පසුව නදීෂ දින දෙකක් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරිද ඔහුව පරීක්ෂා කර තිබේ.

2012 දී බන්දුලට නිදහසේ රැකියාව කිරීමට ඉඩ දෙමු. කවුද මේ “පොලිස්”?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මානෙල් මාලගේ බන්දුල ප්‍රේමචන්ද්‍ර 30 හැවිරිදි අවිවාහක වියාපාරිකයෙකි. හෙතෙම ගල්හෙනවට්ට බුලත්සිංහල පදිංචිව සිටි. හෙතෙම බන්දුල ස්ටෝස් හි හිමිකරුය.
2011.12.26, 2011.12.28, සහ 2011.12.29 යන තෙදින රාත්‍රී 7.30 ට පමණ සුදුපාට අංක 62 – 1680 දරන ඉසිසු වැන් රථයෙන් පුද්ගලයින් 06 දෙනෙකු පමණ කඩයට පැමිණ තිබේ. එම වාහනයේ පොලිස් යන වචනය සදහන්ව තිබී ඇත.
ඔවුන් කඩයට පැමිණි සිටි අයගෙන් තොරතුරු විමසමින් කඩේ කටයුතු වලට බාදාකාරී වන ලෙස හැසිරී ඇත. අවසානයට පැමිණි 29 වැනිදා කඩයට මිනිසුන් පැමිණියහොත් බන්දුලව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කොට ගොස් ඇත.
බන්දුල මේ පිලිබදව 2011.12.30 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට පැමිණිලි කරන ලදී.

උතුරේ හමුදා ලොක්කා අදිකරණයට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ජන අරගල වියාපාරයේ අතුරුදහන් වූ ක්‍රියාකාරීන් දෙදෙනාගේ දෙමාපියන් ඉදිරිපත් කල පෙත්සම අබියාචනා අදිකරණය විබාගයට ගනී. උතුරේ හමුදා ප්‍රදානියා අදිකරණය ඉදිරියට පමුණුවන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඊජිප්තු ඇමෙරිකන් සබදතා අනතුරේ.

එක් ප්‍රතිචාරයක්

ඊජිප්තු ආරක්ෂක අංශ රාජ්‍ය නොවන සංවිදාන වැටලීම පිලිබදව ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල පල කර සිටි. මෙම වැටලීම් වලට ඉහල පෙලේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිදාන බදුන් විය. හිටපු රාජ්‍ය ලේකම් මැඩරිලින් ඔල්බ්‍රිට් විසින් පිහිටවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සහ රිපබ්ලිකන් සෙනට් සබිකයකු වන ජෝන් මැකින් සබාපතිත්වය දරන ජාත්‍යන්තර ජනරජ ආයතනය ද මෙම වැටලීම් වලට බදුන්වූ සංවිදාන අතර වේ.

 

 

ඊජිප්තු පොලිසිය මානව හිමිකම් දඩයමේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

කයිරෝ මුලස්ථානය කරගෙන පිහිටි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ කණ්ඩායම් වැටලීම එරට ආරක්ෂක අංශ විසින් ආරම්බ කර තිබේ. හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලින් අල්බ්‍රිට් විසින් ආරම්බ කල එක්සත් ජනපද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සහ ජාත්‍යන්තර ජනරජ ආයතනය ඒ අතර වෙයි.
මෙම වැටලීම් වලදී පොලිසිය අදාල කාර්යමණ්ඩල කාර්යාලය තුල සිරකර තබා ගත් අතර ඔවුන්ට දුරකථන ඇමතුම් ගැනීමද තහනම් කරන ලදී. මෙම වැටලීම් වලට විහාල ගණනක් ඊජිප්තු සහ ජාත්‍යන්තර කණ්ඩායම් ඉල්ලක්කය විය. මෙය විදේශ ආදාර ලැබෙන සිවිල් සමාජ කණ්ඩායම් පුළුල්ව විමර්ශනය කිරීමේ එක අංගයක් පමණි.

ආන්දෝලනාත්මක නායකයාගේ ගමනක අවසානය.

ප්‍රතිචාර 2

චායාරුප එකතුව.

This slideshow requires JavaScript.

පුවත් දෙකක්. හරි සෙල්ලමක් !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 
පළමු පුවත.
ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහලල දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් ලියූ පුවරු ඔවුන් අත විය. ළමා හිසංන නවත්වන ලෙස ඒවායේ සඳහන් විය.
දෙවන පුවත.
හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්ග පුවනේෂ්වරම් :4* මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මවල 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.
මේ දේවල් සිදුවන්නේ සමුගන්නා විට දුරකථන සංවාදයක් පවා අවසන් කරන විට බුදු සරණයි කියන කරුණාව දයාව මයිත්‍රීය පෙර දැරි කරගත් රටකය. ළමා හිංසනය නවත්වන්නයි පෙළපාලි ගොස් වැඩක් නැත. රටේ නිතිය හරියට ලොකු කුඩා බේදයකින් තොරව ක්‍රියාත්මක කල යුතුය.

ඊජිප්තු විරෝදතා වලට සහබාගි වන කාන්තාවන්ගේ කන්‍යාබාවය පිරික්සීම නිතිවිරෝදියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

අගහරුවාදා ඊජිප්තුවේ කාන්තා රැදවියන්ගේ කන්‍යාබවය බලහත්කාරයෙන් පරික්ෂාකිරීම නීතිවිරෝදී කෙරිණි. එය සිදුවුයේ එය අවසන් කරන ලෙස අදිකරණ නියෝගයක් ලැබීම නිසාය. විනිසුරු තීරණය ඇසීමට සියගණන් ක්‍රියාකාරීන් කයිරෝ අදිකරණයට රැස්ව සිටියහ. තීන්දුව දුන්නේ අලි ෆකි විනිසුරුවරයාය. නඩුව පවරා තිබුනේ සමිරා ඉබ්‍රහිම්ය. ඇය මාර්තු 09 ටිහර් චතුරශ්‍රයේ විරෝදතා වලට සහබගිවිම නිසා අත්අඩංගුවට ගෙන කන්‍යා බාවය පිරික්සීමට ලක්වූ කාන්තාවන් 07 දෙනාගෙන් එක් අයෙක් වේ. විනිසුරු කිවේ හමුදා කදවුරු වල සිටින කාන්තාවන් සම්බන්දයෙන් හමුදාව මෙම පරීක්ෂණය නොකළ යුතු බවයි.

මේ මල් කැකුල රැක ගනිමු.

ප්‍රතිචාර 2

පස් මස් වියැති මේ බිළිදියගේ නම දුල්නාරා සහන්ලි ගමගේය. සුදර්ශනී කළුබෝවිල සහ චානක ලසන්ත ගමගේ ඇගේ ආදරණිය දෙමාපියන්ය.
ඇයි අපි දුල්නාරා ගැන මෙසේ ලියන්නේ?
ඇයට ඔබේ පිහිට අවශ්‍යයි. මක්නිසාද මේ කුඩා දියණියට අක්මාවක් බද්ද කිරීමට අවශ්‍ය බැවිනි. මේ සදහා යන වියදම රුපියල් ලක්ෂ 75 කි. ඔබට මේ මල් කැකුල රැක ගැනීමට උදවු කල හැකියි.
ඇගේ දෙමාපියන්ගේ ඊ මේල් ලිපිනය – sudarshanik@yahoo.com
    TEL – 071 8039659

වෙනිසුලාව;- විනිසුරු නොසලකා හැර 141 කට චාවේස් සමාව.

ප්‍රතිචාර 3

නත්තල වෙනුවෙන් වෙනිසුලා ජනාදිපති සිරකරුවන් 141 දෙනෙකු නිදහස් කරයි. නමුත් දැඩි ඉල්ලීමක් වූ එරට සිරගත කර සිටින හිටපු විනිසුරුවරයා නිදහස් කර නැත. මේ විනිසුරු සිරගත කිරීම එරට අදිකරණ පද්දතියට ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් මෙන්ම දැඩි විවේචන වලට හේතුවූ සංසිද්දියක් විය. ඔහුව සිරගත කලේ 2009 වසරේදීය.

Older Entries