උබලා ඉස්පිරිතාලේ නැවතුනේ අපිට කෙලවන්නද?

ඔහු ළමයෙකි. වයස අවුරුදු 17 ක් වන ඔහු නමින් සජිත් සුරංගය. ගාල්ලේ පදිංචිකරුවෙකි.
2011.08.23 දින රාත්‍රියේ ඔහුව තෙලිකඩ පොලිසියේ පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසියට ගෙන යාමටත් පෙර පොලිස් නිලදාරියෙකු සජිත්ගේ කනට දැඩි පහරක් එල්ල කළේය.
තෙලිකඩ පොලිසියට ගෙන යාමෙන් අනතුරුව පොලිස්කාරයින් ඔහුගේ පපුවට සහ මුහුණට අතින් පයින් පහරදී බැටන් පොලු වලින් කකුල් වලට පහර දෙන ලදී. පොලිසියේ තිබු සිමෙන්ති කණුව වටේ සජිත්ගේ අත් දෙක යවා පොලිස් කාරයින් දෙදෙනෙකු ඔහුගේ අත් දෙකෙන් ඇද සිටින විට තවත් පොලිස්කාරයින් දෙදෙනෙකු බැටන් පොලු සහ අතින් පයින් සජිත්ගේ ශරීරයට පහර දුන් අතර මේ පහරදීම පැයක පමණ කාලයක් පැවතිනි.
                                 තුවාල කැලැල්
සජිත්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය බැලීමට රැස්වූ සෙනගට පොලිසිය ඔහුව හදුන්වා දී ඇත්තේ ග්‍රීස් යකෙකු ලෙසයි.
24 වැනිදා ඔහුව සහ ඔහු සමග අත්අඩංගුවට ගත් සුසන්තව රෝහලකට ගෙන ගොස් ඇති අතර ඔවුන්ව වයිද්යවරයා පරික්ෂා කර ඇත්තේ පොලිස්කාරයින් ඉදිරිපිටදීය. සජිත් තමාට පොලිසිය පහර දුන් බව වයිද්‍යවරයට කියා ඇත.
එදින සවස ඔවුන්ව බද්දේගම මහේස්ත්‍රාත් අදිකරණයට ගෙන ගිය අතර සජිත්ට එරෙහිව කාන්තාවකට අතවර කිරීම පිළිබද වියාජ චෝදනාවක් නගා තිබිණි. සජිත් වෙනුවෙන් පෙනී සිටි නිතින්ඥයා පොලිස් පහරදීම ගැන අදිකරණයට කරුණු කියා සිටින ලදී. සජිත්ව සහ සුසන්තව 2011.09.07 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරුනා.
ඇප ලැබීමෙන් පසුව සජිත් කරාපිටිය රෝහලට ඇතුළුව ප්‍රතිකාර ගත්තා. අදිකරණ වයිද්‍ය නිලදාරී ඔහුව පරික්ෂා කල අතර රෝහල් පොලිසියද කට උත්තර ගත්තා. 2011.09.10 දින ඔහුගේ ටිකට් කැපුවා.
ඔහු ටිකට් කපා ගෙන ගෙදර එමින් සිටියදී ඔහුට තෙලිකඩ පොලිසියේ ස්ථානාදිපති ඇතුළු පොලිස්කාරයින් කිහිපදෙනෙක් හමුවුනා. ඔවුන් “උබලා ඉස්පිරිතාලේ නැවතුනේ අපිට කෙලවන්නද බලහන් මාස තුනකටවත් උබළාව ඇතුලට යවනවා” යනුවෙන් සජිත්ට තර්ජනය කළා.
                                    සජිත් සහ පියා

අපි කැමතියි රාජපක්ෂ අපේ වෙනවා දකින්න !

2008 වසරේ සිට ජනසංසදය වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් පවත්වාගෙන යයි. ඊයේ එහි පැමිණි දමිල ජාතික ඉංජිනේරුවරයකු ඉහත ප්‍රකාශය කළේය. ඔහු වැඩිදුරටත් කිවේ තමන් රාජපක්ෂට විරුද්ද නැති මුත් යාපනයට පමණක් සිමා වූ දෙමල ජනයා ලියාපදිංචිය අසාදාරන මෙන්ම සුළු ජාතින් වෙනස් කමකට බාජනය කිරීමක් බවයි.
මෙවර ජනසංසදය පොත් කුටිය H ශාලාවේ අංක 396 හි පැවැත්වේ. එහිදී ලබා ගතහැකි පොත් සියල්ල මානව හිමිකම් සහ නීතියට අදාලයි. බොහොමයක් පොත් ජනසන්සදයේ ප්‍රකාශන වන අතර හොන්කොන් හි ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශන හා ස්ත්‍රී පුරුෂ සමාජ බාවය ගැන තිලිනා වීරසිංහ සහෝදරියගේ පොත්ද මෙහිදී ලබා ගත හැක.
පොත් ලබා ගන්නන් අතර පොලිසියේ සහ හමුදා නිලදාරින්ද සිටීම සුවිශේෂී කරුණකි. එක් පොලිස් ලොක්කෙකු අකුණ පොත සහ අනෙකුත් මානව හිමිකම් උල්ලන්ගනයන්ට අදාල පොත් ගැන කිවේ දැන් පොලිසියේ ක්‍රියා මාකට් වන බවත් පොඩි දේවල් ලොකු කර ලියන බවත්ය. අකුණ යනු සෑම සිකුරාදාම දිනමිණ පත්‍රයේ පල වන අකුණ විශේෂාංගය ලිපි පෙලේ එකතුවකි.
මෙම අලෙවි කුටියේදී ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදනයද බැසිල් ප්‍රනාන්දු මහතාගේ ගයිගස් රින් ද යනුවෙන් රටට වින කරන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව සහ ජේ ආර් පාලනය ගැන ලියවුනු අලුත්ම පොතද ලබා ගත හැක.
පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය හෙටයි.