ෆොන්සේකා හමුදාපතිව සිටියදී……..

දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්නල වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේයග රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.
1978 සිට අද දක්වා මෙරට අපරාද යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල පලිගැනීමට ලක්වන්නේ සරත් ෆොන්සේකා පමණක් නොවේ. මේහි  99% කම ගොදුර බවට පත්වුයේ සාමාන්‍ය දුප්පත් ජනතාවයි. නමුත් මේ පොලිසිය, අදිකරණය, නීති පොත් “රිසච්” කරන අයට වැඩමුළු පවත්වන්නන්ට හොද ඉල්ලම්ය. සරත් ෆොන්සේකා සහ ඔහුගේ නිතින්ඥයින් අතීතයේදී එනම් ෆොන්සේකා හමුදාපතිව සිටියදී, සාමාන්‍ය ජනයා පිඩාවට පත් වන විට කෙල පිඩක් හෙළුවද?

ළමා නිවාස හා අපයෝජන

සටහන ; ශෂිකලා දුලශිනි  ජි. පුංචිහේවා

අනාදිමත් කාලයක සිට ශ්රීලංකාව සදාචාරාත්මක සමාජයක් කරා පරිණාම වුවකි. ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයටම බරපතල ගැටලුවක්ව ඇත. මෙම ආපදාවන් මැඩපැවැත්වීම සදහා රජය විසින් නීතිමය රාමුවක් ළමුන් සදහා නිර්මාණය කර ඇත.
සංවර්ධනාත්මක අවදියක් ලෙස ළමා අවදිය ජාත්යන්තරය විසින් පිළිගෙන ඇති බැවින්  ළමුන්ට හිමි මුලික මානව අය්තිවාසිකම් 1989 වර්ෂයදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අය්තිවාසිකම් පිළිබද ප්රප්ඥාප්තිය (CRC) සම්මත කරා ගන්නා ලදී. ළමුන් සදහා පුර්ණ ආරක්ෂාව මේ මගින් සහතික කර ඇති අතර ඒ සදහා මිට අමතරව වෙනත් නීතිමය වටාපිටාවන්ද ශ්රීලංකාව තුල සකසා ඇත. වයස 18 දක්වා ළමුන් ලෙස සලකා මෙම  නීති රජය විසින් අනුමත කොට ඇත.
1        ශ්රීලංකා පොලිසිය
2        ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
3        කම්කරු දෙපාර්තමේන්තුව
4       පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
මෙවැනි වටපිටාවක් තුලද අප රටේ ළමා  අපයෝජනයන් සිදුවන බව  වාර්තා වන සිදුවීම් තුලින් දැක ගත හැක. මෙම වැරදි සදහා දීමට නියමිත දඩුවම්ද කාලීනව සංශෝධනය කර ප්රසිද්ධ මාද්ය ඔස්සේ ජනතාව දැනුවත් කර ඇත. මෑත කාලයේ ළමා නිවාස තුල මෙම අපයෝජන නිරතුරුව සිදුවන ආකාරයක් දැකගත හැක. සියලුම ළමා නිවාස පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුවේ  ලියාපදිංචි යුතු උවද මේ  වනවිට ලැබෙන ලද පැමිණිලි දෙස බැලීමේදී නිත්යානුකුල නොවූ ළමා නිවාසද ඇති බව දැක ගත හැකි විය. මේවා පව්ද්ගලිකවද පුජ්ය ආයතන මගින්ද  රජය මගින්ද  නඩත්තු කටයුතු කරගෙන ගොස් ඇති බව දක්නට ලැබුණි. නමුත් ක්රමවත් අධීක්ෂණයක් ළමා නිවාස සදහා නොවුනි. පාලක මණ්ඩලය පවා නොයෙක් අධිකාරීන් මගින්  පත් කිරීම් සිදුකොට ඇත.
දෙමව්පියන් නැති ළමුන් කිසිදු රැකවරණයක් නොමැතිව යනවිට ඔවුන් කිසියම් ළමා නිවාසයක් වෙත යොමු කිරීම සාමාන්ය සිරිත වේ. මෙය පොලිසිය ල අධිකරණය  මගින්  පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වන්නකි. එහෙත් ඊට අමතරව කිසිදු අධීක්ෂණයකින් තොරව  හිතුමතේ විවිධ ඕන එපාකම් මත හා ආධාර මත  පවත්වාගෙන යනු ලැබූ ළමා නිවාස කීපයක්ද අප රට තුල වූ බව මේ වන විට දන ගන්නට ලැබී ඇත.
මේවා නීතියෙන් තහනම් කල යුතු අතර මෙමගින් සිදුවන අපචාර යම් ආකාරයකින් පාලනය කල හැක. ළමා නිවාස තුල උන් ළමුන් අපයෝජනයට ලක් වුවා සේම අපචාර සදහාද යොමු  වී ඇත. ළමා නිවාස පාලක මණ්ඩලය බොහෝවිට මේ සදහා උදව් කර ඇති අතර ළමුන් විවිධ විෂම ක්රියා සදහා යොමු කිරීමෙන් එම ළමුන් දුෂණයට හා වධහිංසා වලට ලක්ව ඇත.
පිඩනයට ලක් වූ එබදු ළමුන්ගේ මානසිකත්වය හා අනාගතය කෙබදු ආකාරයට සකස් වෙදය් කිව නොහැක. රටක ජීවනාලිය ළමා පරපුරය් ඔවුන් ආරක්ෂා කිරීම අප සතු යුතුකම වන්නේය. රටේ වගකීමද වන්නේය. එම නිසා ළමා නිවාස සම්බන්ධයෙන් ඇති ආරක්ෂක පියවර ගැනීම හා විධිමත් කිරීම තව දුරටත් කල යුතුය. අධීක්ෂණය අදාල අධිකාරීන් වෙත පවරා ල සියලුම ළමා නිවාස නිත්යානුකුල ආයතන බවට පත් කල යුතුය.
රටේ අනාගත පරපුර ආරක්ෂා කිරීමේ වගකීම අප සතු වේ. මේ වන විට ළමා නිවාස තුල වාර්තා වන අපයෝජන ගණන ඉහල යමින් පවතින බව විමසිල්ලට ගත යුතු වේ.

අපේ පැවිද්දෙක් බටහිර ලන්ඩනයේදී වැඩ පෙන්වයි.

1970 දී බාල වයස්කාර දැරියකට සිදු කළා යැයි කියනු ලබන ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් ඊයේ (19) ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට 65 වන වියේ පසුවන විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ශ‍්‍රී ලංකාව බලා යාමට සූදානම් වෙද්දීය. 1977 දී 78 දී තවත් අපචාර 3 ක් ඇතුළු මෙසේ බාල අපචාර චෝදනා 4 ක් යටතේ අත්අඩංගුවට රැගෙන ඇත.
විහාරාධිපති හිමියන් මේ වන විට ෆෙල්ත්හැම් අධිකරණයෙන් ඇප මත නිදහස්ව ඇති අතර, සැප්තැම්බර් 23 දා මේ සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

මාහට නිදහසේ රැකියාව කරගෙන ජීවත්වීමට ඉඩ දෙන්න.

50 හැවිරිදි කළුතරගේ ලලිත් නන්දන විවාහක එක් දරු පියෙකි. ඔහුගේ රැකියාව සංචාරක මගපෙන්විමයි. ඔහු 490, හමන් ස්ටේට්, 2 වන අදියර, ගං ඉම, දොඩන්ගොඩ පදිංචිකරුවෙකි.
2011.09.02 දින දහවල් දෙකට පමණ කළුතර දකුණ පොලිසියේ අජිත් නමැති පොලිස්කාරයා විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොලිසියට ගෙන ගොස් කිසිම ප්‍රකාශයක් නොගෙන මුදා හැර ඇත. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව කීමට පොලිසිය නීතියෙන් බැදී ඇතත් එය සිදු කර නැත.
2011.09. 08 දින පෙර පරිදිම කළුතර දකුණ පොලිසිය ලලිත් නන්දනව අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ඔහුට විරුද්දව ප්‍රසිද්ද ස්ථානයක දුම්බීම පිළිබද දාපු නඩුවකට වරෙන්තුවක් ඇති බව කියා කුඩුවට දමන ලදී.
ඔහුව 2011.09.09 දින අදිකරණයට ඉදිරිපත් කර රුපියල් 1500 ක දඩයක් ගෙවීමෙන් අනතුරුව මුදා හැර ඇත. ලලිත් නන්දන එය බොරු නඩුවක් බව කියයි.
ලලිත්ට උසාවි කුඩුවට නැගීමටත් පෙර එම දඩය නියම කර ඇති අතර ඔහුට තම නිවැරදි බව කීමට අවස්ථාවක් ලැබී නැත. එම නඩුවේ අංකය 88747 වේ.
මෙම දිගින් දිගටම සිදුවන පොලිස් හිරිහැර වලට හේතුව කුමක්ද? ලලිත් නන්දන 2005 වසරේදී කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ ඔහුගේ සංචාරක මගපෙන්වීමේ බලපත්‍රය වෙනත් පුද්ගලයකු නීතිවිරෝදී ලෙස බාවිතා කිරීම සම්බන්දයෙනි. එහෙත් 2010 වනතුරුම පොලිසිය ඒ ගැන කටයුතු කලේ නැත.
ලලිත් මේ ගැන පොලිස්පතිවරයාට සහ ජනාදිපතිවරයට පැමිණිලි කරන ලදී. 2011 අප්‍රියල් මාසයේ දිනක මේ ගැන පරික්ෂා කිරීමට ලලිත්ව කළුතර දකුණ පොලිසියට කැදවා ඇත. එහිදී ඔහුට කරුණු තේරුම් කර නොදී ප්‍රකාශයකට අත්සන් කරන්නයි කියා තිබේ. නමුත් ලලිත් එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ නිසා කළුතර දකුණ පොලිසිය ඔහු සමග අමනාපයෙන් පසු වේ.