” බලන්න සාජන් මම ගහලා තියෙන්නේ බයෝ සයන්ස් කරපු කොල්ලෙකුටනේ”…

2011.09.04 දින 25 හැවිරිදි අවිවාහකයකු වන බුද්දිකව වදුරබ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ පොලිස්කාරයින් සිවිල් ඇදුමින් සිටිය අතර ඔහුව පොලිසියට රැගෙන ගියේ ත්‍රිරෝද රථයක දමා ගෙන. අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතුව බුද්දික විමසු නමුත් පොලිස්කාරයින් ඒ දේ කිවේ නැත. එදින හවස මහේස්ත්රත්ගේ බංගලාවට ගෙන ගිය බුද්දිකව 2011.09.09 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කළා. පොලිසිය කියූ ආකාරයට චෝදනාව කුණුහරුප ගී ගැයීම. 09 වැනිදා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත බුද්දික නිදහස් වුනා.
වදුරබ පොලිසිය දිගින් දිගටම ඇයි බුද්දීකට හිරිහැර කරමින් ඔහුව පිඩාවට පත් කරන්නේ?
2010.09.24 දින බුද්දික වදුරබ පොලිසියට ගියේ යාලුවෙකුට ඇප දෙන්න. පොලිසියේදී බුද්දික පොලිස් නිලදාරීන් කුණුහරුප කීම ගැන පැමිණිලි කරන්න උත්සහ කරා. ප්‍රතිපලය වුනේ ඔ අයි සි බුද්දීකට දිගට හරහට පහරදීම. වැඩියෙන්ම ප්‍රහාරය එල්ල වුනේ බුද්දිකගේ ඔළුවට සහ කන් වලට.
පහරදීමෙන් අනතුරුව පොලිසියම  බුද්දිකව කරාපිටිය රෝහලට රැගෙන ගියා. එහිදී ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරියා පරික්ෂා කරා. ඔහු වෛද්‍යවරයාට කිවුවා තමන්ට පොලිසිය පහර දුන්න බව. වෛද්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නා බුද්දිකව රෝහලේ නතර කරන්න. නමුත් පොලිසිය ඒ දේ කලේ නැහැ.
පොලිස් ස්ථානයේදී ස්ථානාදිපති බුද්දීකට කතා කරා.
ස්ථානාදිපති ;- ” උබ කොච්චර දුරට ඉගෙන ගත්තද? “
බුද්දික ;-” ඒ ලෙවල් වෙනකම්.”
ස්ථානාදිපති;- “මොනවාද කලේ?”
බුද්දික ;” බයෝ”
එවිට ස්ථානාදිපති අසල සිටි සාජන්වරයකුට මෙසේ කිවුවා.
ස්ථානාදිපති;-” බලන්න සාජන් මම ගහලා තියෙන්නේ බයෝ සයන්ස් කරපු කොල්ලෙකුටනේ මම හිතුවා දෙකේ පන්තියේ එකෙක් කියා “
පස්සේ ප්‍රශ්නේ දුරදිග ගෙනියන්න එපා කියා බුද්දිකව ගෙදර යැවුවා. ඔහුගේ කනේ වේදනාව වැඩිවූ නිසා 2010.09.25 දින කරාපිටිය රෝහලට ඇතුලත්ව ඇත. එහිදී වෙනත් අදිකරණ වයිද්‍ය නිලදාරියකු බුද්දිකව පරික්ෂා කළා. 28 වැනිදා බුද්දිකගේ ටිකට් කැපුවා.
2010.10.02 වැනිදා බුද්දික මල්ලි කියාගෙන ඔහුට වදහිංසා කල ස්ථානදිපතිවරයා බුද්දිකගේ ගෙදර ඇවිත් වැඩේ සමත කර ගන්න බැගෑපත් වුනා. නමුත් මේ නීතිවිරෝදී වදහිංසාව සමතයකින් අවසන් කිරීමට බුද්දික එකග වුනේ නැහැ.
බුද්දික 2010.10.18 දින මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ල අනුව ඔහුව එහි කැදවා 2010.11.01 දින ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
2010.10.13 දින ගාල්ල සහකාර පොලිස් අදිකාරිවරයාද ඔහුව කැදවා කටඋත්තරයක් ගත්තා.
මේ අතර 2011.05.11 දින නැවතවරක් බුද්දිකව වදුරබ පොලිසියම අත්අඩංගුවට ගෙන මුදා හැරියා. මෙලෙස නිකරුනේ අත්අඩංගුවට ගැනීම පිළිබද පැමිණිල්ල විබාගයට ගැනීම ගාල්ල සහකාර පොලිස් අදිකරිවරයා දිගින් දිගටම පැහැර හරිනවා.
2011.09.13 වන දින බුද්දික වදුරබ පොලිස් වදහිංසාව, බොරු නඩු දැමීම, සහ දිගින් දිගටම වදුරබ පොලිසිය ඔහුට කරන හිරිහැර ගැන පොලිස්පතිට, ජාතික පොලිස් කොමිසන් සබාවට,ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට සහ ජෙෂ්ට පොලිස් අදිකාරිවරයට ලිකිතව පැමිණිලි කරන ලදී.

ඇමතිතුමා නරකද “කොන්ඩම්” උපවාසයක් කලොත්?

අනේ අපේ ඇමතිතුමාට පොඩියක් කේන්ති ගොහින්.

“ඇමෙරිකාව කොහොමද ? වෙනත් රටක එක් ප‍්‍රදේශයකින් හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා යෝජනා කරන්නේ. දෙමළ ජාතිකයින් පොලිස් සේවයට බඳවා ගන්න කියලා රොබට්. ඕ. බ්ලේක් මහත්තයා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ශ‍්‍රී ලංකා පොලීසියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයින් ඉන්නවා. නමුත් රොබට්. ඕ. බ්ලේක් මහත්තයාට අවශ්‍යවෙලා තියෙන්නේ, අපේ රටේ ආරක්ෂක අංශවලින් දෙමළ ජාතිකයින්ට හිරිහැර සිදුවන බව ලෝකයාට කියා පෑමටයි.”
නරකද බැන්කි අන්කල්ට එරෙහිව කළා වගේ ලෙමන් පෆ් කකා උපවාසයක් කලොත්. හැබැයි බැනර් වල කන්ඩෙම් රොබට් බ්ලේක් වෙනුවට “කොන්ඩම්” බ්ලේක් කියලා ලියන්න එපා.

 

පාලිතගේ සහ කැලුම් කුමාරිගේ කතාව.

2011.09.10 දින අලුයම 3.30 ට පමණ වාද්දුව පොලිසියේ බිලාන් නමැති පොලිස්කාරයා සහ තවත් පොලිස්කාරයකු පාලිතගේ නිවසට පැමිණියහ. ඔවුන් පාලිත නිවසේ නොසිටිය බැවින් ඔහුගේ බිරිද කැලුම් කුමාරිව සහ අවුරුදු 02 ක් වයසැති දියණියව අත්අඩංගුවට ගෙන වාද්දුව පොලිසියට රැගෙන යන ලදී. මේ අවස්ථාවේ පොලිස් කාන්තාවක් සිටියේ නැත.
වාද්දුව පොලිසියේදී කැලුම් කුමාරිට තර්ජනය කල පොලිස්කාරයින් ඇගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත. එම පොලිස්කාරයින් තර්ජනය කර ඇත්තේ ” දැන් මොකද කියන්නේ 12 ට කලින් ගෙනාවේ නැනේ, මහත්තයා ගංජා ගහනවා නේද? කුඩු ගහනවා නේද? බෝම්බයක් දාලා යවනවා අවුරුදු තුන හතරකට , ළමයත් එක්ක ඔයාට දුක්විදින්න වෙයි. ඊට ඉස්සෙල්ලා ගෙනත් දෙන්න ” යනුවෙනි.
එදින සවස 6 ට පමණ කැලුම් කුමාරිව සහ දරුවාව නිදහස් කර ඇත්තේ සිය සැමියා වන පලිතව පොලිසියට බාර කරන පොරොන්දුව පිටය.
පාලිත කියන ආකාරයට ඔහුට විරුද්දව වරෙන්තුවක් ඇති බවට මෙතෙක් සිතාසියක් ලැබී නැත. ඔහු වෙනුවට සිය බිරිදව සහ දරුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිතිවිරෝදිය. මක්නිසාද පොලිසියට ප්‍රාණ ඇපකරුවන් තබා ගත නොහැකි බැවිනි.
2011.09.10 දින කැලුම් කුමාරි ෆැක්ස් පණිවිඩ යකින්ද 2011.09.13 දින පාලිත සහ කැලුම් කුමාරි වෙන් වෙන්වද අදාල බලදාරීන්ට එනම් පොලිස්පති, කළුතර නියෝජ්ජය පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසන් සබාවට ලිකිතව පැමිණිලි කරන ලදී.

ජාතියේ ගොවිතැනට ආවේශ වූ යක්ෂයා.

වසර 2500 ක ඉතිහාසයක සිට ශ්‍රී ලංකාව ප්‍රසිද්දියක් ඉසුලුවේ කෘෂිකාර්මික රටක් ලෙසයි. නමුත් මේවන විට වසර 50 කට වැඩි කාලයක් තිස්සේ හරිත විප්ලවය විසින් අපේ ගොවිතැන ගොදුරක් කරගෙන ඇත.
නිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක්ම ලබා දුන් උපදෙස් සහ ක්‍රියාමාර්ග ගොවිතැන දියුණු කිරීම වෙනුවට කලේ එය අර්බුදයකට ඇද දැමීමයි.
යුරොපියන්ගේ ආක්‍රමණයෙන් පසු අපේ ගොවිතැන කෘෂිකර්මය බවට පත් විය. අපේ සම්ප්‍රදායික කෘෂිකර්මයේදී කෘතීම පොහොර හෝ රසායන ද්‍රව්‍ය බාවිතා කලේ නැත. ඊට හේතුවුයේ අපේ සාම්ප්‍රදායික කෘෂිකර්ම වහර පරිසර හිතකාමී එකක් වීමයි.
අද පවතින කෘෂිකර්මය හරිත විප්ලවය හරහා බහු ජාතික සමාගම් විසින් හදුන්වා දෙනු ලැබුවකි. එහිදී සමාරම්බක පියවර හැටියට කලේ අපේ බිමට ගැලපෙන වී ප්‍රබේද ඉවත්කර වැඩි අස්වැන්නක් ගැන සිහින පෙන්වා දෙමින් අයි ආර් 8 වැනි ආගන්තුක වී ප්‍රබේද හදුන්වා දීමයි.  එහි ප්‍රතිපලය මෙතෙක් පරිසරය සමග බැදුණු ගොවිතැන වනසා දැමීමයි. මින් සිදුවුයේ ගොවිතැන රසායන ද්රවිය මත යැපෙන තත්වයට පත් වීමය. එනම් පස මගින් සිදුකල ස්වාබාවික ක්‍රියාවලිය නතර කෙරිණි.
හරිත විප්ලවය හරහා ශ්‍රී ලාංකීය කෘෂි ප්‍රජාවට ගෙනා මිත්‍යාව වුයේ රසායන ද්රවිය මගින් වැඩි අස්වැන්නක් ලැබෙන බවත් එමගින් ගොවියන්ගේ ආදායම ඉහල යන බවත්ය. අරම්බක යුගයේ රසායනික පොහොර ඉතා අඩු මුදලකට නොමිලේ ලබා දෙන ලදී. නමුත් එමගින් පස මරා දැමීමත් පසේ සිදුවූ පොහොර නිපදවීමේ ක්‍රියාවලියත් බිද වැටිණි.
බහු ජාතික සමගාමී කල් යල් බලා පොහොර මිල සහ පලිබෝද නාශක මිල ඉහල දැමිය. රසායනික පොහොර මත පමණක් බෝග වැඩිම නිසාත් එකම වර්ගයේ පෝෂණ කොටස් ශාක වලට ලැබීම නිසාත් ඇතැම් ලෙඩ රෝග වලට එම ශාක පහසුවෙන් ගොදුරු විය. එලෙසම පලිබෝදකයින්ටත් පහසුවෙන් ගොදුරු විය. අද වනවිට මහා පරිමාණයෙන් පලිබෝදනාශක යෙදිමෙන් තොරව ගොවිතැන් කල නොහැකි තත්වයක් උද්ගතව ඇත.
ඇත්තෙන්ම අද මේ ගොවිතැන මගින් මෙරට ආහාර අවශ්‍යතාවන් සපුරා තිබේද? හරිත විප්ලවය මගින් හදුන්වා දුන් ගොවිතැන අපේ පරිසරය සහ ගොවියාගේ ජිවන තත්වය විනාශ කර දමා තිබේ. අනෙක් අතින් එමගින් ගොවිතැන දියුණුවී රට සංවර්දනය කරා යාම වෙනුවට දැවැන්ත ලෙස නය වූ රටක් මෙන්ම නය නොමැතිව ගෙනයා නොහැකි පරාදීන රටක් බවට අද වනවිට අප රට පත්වී තිබේ.
එමෙන්ම අනුරාදපුර, පොලොන්නරුව ඇතුළු සාම්ප්‍රදායික ගොවිබිම්වල ජනතාව කෘෂිරසායන බාවිතයේ ප්‍රතිපලයක් ලෙස දිනෙන් දින වකුගඩු පිළිකා වැනි රෝග තත්වයන්ට පත්වෙමින් ඇත. දේශයට බත සැපයු ගොවියා මර ඇදට වැටී හඩන මොහොතක මියගිය සාම්ප්‍රදායික ගොවිතැනට පනදීමේ කාර්යබාරය දැන්වත් ආරම්බ කල යුතුය. ඒ සදහා අප තවමත් ප්‍රමාද නැත. මේ සදහා අප මෙන්ම මේ උගුලේ සිරවී සිට අද ඉතා සාර්ථකව ඒ උගුලෙන් ගැලවෙමින් සිටින මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව මෙන්ම ඉන්දියාව වැනි රටවල අනුගමනය කරන ක්‍රියාමාර්ග අද අප යායුතු මග පිළිබද හොද මග පෙන්වීමක් වී ඇත.