අගමැතිගේ මගුල් කෑම; ශ්‍රී ලංකාව තෙවන ලෝකයේ රටක්ද?

අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ විවාහ මංගල්‍යයේ ආරාධනාපත් සහ දෙවන ගමනේ ආරාධනා පත් සඳහා රුපියල් ලක්‍ෂ 36 ක් වියදම් කර ඇතැයි වාර්තා වේ. මංගල දිනය වෙනුවෙන් ආරාධනා පත් 700 ක්ද දෙවන ගමනේ උත්සවය වෙනුවෙන් ආරාධනා පත් 500 ක් ද නිමවා ඇත. මේ අනුව එක් ආරාධනා පත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 3000 ක් පමණ වියදම් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට ආයතනයක් විසින් මෙම ආරාධනා පත් නිමවා ඇත්තේ වටිනා දැව සහ පිත්තල ද භාවිතා කරමිනි.
අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ අත ගන්නේ දිලිනි කරුණාරත්න මෙනෙවියයි. ඔවුන්ගේ මංගල්‍යය ලබන 15 දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.
අගමැතිව පාර්ලිමේන්තු යැවුයේ අපියි. ඉතින් සිතන්න. විරුද්ද වන්න. අනේ අපිට මොකද? යුද්දය දිනු ආණ්ඩුවයි යන්න සිතා කරබාගෙන සිටීම අපේ අනාගතයටත් රටේ අනාගතයටත් දරුවන්ගේ අනාගතයටත් බොහෝ වින කරයි.
ඩයිනොසොර්ලා වද වුයේ කන්නට දෙයක් නොමැතිකමිනි. අපේ මේ දේශපාලකයින් වැනසෙන්නේද රට කා අවසන් වූ පසුවයි.
About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )