 |
| බන්ධු සහ මොගන් |
බන්දු විජේරත්න ඉංගිරියේ පදිංචි වෙළදාම ජිවනෝපාය කරගත් 48 හැවිරිදි විවාහක තිදරු පියෙකි.
2011.08. 29 දින සිය දියණියගේ කඩයට බඩු ගෙන ඒමට ගොස් යතුරුපැදියෙන් ගෙදර එමින් සිටියදී සරම් කමිස ඇද ගත් 04 දෙනෙකු අපි එස් ටි එෆ් එකෙන් කියා බන්දුව නතර කර ඇත.
පසුව ඔවුන් බන්දුගේ බෙල්ලෙන් අල්ලා ගෙන ලසදා නමැති අයගේ කඩයට ගෙන ගොස් ඇත. පසුව එස් ටි එෆ් කාරයින් බන්දුගේ පිටුපසට පයින් ගසා බන්දුව අදාල කඩයේ මිදුලේ දන ගස්සවා ඇත. ඉන්පසුව එස්. ටි. එෆ් කාරයින් පාර අසලට වී සිටින ලදී.
මෙසේ විනාඩි 10 ක් පමණ සිටින විට යතුරු පැදි දෙකක් පැමිණි අතර ඉන් එකක සිටි අයෙක් මෝගන් නමැති ද්‍රවිඩ ජාතිකයකු බව බන්දු හදුනා ගෙන ඇත. ඔහුව බන්දු ගාවින්ම දන ගස්සවන ලදී.
මෝගන් අතේ පොඩි බැග් එකක් තිබු අතර එය බන්දුගේ යයි පවසන ලෙස එස් ටි එෆ් කාරයින් මොගන්ට තර්ජනය කර ඇත. ඒ ” ඕවා මේකාගේ කසිප්පු කියලා කියපන් නැතිනම් උබගේ හම ගලවනවා යනුවෙනි.”
ඉන්පසු එතනට ජීප් රියකින් පැමිණි එස්. ටි. එෆ් කාරයින්ගෙන් එකෙකු තමන් සි. අයි සෙනෙවිරත්න බව කියමින් බන්දුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර ඔවුන් දෙදෙනාවම ජීප් එකට දාගෙන ඉංගිරිය පොලිසියට පැමිණ ඇත.
පොලිසියට එන අතරමගදී සි. අයි සෙනෙවිරත්න ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන ” මචන් උදය බන්දුට ගේම දුන්නා” යනුවෙන් පවසා ඇත. මෙසේ උදය යනුවෙන් අමතා ඇත්තේ මෑතකදී ඉංගිරිය පොලිසියට අලුතෙන් පත්ව ආ පොලිස් ස්ථානාදිපති උදය කුමාරවයි.
 |
| බන්ධු |
ඉංගිරිය පොලිසියට පැමිණි විට බන්දුව සහ මෝගන්ව ජීප් එකේ තියා එස්. ටි. එෆ් කාරයින් පොලිසියට ගොස් නැවත පැමිණ ඔවුන් දෙදෙනවා ඉංගිරිය රෝහලට රැගෙන ගොස් ඇත.
ඉංගිරිය රෝහලේ වෛද්‍යවරයා බන්දුව සහ මෝගන්ව වෙන වෙනම පරික්ෂා කර ඇත්තේ එස්. ටි. එෆ් සහ පොලිස් කාරයින් ඉදිරිපිටදිමය. එහිදී වයිද්යවරයා බන්දු බිලා නැහැයි කියා තිබේ.
පසුව නැවතත් ඔවුන් දෙදෙනාව පොලිස් ස්ථානයට රැගෙන එන ලදී. පසුව පොලිස් නිලදාරියකු බන්දු ගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන වතුර වැනි දියරයක් තිබු බෝතලයකට ඇගිලි සලකුණ ගෙන ඇත. ඔහුගෙන්, බන්දු සිය යතුරු පැදිය ඉල්ලා ඇත. එවිට “බයිසිකලේ උසාවියෙන් අරගනින් ! උබ නිවරදිකරයා කිවුවොත් ඊලග පාර බෝම්බ දාලා ඇතුලට යවනවා” යනුවෙන් තර්ජනය කර තිබේ.
එදින රාත්‍රී 12.30 – 1.00 පමණ බන්දුට සහ මොගන්ට ඇප ලබාදී ඇත. ඇප දුන් නිලදාරියා 2011.09.07 උසාවි එනලෙස දන්වා තිබේ.