“දොම්පේ” සැකකරු මැරුනේ ජීප් එකෙන් පැනලා – ඒකම බයිලාව

ඉහත ප්‍රකාශය කරන්නේ දොම්පේ පොලිසියයි. ඇත්තටම මේ ප්‍රකාශය මතක් කර දෙන්නේ මෑතකදී නිමාවට පත් වූ බොද මිදුම් නම් ටෙලිනාට්යේ දුෂ්ට චරිතය වූ සාලියගේ කියමනකි. ඇයි උබ හිතන් ඉන්නේ මම කොට කළු මහතා කොන්ඩේ බැදපු චීනෙක් කියලද? ලංකාවේ පොලිසිය කියනදේ විශ්වාස කිරීමට යමෙක් පෙලබෙන්නේ නම් හෙතෙම තවමත් කොන්ඩේ බැදපු චිනෙකි.
මෙහිදී පොලිස් වදහිංසා පිළිබද ජෙරාඩ් පෙරේරා මුලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ටාදිකරණයේ විබාග වෙද්දී එහි පොලිස්කාරයින් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා උඩ පැන පැන කිවේ ජෙරාඩ් තුවාල වුයේ ජීප් එකෙන් බිමට පැනීම නිසා බවයි.
 පොලිසිය, නීති සහ වයිද්‍ය ශේෂ්ත්රයේ වුර්තිකයින් දැන්වත් ජනයා මුලා කිරීමෙන් වැළකිය යුතුය. මෙවැනි සිද්දීන් වලදී අපක්ෂපාති ලෙස මරණ පරීක්ෂණ පැවැත්විය යුතුය. නමුත් අතීතයේදී දොම්පේ හා සමාන සිද්දීන් වලදී සක්ෂි ලබා ගැනීම නිවැරදිව සිදුවුයේ නැත.
මේ සැකකරුව පොලිසිය මරා දමන්නේ අඟුලානේ නඩුවේ මරණිය දණ්ඩනය නමැති ජනප්‍රිය තීන්දුව දී මසකුත් ඉක්මවීමට පෙරය. මෙරට නිතිය වල්වැදී ඇත. නිතිය සහ සාමය රැකීමට සිටින පොලිසියේ ලොක්කන් එකිනෙකා මරා ගැනීමෙන් අනතුරුව සියදිවි නසා ගැනීම දක්වා පොලිසිය අගාදයකට වැටී ඇත.
කෙසේනමුත් ජන හඩට, ජන බලයට බොහෝ දේ වෙනස් කල හැක.

වීදී කොන

අදහස; ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා
ශ්රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක . මොවුන් සමාජයක අත්යවශ්ය කොට්ටාශයක් නොවේ .එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය  ඇති නිසාය , ඔවුන්ද මනුෂ්යින් වන නිසාය .
ශ්රී  ලංකාව  තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය  ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත්  කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත .
          යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට  නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව  ජිවත් වේ එය සම්ප්රධායය් . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්රියා සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්රියා කාරකම්ද , ත්රස්ත ක්රියා සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා  මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය .
යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය,  වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු  කරනු ලැබිය . එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පල ගිය අතර නැවත යාචකයින් කොළොඹ පෙදෙසේ විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්ය ජනතාවද එම ගාල් කිරීමට ලක්විය  . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත .
යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . එහෙත් මෑතක සිදුවෙමින් පවතින සිද්දීන් දෙස බැලීමේදී , යාචක ඉතිහාසයට නොව අනාගතයට කණකොකා හඩන බව ඔවුන් මේ වන විට දැන ගෙන ඇත . ලංකාවේ අනෙක් පෙදෙස් වල නොව දැනට කොළොඹ ප්රදේශයේ තැන් තැන් වල 20 ක්  පමණ යාචකයින් මද්යම රාත්රියේ නිදාගෙන සිටියේදී , හිසට පහර දී මැර දැමීමය් . යාචක ලෝකය  තුල භිෂණය මේ වන විට අරක් ගෙන ඇත . මොවුන් මරා දමා ඇත්තේ එකම ආකාරයකටය . එහෙත් සිගන්නෙක් උවද , මනුෂ්ය ජීවිතයකි . ඔහුටත් අන් යට මෙන් ජිවත් වීමේ අය්තිය ඇත . මරා දැමීම යුක්ති සහගත නොවේ . මෙය සංවිධානත්මක සංසිද්ධියක් යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය
යාචකයින් මර්ධනය කිරීම සදහා යාචක සංහාරයක් අවශ්ය වුයේ මන්දය් තවමත් ගැටලුවකි . ඔවුන් වෙනුවෙන් මීට වඩා සාධාරණ සැලසුම් සකස් කල යුතුය . එහෙත් මෙම මරණයන් සිදු කරන්නේ කව්රුන් විසින්දය් සෙවිය යුතුය . ජිවිතයට ඇති අය්තිය ආරක්ෂා කරදීම සමාජයට ඇති යුතුකමකි .  යාචකයින් සමාජයට අනවශ්ය පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .

ගාල්ල පොලිසිය ඇගෙන් නඩු ඉල්ලයි.

ඇය නීතිවිරෝදී මත්පැන් අලෙවිය නතර කරන්නේ 2011 අප්‍රියල් මාසෙදි. ඇය නමින් චාන්දනී දිසානායක. පොල්ගස්වත්ත, දොරපේ, අගුළුගහ, ගාල්ල ලිපිනයේ පදිංචිව සිටිනවා. ඇයට වයස අවුරුදු 13 ක පුතෙක්ද සිටිනවා.
දැන් ඇය මුළුමනින්ම නීතිවිරෝදී මත්පැන් අලෙවිය නතර කර පෙදරේරු අත්වැඩ දීම මගින් ජීවිතය ගෙනියනවා. යහ මාර්ගයට පිවිසුනද ගාල්ල පොලිසියේ පොලිස්කාරයින්ගෙන් ඇයට ගැලවීමක් නම් නැහැ. ඔවුන් දිගින් දිගටම නඩු ඉල්ලමින් ඇයට කරදර කරනවා. වියාජ චෝදනා මත ඇයව අත්අඩංගුවට ගැනීමටත් උත්සහ කරනවා.
2011.09.25 සහ 2011.09.27 දින ගාල්ල පොලිසියේ පොලිස්කාරයින් ඇගේ නිවසට පැමිණියා. වියාජ චෝදනා නගා ඇයව අත්අඩංගුවට ගන්න උත්සහ කරා. ඇයට ගංජා දමන බවට තර්ජනය කළා.
2011.09.28 දින ඇය පාරේ යමින් සිටියදී ඇගේ අංක SPWF – 1747 දරන යතුරුපැදිය ගාල්ල පොලිසියේ පොලිස්කාරයින් අත්අඩංගුවට ගත්තා.
ඇය නීතිවිරෝදී මත්පැන් අලෙවියේ යේදී සිටියදී ගාල්ල පොලිසිය ඇයට විරුද්දව නඩු 25 ක් 30 ක් පමණ පවරා ඇති අතර ඒ සියල්ල දඩ මුදල් ගෙවා අවසන් කර ඇත.

 

බ්‍රසිලේ ඇමසන් වේල්ලේ ඉදිකිරීම් නතර කරයි.

බ්‍රසීලයේ ඇමසන් කලාපේ ඩොලර් බිලියන ගණනක් වියදම් කරන වේල්ල ඉදිකිරිම එරට විනිසුරුවරයකු විසින් නතර කර ඇත.  ෂින්හුවා ගගේ සුවාබවික ජලය ගලා යාමට බාදාවක් වන ක්‍රියා විනිසුරු කලස් කස්ට්රෝ විසින් නතර කරන ලෙස නියෝග කර තිබේ.
මෙය දීවර ජන කණ්ඩායම් වල ප්‍රසාදයට හේතු වී ඇති අතර මෙම වේල්ල නිසා දේශීයව ලැබෙන මත්සය ප්‍රමාණයට සහ මසුන් මැරීම ජීවනෝපාය කරගත් ආදිවාසී පවුල් වලට හානිකර ලෙස බලපායි. නමුත් බ්‍රසීල ආණ්ඩුව කියන්නේ වේල්ල ඉහල යන බලශක්ති අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය බවයි.

සවුදි කතට කස පහරදීම අහෝසි කරයි.

සවුදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් වන අතර එය උල්ලංගනය කල කාන්තාවකට අදිකරණය කස පහර 10 ක දඩුවමක් පනවන ලදී. නමුත් සවුදි රජු අබ්දුල්ලා එම උසාවි තීන්දුව අහෝසි කර ඇත. එහෙත් ඒ පිළිබද නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. ජුලි මාසේ ශිමා නමැති කාන්තාව ජෙඩාහි රිය පැදවීමට වැරදිකාරිය විය. මෙම දඩුවම පනවන ලද්දේ සවුදි රජු 2015 කාන්තාවන්ට චන්ද අයිතිය ලබා දෙන බවට ප්‍රකාශ කර දින දෙකකට පසුවය.

ඊලාම් යුද්දය 04: මුන් එරෙහිව යු. එන්

හතරවන ඊලාම් යුද්දයේදී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමට එහි මහා ලේකම් බැන්කි මුන් කටයුතු ආරම්බ කර තිබේ. මුන් මහතා වැරදි සෙවීම තම ගෙදරින් ආරම්බ කිරීම ඉතා හොදය.
දරුස්මන් වාර්තාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව එල් ටි ටි ඉ පමණක් නොව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ එක්සත් ජාතින් ගැනත් විවේචන එල්ල විය.
“යුද්ධයේ අවසන් අදියර අතරතුර කාලයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ සහ ආයතන සිවිල් ජනයා ආරක්ෂා කිරීමට ගතයුතු පියවර ගැනීමට අපොහොසත් විය. වැඩිවශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජේෂ්ඨ නිළධාරීන් ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට උපදෙස් දෙන ලදී. ඔවුන් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් රෝහල් වලට සහ එක්සත් ජාතීන් හෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ගොඩනැගිලි පිහිටි ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිමෙන් වළකින ලෙසත් පැවසුහ. කමිටුව දරණ මතය වන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ප‍්‍රසිද්ධවීම නිසා සිවිල් ජනයා ආරක්ෂා කරන ලෙස කළ ඉල්ලීමි දැඩි වු බවත් ඒ අතරවාරයේ වන්නියේ ඇති වු එවැනි සිද්ධීන් හෙලිදරව් වු බවත්ය. ඊට අමතරව යුද්ධය අවසන්වීමත් සමග මානව හිමිකම් කවුන්සිලය 2009 මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු සිය යෝජනාව සම්මත කරන ලදි. එය අසම්පුර්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද්දකි.” – දරුස්මන් වාර්තාව.

යු. කේ මහා කොමසාරිස් ස්ත්‍රී දුෂකයින් සරණ යයි.

එක්සත් රාජදානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ස්ත්‍රී දුෂක පහලගම සෝමරත්න චීවර
දාරියට නීති ආදාර සපයන බව කියයි. මොහු තේමිස් බවුද්ද විහාරයේ ප්‍රදානියා ලෙස කටයුතු
කරයි. මෙම ලිංගික අපචාර 1977 සහ 1978 වසර වලදී බටහිර ලන්ඩනයේ චිස්වික් හි සිදුවූ
බවට චෝදනා මොහුට එරෙහිව එල්ලවී ඇත.

ශවේන්ද්‍රට සිතාසි දීම

ශවේන්ද්‍රට ලෙඩක් වැටී ඇති බව දැන් සියලු දෙනා දනිති. ප්‍රශ්නය සිතාසිදීම විනිර්මුක්තිය පිළිබද ප්‍රශ්නයක් වීමය.
අපි එක දෙයක් දනිමු. දේශීය වේවා ජාත්‍යන්තර වේවා නීති සම්මුති ප්‍රොටෝකෝල ගිවිසුම් මිනිසුන්ට සුබසෙත සලසන්නේ නැතිනම් වැඩක් නැත. ඒවා මනුෂ්‍ය සංහාර, යුද අපරාද, වදහිංසාව අනුමත කරන්නේනම් පලක් නැත.
එක්සත් ජාතින්, විනිර්මුක්තිය යන සියල්ල පිහිටවුයේ ලෝකයේ මිනිසුන්ය. කිසිදෙයක් ස්ථිරසාර නැත. ඕනදෙයක් වෙනස් කල හැක.
යම් නීතියක්, ගිවිසුමක් අපරාදකරුවන් ආරක්ෂා කරන්නේ නම් එය නරකය. එය කැඩිය යුතුය.

අතීත යුද්දයට පන දෙන්න එපා.

කොළඹ සිට යාපනයට යන පුද්ගලික බස් රථ වැල්ලවත්තෙන් ආරම්භ කිරීම තහනම් කර තිබේ. මෙම තහනම කර තිබෙන්නේ වැල්ලවත්ත පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසිනි.
යුද්ධයට පෙරත් යුද්ධ කාලයේදීත් යුද්ධය නිමා වීමෙන් පසුවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළඹ සිට යාපනයට යන බස්රථ වල ගමන් ආරම්භය සිදුකෙරුණේ කොළඹ බහුතර දෙමළ ජනතාවක් පදිංචිව සිටින වැල්ලවත්ත ප‍්‍රදේශයෙනි.
පසුගියදා වැල්ලවත්තෙන් යාපනය බලා යාමට සූදානම්ව තිබූ පුද්ගලික බස් රථ ගණනාවක් අත් අඩංගුවට ගත් වැල්ලවත්ත පොලීසිය පසුව අද ප‍්‍රකාශ කර ඇත්තේ ලබන 30 වෙනිදිනට පසු යාපනය බලා යන පුද්ගලික බස් රථ ආරම්භය වැල්ලවත්තෙන් ආරම්භ කිරීම වහාම නවතා දමන ලෙසත් වැල්ලවත්තෙන් නැතිව වෙන කොහේ හෝ ස්ථානයකින් ආරම්භ කළත් තමන්ට ප‍්‍රශ්නයක් නැති බවත් ය.
මේවා සිදු කිරීම අතීත යුද්දය අනාගත යුද්දයක් කිරීමට පසුබිම සකසා දීමකි.

” බලලා මියෝ අල්ලනවා නම් ඌ සුදුද කළුද යන්න ප්‍රශ්නයක් නෙමෙයි.”

ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුවට විසදුමක් අවශ්‍යයි. එය ඒකීයත්වය බෝවුමික අකණ්ඩ තාවය ආරක්ෂාවන දෙමල ජනයාගේ  පැතුම් ඉටුකරන්නක් විය යුතුයි. මෙසේ කිවේ ද හින්දු පුවත්පතේ ප්‍රදාන කතුවරයා වන එන් රාම් මහතාය. අපිට පිටතින් විසදුමක් ආනයනය කිරීම අවශ්‍ය නැහැ. හැබැයි අනිවාර්යෙන් විසදුමක් අවශ්‍යයි. එය දෙශියවිම හෝ පිටරට අදහස් මත ඇතිවීම යන්න ගැටලුවක් නැතිබව ඔහු කිවේය. රාම් මහතා මෙහිදී චීන නායක ඩෙන් ෂියෝ පින්ගේ ප්‍රසිද්ද ප්‍රකාශයක්ද ගෙනහැර දැක්වූයේය. ” බලලා මියෝ අල්ලනවා නම් ඌ සුදුද කළුද යන්න ප්‍රශ්නයක් නෙමෙයි.” ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ඉන්දීය සමාජය විසින් කොලබදී සංවිදානය කල රැස්වීමකට සහබාගි වෙමිනි.

ද හින්දු ඇසුරෙන්,