ළමා රැදවුම් මද්‍යස්ථාන සහ ළමා අපචාර

පහත සදහන් ළමා අපචාර වාර්තා වන්නේ මග්ගොන, දියලගොඩ, ශාන්ත වින්සන්ට් පාරේ දොන් බොස්කෝ පිරිමි ළමා නිවාසයෙන් සහ මාකොළ රිමාන්ඩ් බන්දනාගාරයෙනි.
අපචාර වලට ලක්වූ ළමුන් තිදෙනා වන්නේ ශිව ශිවනේශ්වරම් ශිවලිංගම්(අවු 15) අයේෂ් උපශාන්ත (අවු 15) සහ දයා අනුෂත්ය.
මෙම ළමුන් තිදෙනා 10 වන ශ්‍රේණිය දක්වා අද්‍යාපනය ලබා ඇත. ඔවුන් කියා සිටියේ මග්ගොන, දියලගොඩ, ශාන්ත වින්සන්ට් පාරේ දොන් බොස්කෝ පිරිමි ළමා නිවාසයේදී ඔවුන් විවිද ළමා අපචාර වලට ලක්ව ඇති බවයි.
ඔවුන්ව පාසල් වේලාවෙන් පසුව එම ළමා නිවාසයේ උරු කොටුවේ සහ වෙනත් කොටුවල සතුන් රැක බලා ගැනීම සහ වැඩ කිරීම ළමයින්ට අනිවාර්ය වී ඇති අතර බොහෝවිට ළමුන්ට ආහාර හෝ වතුර ලබාදී නැත.
2011.01.10 හෝ අසන්න දිනකදී පාසල් වේලාවෙන් පසු එලෙස ආහාර තේ හෝ ජලය නොදී උරු කොටුවේ වැඩ කිරීමෙන් පසු කුසගින්න මත ළමුන් තිදෙනාව පයාගල පොලිසියට බොරු පැමිණිල්ලක් මත බාර දී ඇත.
පොලිසියට බාර දීමට පෙර එම නිවාසයේ පාලක සුවාමි ගුරුවරුන් සහ සේවකයින් දරුවන්ට පහරදී ඇත.
ශිවා නමැති දරුවා ළමා නිවාසයක උපත ලබා ඇති අතර පරිවාස නිලදාරීන් විසින් ඔහුගේ මවගෙන් වෙන්කර ළමා නිවාස ගත කර ඇති අතර අද වනතුරු මෙම දරුවා තම මව ගැන කිසිදු තොරතුරක් හෝ ඇය සිටින ස්ථානයක් නොදනී.
ඉහත තොරතුරු ලබා ගත්තේ ශ්‍රේෂ්ටාදිකරන මුලික අයිතිවාසිකම් ඉල්ලුම්පත් අංක : 310/2011 මගිනි.
මෙහි පෙත්සම්කාරක පාර්ශවය නිතිය සහ සාදාරනත්වය සදහා වන පදනමයි. වගඋත්තරකරුවන් ලෙස පි. පි. දී සෝමරත්න, බස්නාහිර පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ඩබ්ලිවු. සි ප්‍රියංගනී පරිවාස නිලදාරී, කළුතර පරිවාස කාර්යාලය, ශිවා ශිවනේශ්වරන් ශිවලිංගම්, මාකොළ පිරිමි ළමා රිමාන්ඩ් නිවාසය, අනෝමා දිසානායක, සබාපතිනිය, ජාතික ළමා ආරක්ෂක අදිකාරිය, සහ නීතිපති නම් කර ඇත.
Tell a Friend

ජනතාව නීතියෙන් ඇත්වීම; කවුද වගකිවයුත්තා?

“ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට නොතීසි නිකුත්කර තිබූ අතර නඩත්තු මුදල් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ බිරින්දෑවරු අධිකරණයේ පෙනී සිටියහ. කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියන් අධිකරණයට දන්වා සිටියේ ඇතැම් පුද්ගලයන්ල මෙසේ නීතියෙන් නියමකර ඇති වන්දි මුදල් ගෙවීම නිතර පැහැර හරින අතර ඇතැම් පුද්ගලයන් විදේශගතව ඇති බවය.” – දිනමිණ

ලංකාවේ මෑතක සිට ජනතාව නීතියෙන් ඇත්වනුද, නිතිය අතට ගැනීමේ ප්‍රවණතාවයද, අදිකරණය විදායකයට යටත් වනුද දැකිය හැක.
ජනතාව නිතිය අතට ගැනීම සිදුවූ ආසන්නම සිද්දිය ග්‍රිස් යකුන්ය. ඊළගට මවින් සිල්වා ඇමතිවරයා රජයේ නිලදාරියකු ගස් බැන්දේය. ඇමතිවරුන්ට වරදකරුවන්ට දඩුවම් පැමිණවිය හැකිනම් මෙරට අදිකරණ මක්කටද?
ඊළගට සිදු වූ බයානකම සිද්දිය නීතිපතිවරයා ඇමති දුමින්ද සිල්වා ළමා අපචාර නඩුවකින්ද සහ චන්දන කත්රිආරච්චි මිනීමැරුම් නඩුවකින් නිදහස් වන ආකාරයට කටයුතු කිරීමයි. නීතිපතිවරයා මේදේවල් කලේ හුදෙක්ම විදායකයේ ඕන එපාකම් පිරිමසීමටය. නමුත් ඒ දේවල් එතනින් නැවතුනේ නැත චන්දන කත්රිඅරච්චිට ආසන සංවිදායක කමක්ද හිමි විය. අද වන විට පවත්නා යථාර්තය මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවක් ඇද්ද නැද්ද යන්නය.
1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව හදුන්වා දීමට පෙර මේ රටේ විවස්ථාදායකය, විදායකය සහ අදිකරණය යම් ආකාරයක සමබරතාවයකින් පැවතිනි. ඒය මනාව පෙන්නුම් කරන සාර්ථකම නඩු තීන්දුව හැටියට සැලකෙන්නේ බ්රෙස්ගේල්ඩ් තීන්දුවයි. නමුත් 1978 විවස්ථාව හදුන්වා දුන් යැංකි ජේ.ආර් විදායකය මුදුනේ තැබුවා පමණක් නොව විවස්ථාදායකය සහ අදිකරණය ඉට යටත් කරන ලදී.
වර්තමාන රාජපක්ෂ ජනාදිපතිවරයා මේවන විට ජේ.ආර් අබිබවමින් 18 වැනි විවස්ථා සංශෝදනය ඔස්සේ තම බලය වැඩි කිරීම පමණක් නොව තම පැවැත්මද ස්ථාවර කරගත්තේ මිට පෙර පුද්ගලයකුට විදායක ජනාදිපති ලෙස සිටීමට තිබු වාර දෙකේ සීමාව අහෝසි කර එය ඕනෑම වාර ගණනකට යන්න සංශෝදනය කිරීමෙනි.
මෑතක පැවති පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනයා මේ තත්වය මැනවින් අවබෝද කරගත්තද දකුණේ ජනයා මනාව හිමිකම්, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ අදිපත්‍ය ගැන පරිනත බුද්දියකින් කටයුතු කරනු දක්නට නොලැබිණි.

සැබෑ බන්දනාගාර

සෑම බන්දනාගාරයකම ප්‍රචණ්ඩත්වය තියෙනවා. ඊට ප්‍රදාන හේතුව නිලදාරීන්ගේ නොදැනුවත්කම. විශෝදනය වෙනුවට තියෙන්නේ බලහත්කාරය. බලය යොදන්න කියා රීතියක් නැහැ. බන්දනාගාර නිලදාරීන් සානුකම්පිකව රැදවියන් දෙස බලන්නේ නැහැ. පිරිමි සහ ගැහැණු රැදවියන්ව උසාවි ගෙනියන්නේ එකම බස් රථවල. මේවායේ ඉඩ පහසුකම් මදි. රැදවියන් රැදවියන් අතරත් රැදවියන් සහ නිලදාරීන් අතරත් ඇතැම් අවස්ථාවල අපචාර සිද්ද වෙනවා. සමහර කාන්තා නිලදාරිනියන් සැකකාරියන්ට ඇප ලැබුනම ඔවුන්ව තමන්ගේ නිවෙස්වල වැඩට ගෙනියනවා.

බන්දනාගාර වලින් නිදහස් වූ රැදවියන්ගේ අත්දැකීම් මේවන විට 30 ක් පමණ විද්‍යුත් මාද්‍ය ඔස්සේ අප විසින් හෙළිදරවු කළෙමු. එම ලිපිවල අරමුණ වුයේ පාටකයින්ට කදුළු සැලීමට අවස්ථාවක් දීම නොව වගකිවයුත්තන්ට රතු එළියක් නිකුත් කිරීමයි.

මෙම ලිපියේ අරමුණ බන්දනාගාර වල පවතින සැබෑ තත්වය තව දුරටත් හෙළිදරවු කිරීමෙන් මේවායේ තත්වය යහපත් කිරීම වේ.

ගොඩනැගිලි.

සැම බන්දනාගරයකම වගේ ගොඩනැගිලි අබලන් වෙලා. මේවා ගොඩක් පැරණියි. සත්තු ඉන්නවා. ගෝනුස්සෝ, කැරපොත්තෝ මියෝ පාත්තයෝ වැනි. රැදවියන්ව කාපු අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාව වල විසිකුරු සර්පයනුත් සිටිනවා. ගොඩනැගිලි තට්ටු ක්‍රමයට සකස් විය යුතයි. නමුත් එයට වැඩපිළිවෙලක් නැහැ. වාර්තා වන ආකාරයට වැලිකඩ සමහර බුමි ඒවායේ අයිතිකරුවන්ට දෙන්න වෙලා.

වැසිකිලි පහසුකම්.

වැසිකිලි වලට ටයිල් අල්ලලා තිබුනට ඒවාට යන්න බැහැ. සෑම බන්දනාගාරයකම වැලිකඩ, සි. ආර්. පි, මැගසින් ඇතුළු දින දෙකකට සැරයක් වැසිකිලි වලවල් උතුරා පිටාර ගලනවා. මේ තත්වය තංගල්ල බන්දනාගාරයේත් දකින්න පුළුවන්. පානිය වතුර ටැංකි සහ වැසිකිලි වලවල් අතර පරතරය අඩුයි. මේ දෙක මිශ්‍ර වෙනවා. වැලිකඩ බන්දනාගාරයේ වසර 09 ක් සිටි සෝමාවතී මේ තත්වය තහවුරු කරනු ලැබුවා.

ජල පහසුකම් සහ ආහාර.

රැදවියන්ට බිමට සහ නැමට ප්‍රමාණවත් ජලය ලැබෙන්නේ නැහැ. බෝතල් ක්‍රමයට දෙන පානිය ජලය මදි. වැඩ කණ්ඩායම් වලටත් සමහර අවස්ථා වලදී ජලය නැහැ.

ආහාර වයිද්යවරයකු විසින් අදීක්ෂණය කල යුතුයි. ආහාර වල ගුණාත්මක බාවය ගැන ගැටළු තියෙනවා. බත් අමුයි. මෙනිසා රැදවියන් ලෙඩ වූ අවස්ථා තියෙනවා. ලැබෙන ප්‍රමාණය ප්‍රමාණවත්. හොද විවිදත්වයක් තියෙනවා. බිත්තර, කරවල, ඇට ජාති වශයෙන්. හැබැයි හොද ප්‍රමිතියක් නැහැ. කුණු මාළුදීම නිසා රැදවියන් අසනීප වූ අවස්ථා තියෙනවා.

අතවශ්‍ය බාන්ඩ, වාතාශ්‍රය, සහ ආලෝකය.

රැදවියන්ට පිගන්, කෝප්ප, පැදුරු ප්‍රමාණවත් නැහැ. ගෘහ බාන්ඩ පාවිච්චියක් නැහැ. ක්‍රීඩා බාන්ඩ දිය යුතුයි. නමුත් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ. ඇදුම් පැළදුම් ප්‍රමාණවත් නැහැ. ආලෝකය ලැබීම හොදයි. නමුත් හොද වාතාශ්‍රයක් නැහැ. ඊට ප්‍රදාන හේතුව ඉඩ අඩුකම, සෙනග වැඩිවීම සහ වැසිකිලි වලවල් උතුරා යාමයි.

ප්‍රචණ්ඩත්වය සහ අපචාර

සෑම බන්දනාගාරයකම ප්‍රචණ්ඩත්වය තියෙනවා. ඊට ප්‍රදාන හේතුව නිලදාරීන්ගේ නොදැනුවත්කම. විශෝදනය වෙනුවට තියෙන්නේ බලහත්කාරය. බලය යොදන්න කියා රීතියක් නැහැ. බන්දනාගාර නිලදාරීන් සානුකම්පිකව රැදවියන් දෙස බලන්නේ නැහැ. පිරිමි සහ ගැහැණු රැදවියන්ව උසාවි ගෙනියන්නේ එකම බස් රථවල. මේවායේ ඉඩ පහසුකම් මදි. රැදවියන් රැදවියන් අතරත් රැදවියන් සහ නිලදාරීන් අතරත් ඇතැම් අවස්ථාවල අපචාර සිද්ද වෙනවා.

සමහර කාන්තා නිලදාරිනියන් සැකකාරියන්ට ඇප ලැබුනම ඔවුන්ව තමන්ගේ නිවෙස්වල වැඩට ගෙනියනවා.

කිසිවෙක් මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. සෙසු කාන්තා නිලදාරීන් මේ ගැන පැමිණිලි කලොත් ඔවුන්ට පාතාලයෙන් සහ රාජකාරි මට්ටමින් බලපෑම් එල්ල වෙනවා.

වෛද්‍ය පහසුකම්.

වෛද්‍ය පහසුකම් වල තත්වයත් සතුටුදායක නැහැ. සෑම බන්දනාගාරයකම එක් වයිද්යවරයෙක් සිටිය යුතුයි. නමුත් සමහරක් බන්දනාගාර වල වයිද්යවරුන් පත්කර නැහැ. වයිද්යවරයෙක් නැතිනම් රජයේ රෝහලක වයිද්යවරයෙක්ව බන්දනාගාරයට ගෙන්විය යුතුයි. නමුත් සමහරක් බන්දනාගාර වල ඒ දේ සිදුවෙන්නෙත් නැහැ. සෑම සැකකරුවෙක් මෙන්ම වැරදිකරුවෙක් බන්දනාගාරයට ඇතුලත් කරගැනීමේදී වෛද්ය් පරීක්ෂණයකට ලක්විය යුතුය. නමුත් ප්‍රයෝගිකව සිදුවන්නේ වැරදිකරුවන්ව පරික්ෂා කිරීම පමණයි. සැක බලන්නෙම නැහැ.

වැරදිකරුවන්ට වැඩ නියම කිරීමේදී ඔහු හෝ ඇය ඒ වැඩේට සුදුසුද යන්න වයිද්‍ය පරීක්ෂණයකින් සනාථ වීම අවශ්‍ය වෙනවා. වෛද්‍ය නිර්දේශය මත වැඩ නියම වෙන්න ඕන. වයස සහ සවුක්ය තත්වය සැලකිල්ලට ගෙන වැඩ නියම වියයුතු නමුත් මෙය සිද්ද වන්නේ නැහැ. ළමයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නැහැ. දැනට මෙම පහසුකම් තියෙන්නේ වැලිකඩ විතරයි. රදවියන්ව විශේෂන්ග්න වයිද්‍ය සායන වලට ඉදිරිපත් කිරීම අතපසු වෙනවා නිලදාරී හිගය නිසා. බන්දනාගාර වල සවුක්ය තත්වය වයිද්යවරයා පරීක්ෂා කලයුතු නමුත් එය සිද්දවන්නේ නැහැ.

දිස්ත්‍රික් රෝහලේ තියෙන උපකරණ විතරයි බන්දනාගාර රෝහලේ තියෙන්නේ. මේ තත්වය පවා තියෙන්නේ වැලිකඩ විතරයි. සමහර රෝහල් වල බෙහෙත් නැහැ. වාට්ටු පහසුකම් නැහැ. රෝගී විවිදත්වය මත වර්ගීකරණය වෙන්නේ වැලිකඩ විතරයි. සෑම බන්දනාගාරයකම හෙද නිලදාරියෙක්, ඔවුෂදවේදියෙක් මනෝ වයිද්යවරයෙක් සිටිය යුතුය. මේ නිලදාරීන් ප්‍රමාණවත් පරිදි සිටින්නේ වැලිකඩ විතරයි.

සුබ සාදනය

වැලිකඩ සහ බෝගම්බර යම් පමණකට රැදවියන්ගේ සුබසාදනයට වැඩ සිද්ද වෙනවා. අනික් තැන්වල නැහැ. එනම් වියායාම, සාක්ෂරත පන්ති, ගෘහ විද්‍යා, ආගමික වැඩසටහන් තියෙනවා. පොත් කියවීමට පුස්තකාලයක් තියෙනවා. පොඩි ළමයින්ට මොන්ටිසෝරියක් තියෙනවා. මේවට සුබ සාදක සංගමය උදවු කල යුතුයි. නමුත් මේවා නියමාකාරයෙන් සිද්ද වන්නේ නැහැ.

නිලදාරීන් සහ ඔවුන්ට ලබාදෙන පුහුණුව

වැඩිවන සිරකරුවන්ට සාපේක්ෂව නිලදාරීන් සිටිය යුතුය. නමුත් එහෙම නැහැ. නිලදාරීන් වර්ගීකරණය විය යුතු නමුත් එසේ වන්නේ නැහැ. අලුතෙන් බදවා ගන්න අයට සාමාන්‍ය පුහුණුවක් දෙන්නේ. මනෝ විද්‍යාව පිළිබද පුහුණුවක් ලබාදෙන්නේ නැහැ. බදවා ගැනීම සිදුවන්නේ පොදු සුදුසුකම් මත. දැනුවත් කිරීමේ වැඩසටහන් වලදී ලබාදෙන්නේ සාමාන්‍ය නිතිය, බන්දනාගාර නිතිය සහ දනාත්මක චින්තනය ආදිය පිළිබද මුලික පුහුණුවක්. ගැබුරු දැනුමක් ලබාදෙන්නේ නැහැ.

සේවයේ ඉන්න කොට කිසිම පුහුණුවක් ලබාදෙන්නේ නැහැ. කලාතුරකින් මානව හිමිකම්, ඒඩ්ස් මත්නිවරණය බෝවෙන රෝග ගැන දවසක දෙකක දැනුවත් කිරීමේ වැඩ සටහනක් කරනවා. එකත් කරන්නේ රාජ්‍ය නොවන සංවිදාන මගින්. නිලදාරීන් ඒවාට සහබාගි වන්නේ සල්ලි ලැබෙන හින්දා.

බන්දනාගාරයේ තත්වය යහපත් කිරීමට නීති රෙගුලාසි සහ ක්‍රියාදාමය ප්‍රමාණවත්. නමුත් ප්‍රයෝගිකව ලංකාවේ නිතිය කඩා වැටිලා. සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලන හිතවත්කම්, වංචාව, දුෂණය , නීතිවිරෝදී කටයුතු නිසා බිද වැටිලා. ඒ වුනත් පවත්නා ඉඩකඩ යටතේ විශ්වසනීයත්වය සහ වගකීම ඇත්නම් යම් යම් ආකාරයට බන්දනාගාරය තුල රැදවියන්ට යහපත් වන වෙනස් කම් කල හැකියි.