ජනතා අදිකරණය (10) ;- ජෙරාඩ් පෙරේරා නඩුව.

download
මේ අංක 328/2002 මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු ජෙරාඩ් මවින් පෙරේරා වෙනුවෙන් නීතිඥ ඩබ්ලිවු ආර් සන්ජිවද වගයුත්තරකරුවන් ලෙස වත්තල පොලිසියේ නිලදාරීන් 07 ක් සහ පොලිස්පතිද නිතිපතිද නම් කර තිබිණි. ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ප්‍රනාන්දු විනිසුරු එදිරිසුරිය විනිසුරු සහ විග්නේශ්වරන් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ ඩි එස් විජේසිංහ ද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රින්ස් පෙරේරා සමග ඩි ඩි පි දසනායක ද රජයේ නීතිඥ පි කේ කේ රණසිංහ ද පෙනී සිටින ලදී. 2003 අප්‍රියෙල් 04 දින නඩුව තීරණය කෙරිණි. නඩු තීන්දුව ලීවේ ප්‍රනාන්දු විනිසුරු විසිනි.

පෙත්සම්කරු සම්බන්දයෙන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 11, 13 (1) සහ 13 (2) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. ඔහුට වන්දි ලෙස රුපියල් 8,00,000 ක මුදලක් පිරිනැමිණි. පළමු වගයුත්තරකරු රුපියල් 70,000 ක් ද තෙවන වගෞත්තරකරු රුපියල් 40,000 ක් ද 6 වන වගයුත්තරකරු රුපියල් 20,000 ක් ද හත්වන වගයුත්තරකරු රුපියල් 20,000 ක් ද සහ රජය රුපියල් 6,50,000 ක් ද ගෙවිය යුතු විය.

පෙත්සම්කරුගේ නවලෝක රෝහලේ බිලද රජයට ගෙවීමට සිදුවිය. මෙහිදී විරුද්ද තර්කය වුයේ පෙත්සම්කරුව ආණ්ඩුවේ රෝහලක නැවැත්වීම සිදු කල හැකිව තිබු බවයි. නමුත් පෙත්සම්කරුව පළමුව ඇතුලත් කර තිබුනේ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලටයි. එහිදී ලැබුණු වයිද්‍ය උපදෙස් මත ඔහුව නවලෝක රෝහලට ඇතුලත් කෙරිණි. මෙහිදී ශ්‍රී ලාංකිකයින් ආණ්ඩුවේ රෝහල්වල පවතින ප්‍රමාදය, වර්ජන, උපකරණ සහ ඔවුෂද හිගයද ආදී විවිද හේතුන් මත පුද්ගලික රෝහල්වලට යාමට කැමැත්තක් දක්වන බවද පුරවැසියන්ට වයිද්‍ය පහසුකම් ලබා ගැනීමට ආණ්ඩුවේ රෝහලක් තොර ගන්නේද පෞද්ගලික රෝහලක් තොර ගන්නේද යන්න පිළිබද අයිතියක් ඇති බවද තීරණය විය.

පෙත්සම්කරු කොලබ වරායේ සේවය කල සුපවෙදියකි. ඔහුව වත්තල සිදුවූ ත්‍රිපුද්ගල මිනීමැරුමක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත්තේ වැරදි හදුනාගැනීමක් මතයි. අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගන්නා හේතුව සදහන් කලේ නැත. ඒ 2002.06.03 දිනය. 2002.06.04 දින ඔහුගේ බිරිද සහ ඥාතීන් ඔහුව බැලීමට වත්තල පොලිස් ස්ථානයට යන ලදී. එවිට පෙත්සම්කරු දැඩි වේදනාවකින් පසු විය. ඔහුගේ ශරීරය ඉදිමි තිබිණි. ඇවිද ගැනීමට නොහැකි විය. අත් චලනය කිරීමටද අපහසු විය. පොලිස් නිලදාරීන් ඔහුගේ බිරිදට පැවසුවේ ඔහුව වැරදීමකින් අත්අඩංගුවට ගත් බවත් ඊලග දින උදැසන ඔහුව නිදහස් කරන බවත්ය.

අදිකරණයේදී වගයුත්තරකරුවන් කියා සිටියේ තමන් පෙත්සම්කරු සම්බන්දයෙන් අවම බලය යෙදු බවයි. මුලික අයිතිවාසිකම් පෙත්සමේ එක වගයුත්තරකරුවකුගේ නම වැරදියට සදහන් වූ බවද කියැවිණි.

*** ජෙරාඩ් පෙරේරා මෙම නඩුවෙන් දිනිය. එය එයිතිහාසික නඩුවක් ද විය. නමුත් ඊට පසුව 1994 අංක 22 දරන වදහිංසා පනත යටතේ නීතිපතිවරයා මහදිකරණයේ නඩු පැවරු අතර නඩුව විබාග වෙමින් තිබියදී මෙම පොලිස් අපරාදකරුවන් විසින් ඔහුව දෙනෝදාහක් ගමන් කරන මහ මග බස්රථයක් තුල මහ දවල් ගාතනය කරන ලදී.

download (1)

download (2)

ජනතා අදිකරණය (9) ;- යෝගලිංගම් විජිතා නඩුව.

rape

මේ මුලික අයිතිවාසිකම් නඩු අංක 186/2001 යි. පෙත්සම්කාරිය යෝගලිංගම් විජිතාය. නඩුව කියන අවස්ථාවේ ඇය මිගමු රක්ෂිත බන්දනාගාරයේ සැකකාරියකි. නඩුව විබාග වුයේ ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ප්‍රනාන්දු විනිසුරු, ගුණසේකර විනිසුරු සහ ඉස්මයිල් විනිසුරු ඉදිරිපිටදීය. තීන්දුව ලීවේ ගුණසේකර විනිසුරු වන අතර එයට අනෙක් ශේෂ්ට්‍රදිකරන විනිසුරු දෙපලගේ අනුමැතිය හිමිවිය. තීරණය ලබා දුන්නේ 2001.08.23 දිනය.එනම් ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 13 (1) සහ 13 (2) වගන්ති වල දැක්වෙන මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ වී එස් ගනේෂලිංගම් සමග වී යෝගේශ්වරන්ද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස්, උපුල් කුමාරප්පෙරුම, රජයේ නීතිඥ එම් විජේසුන්දර නීතිඥ සේනුයිදින් පෙනී සිටියහ.

ඇයට වන්දි සහ ගාස්තු වශයෙන් රුපියල් 2,50,000ක් ලබාදීමට ශේෂ්ට්‍රදිකරණය නියෝග කල අතර එයින් පළමු තෙවන සහ නමවන වගයුත්තරකරුවන් සමාන කොටස් වශයෙන් රුපියල් 1,50,000 ක් ද රජය රුපියල් 1,00,000 ක් ද ගෙවිය යුතු බවට නියම විය.

පෙත්සම්කාරියට එවකට වයස අවුරුදු 27 කි. ඇය කයිට්ස් හි පදිංචිකාරියක් වූ අතර යුද්දය නිසා 1990 දී සහ 1995 දී අවතැන් විය. ඇය හමුදා මෙහෙයුම් නිසා කිලිනොච්චියට පැමිණියාය. ඇගේ මව මැදපෙරදිග රැකියාවට 1989 දී ගිය අතර පියා පවුල අතහැර ගොසිනි. කිලිනොච්චියේදී ඇය පාසලක ප්‍රථමික සුවෙච්චා ගුරුවරියක ලෙස සේවය කළාය. ඇගේ නැන්දනිය ඇයට විවාහ යෝජනාවක් ගෙනා අතර ඔහුව බාබු යනුවෙන් හැදින්වූ අතර ඇය මීගමුවේ පදිංචියට ආවාය. එම බාබු නැමැත්තාද ඇගේ මුලික අයිතිවාසිකම් පෙත්සමේ 8 වන වගයුත්තරකරු විය.

ඔහු ඇයට හින්දු චාරිත්‍ර අනුව විවාහය සිදුකර එකට වාසය කිරීමට යෝජනා කළේය. කෙසේනමුත් ඔහු විවාහක දෙදරු පියෙකු බව පෙත්සම්කාරියට දැන ගන්නට ලැබුණි. ඒ හේතුව නිසා ඇය ඔහු සමග විවාහවීම ප්‍රතික්ෂේප කල අතර ඉන්පසු ඇයට ඔහු විසින් නොයෙක් හිරිහැර සහ තර්ජන කරන ලදී. ඔහු කියා සිටියේ සිය බලපෑම් උපයෝගී කරගෙන ඇයව එල් ටි ටි ඉ සංවිදානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස පොලිසියට අල්ලා දී වදහිංසා පමුණුවන බවයි. මේ තත්වය මත ඇය නැවත ත්‍රිකුණාමලයට පැමිණියාය.

2000.06.21 දින පෙරවරුවේ ඇයව ත්‍රිකුණාමලය මහජන බැංකුව ඉදිරිපිටදී සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලදාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඇයට මාංචු දමා වැන් රථයකින් මිගමුව පොලිසියට රැගෙන එන ලදී. එහිදී ඇයව ගරාජයකට දමන ලදී. ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක බව චෝදනා කරමින් ශරීරයේ සෑම ස්ථානයකටම පොලු වලින් පහර දෙන ලදී. ඉන්පසුව ඇයව කුඩුවට දමා කරාබු ගලවා කම්මුල් පහරවල් ගසන ලදී. අගේ මුහුණ මිරිස් කුඩු සහ පෙට්‍රල් මිශ්‍ර කර දැමු ෂොපින් බැගයකින් ආවරණය කළහ. ඇයට දැනුනේ ඇගේ මුළු ඇගම ගිනි ගන්නාක් මෙනි. ඉන්පසු ඇයට මේසයක දිගා වන්නට කියා පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු එයට තදකර අල්ලා සිටියදී තවත් පොලිස් නිලදාරීන් සිවු දෙනෙකු ඇගේ අත්වල සහ කකුල්වල ඇගිලිවල නියපොතු වලට අල්පෙනෙති එබ්බවුහ. ඇයට පොලු වලින් සහ වයර් වලින් පහරදුන් අතර බුට් සපත්තු වලින් බිමට වැටුණු ඇයව පැගුහ.

2000.06.25 වන දින ඇයට ප්‍රකාශයකට අත්සන් තබන්න කීවිට ඇය එය ප්‍රතික්ෂේප කළාය. එවිට පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු ඇයව මේසයක් මත තබා තදකර අල්ලා සිටින විට ඇගේ මුහුණ ආවරණය කර මිරිස් කුඩු තැවරු කෙසෙල් මුවයක තුඩ විනාඩි 15 ක පමණ කාලයක් ඇගේ යෝනියට වරින් වර එක පොලිස් නිලදාරියකු විසින් ඇතුල් කළේය. ඇයව ඉන්පසුව පොලිස් කුඩුවට ගෙනවිත් දැමුවේ කිසිවිටකත් සෝදා ගැනීමට ඉඩ නොතබන බවට දැඩි උපදෙස් පිටය. රාත්‍රියේ ඇගේ කෑගැසීම ඇසි කාරුණික පොලිස් නිලදාරියකු ඇයට වැසිකිලිය බාවිතා කිරීමට ඉඩ දුන්නේය.

ඇයව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කලවිට මෙම වදහිංසා පැමිණවීම ගැන ප්‍රකාශ කිරීමට නොහැකි වුයේ පොලිසියේ දැඩි බලපෑම නිසාය. ඇයව අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට අයත් ත්‍රස්ත විමර්ශන එකකයේද රදවනු ලැබිණි. ඇයව රෝහල් ගත කෙරිණි. ඇයට ශාරීරික තුවාල වලට අමතරව විෂාදය, නින්ද නොයාම, බඩගිනි නොවීම, සිතේ එකගතාවක් නොමැතිවීම, සහ චකිතය වැනි මානසික රෝග ලක්ෂණද තිබිණි.

වයිද්‍ය මතය ඇගේ මෙම ශාරීරික සහ මානසික අබාද සමග ගැලපිනි. මෙහිදී සුදත් සිල්වා එරෙහිව කොඩිතුවක්කු 1987 2 SLR 119 හි අතුකෝරල විනිසුරුගේ ප්‍රකාශයක් අදාල කරගෙන ඇත. එනම් පොලිසිය සැකකරු සම්බන්දයෙන් ම්ලේච්ච තිරිසන් සහ අමානුෂික ආකාරයට ක්‍රමවේද යොදා ගෙන ඇති බවයි. මෙවන් කාලයක එනම් මානව හිමිකම් ආරක්ෂාව සහ ප්‍රවර්දනය ගැන කථා කරන විට මේවා ඉතා ගරුත්වයක් සහ විනිතකමක් නැති දේ ලෙසය.

තීන්දුව ලිවූ ශේෂ්ට්‍රදිකරන විනිසුරු ගුණසේකර මහතා නීතිපතිවරයාට නියෝග කරමින් කියා සිටියේ පෙත්සම්කරු සම්බන්දයෙන් 1994 අංක 22 දරන පනත එනම් කෘර අමානුෂික හෝ පහත්කොට සැලකීම හෝ දඩුවම් යන සම්මුතිය යටතේ එන පියවර ගත යුතු බවය.

ජනතා අදිකරණය (8) ;- හිටපු මහාදිකරන විනිසුරු නඩුව.

n01

මේ මහානාම තිලකරත්න එරෙහිව බන්දුල වික්‍රමසිංහ ජෙෂ්ට පොලිස් අදිකාරී, සහ තවත් අය නඩුවයි. මුලික අයිතිවාසිකම් නඩුවකි. වරෙන්තුව අවලංගූ කර ඇප ලබා දී සිටියදී සැකකරුව නැවත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම සාකච්චා වේ. ශේෂ්ට්‍රදිකරන විනිසුරු දිරරත්න, විජේතුංග විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ රන්ජිත් අබේසුරිය නීතිඥ ගිතක ගුනවර්දන, සහ ප්‍රියදර්ශනී ඩයස් ද වගයුත්තරකරුවන් වෙනුවෙන් ඩෙන්සිල් ගුණරත්න බුද්දික ජයසිංහ උදයන්ති සෙනෙවිරත්න සහ ජනාදිපති නීතිඥ සොලිසිටර් ජෙනරාල් කේ සි කමලසබේසන් නීතිඥ ජයන්ත ජයසූරිය සහ ජෙෂ්ට රජයේ නීතිඥ උදිත ඉහලහේවා පෙනී සිටින ලදී.

වගෞත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් එනම් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13 (1) සහ 13 (2) වගන්ති වල සදහන් උල්ලංගනය කරමින් පෙත්සම්කරුව නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීමක් සහ රදවා ගැනීමක් සිදුවූ බව තීරණය කෙරිණි. පළමු සහ තෙවන වගයුත්තරකරුවන්ට වෙන් වෙන්ව පෙත්සම්කරුට පුද්ගලිකව රුපියල් 50,000 ක් ද රජයට රුපියල් 2,00,000 ක් වන්දි වශයෙන්ද ගාස්තු ලෙස රුපියල් 50,000 ක් ද ගෙවීමට නියම වූ අතර ඒ අනුව රුපියල් 3,50,000 ක් මුළු මුදල ලෙස පෙත්සම්කරුට ගෙවීමට නියම විය.

මෙහිදී දිරරත්න විනිසුරුවරයා වැදගත් ප්‍රකාශයක් කළේය. “එනම් වරෙන්තුවක් නිකුත් කිරීම අදිකරනමය ක්‍රියාවකි. එයට පුද්ගලයකුගේ නිදහස පිළිබද කරණය ඇතුලත් වේ. මහේස්ත්‍රාත්වරයෙකු විසින් නඩු පවරන්නාගේ හෝ විමර්ශකයාගේ අවශ්‍යතාව පමණක් සලකා බලා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළ යුතුය. “

පෙත්සම්කරු 1968 දී නීති වුර්තියට බැදුණි. 1978 සැප්තැම්බර් මස අදිකරණ සේවයට සම්බන්ද විය. ඔහු මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු ලෙස ප්‍රදේශ කිහිපයකම සේවය කළේය. 1994 දී ඔහුව මහදිකරන විනිසුරුවරයකු ලෙස පත්කරන ලදී. මෙම සිද්දිය වන විට ඔහු කොලබ මහදිකරන අංක 07 හි මහදිකරන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. ඔහු එවකට සිය පවුල සමග තලගල, කිරිවත්තුඩුවේ පදිංචිව සිටියේය.

පෙත්සම්කරුගේ පුතා, සේවකයකු සහ තවත් අයකු සෝමචන්ද්‍ර නැමැත්තෙකුට පහරදීම සම්බන්දයෙන් මෙම සිද්දිය උද්ගත විය. සෝමචන්ද්‍ර සිය පුතාව පාසල් වැන් රථයට ඇරලීමට පැමිණි අවස්ථාවේ පෙත්සම්කරුගේ නිවස ඉදිරිපිට මෙම පහරදීම සිදුව ඇත. පෙත්සම්කරු විසින් සෝමචන්ද්‍ර දෙසට වෙඩි කිහිපයක් තැබූ බවටද චෝදනා එල්ල විය.

පෙත්සම්කරුට දැන ගැනීමට ලැබුනේ කැස්බෑව මහේස්ත්‍රාත් තමාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් සහ නිවස පිලිබදව සෝදිසි වරෙන්තුවක් නිකුත් කර ඇති බවකි. ඔහු එවිට අදිකරණයට නීතිඥවරුන් සමගින් බාර විය. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර පෙත්සම්කරුව ඇප පිට මුදා හළේය. මේ බව අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස මහේස්ත්‍රාත් උසාවි රෙජිස්ට්‍රර්ට නියෝග කළේය. පෙත්සම්කරු මහේස්ත්‍රාත් නියෝගයේ සහතික පිටපතක්ද ලබා ගත්තේය.

පෙත්සම්කරු එදින සවස නිවසේ සිටියදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත් නියෝගය පෙන්වා සිටියද එයින් වැඩක් වුයේ නැත.

ජනතා අදිකරණය (7) ;- ත්‍රීවිලර් වලට පොලු තැබූ පොලිසියක් පිළිබද නඩුව.

th

මේ කිත්සිරි දර්මවර්දන එරෙහිව කොස්තාපල් මහින්ද ගුණතිලක සහ තවත් අය නඩුවයි. එය SC (FR ) Application NO 149/2006 හි සදහන්ව ඇත. මුලික අයිතිවාසිකම් නඩුවකි. අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ශිරාණි තිලකවර්දන, එන් ඊ දිසානායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා, ආචාර්ය ජයන්ත ද අල්මේදා, මදුරංග රත්නායක, සහ රජිත පෙරේරා පෙනී සිටියහ.

2007.04..05 වන දින තීරණය කෙරිණි. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය සහ 12 (1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. දිසානායක විනිසුරු තීන්දුව ලබා දුන් අතර එයට අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ශිරාණි තිලකවර්දන එකග විය.

මෙම වගයුත්තරාකාර පොලිස් නිලදාරින් ඇල්පිටිය පොලිස් අබ්යාස විද්‍යාලයට අනුයුක්තව සිටි අයයි. ඔවුන්ට කටපොල හන්දියේ ත්‍රිරෝද රථ රියදුරන් සමග හොද සබදතාවයක් තිබුනේ නැත. පෙත්සම්කරු එහි සිටි ත්‍රිරෝද රථ රියදුරෙකි. මෙම සබදතාවය පලුදු වීමට හේතුව පොලිස් නිලදාරීන් මෙම ත්‍රිරෝද රථ වල ගමන් ගොස් ගාස්තුව නොගේවිමයි.

2006 මාර්තු 25 වන දින සවස 6 ට පමණ පළමු වගයුත්තරකරු මෙම හන්දියට පැමිණ පෙත්සම්කරුට ත්රිවිලරයෙන් ගමනක් යාමට රාත්‍රී 9 ට පැමිණෙන ලෙස දැන්වුහ. පෙත්සම්කරු එය ප්‍රතික්ෂේප කලේ ඔහුට වෙනත් ගමනක් යෙදි තිබුන බැවිනි. 2006 මාර්තු 27 වැනි දින මෙයට පලිගැනීම සිද්ද විය. පෙත්සම්කරුට පොලිස් නිලදාරීන් අමානුෂික ලෙස පහර දෙන ලදී. ඒ අත් වලින් කකුල් වලින් සහ පොලු වලිනි. පොලිස් ස්ථානයට රැගෙන ගිය පෙත්සම්කරුව ඥාතීන්ගේ ඉල්ලීම පරිදි නිදහස් කෙරිණි. ඔහුව ඇල්පිටිය දිසා රෝහලට ඇතුලත් කල අතර එහිදී අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබිණි. ඔහුගේ නියමයෙන් පෙත්සම්කරුව වැඩි දුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවනු ලැබිණි. එහිදීද ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබිණි.

මෙම නඩුවේදී අදිකරණ වයිද්‍ය පෝරමය වැදගත් සාක්ෂියක් බවට පත් විය. මෙම නඩුව පැවරීමට පෙර එනම් 2006.04.06 වැනි දින පෙත්සම්කරු අදාල සිද්දිය පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට පොලිස් කොමිෂම ඇතුළු අදාල බලදාරීන්ට ලිකිතව පැමිණිලි කර තිබු අතර අපරදකරුවන් පැහැදිලිව හදුනා ගනු ලැබූ බවද සදහන් විය. නමුත් වගෞත්තරකරුවන් වෙනුවෙන් දැක්වූ කරුණු සනාථ කිරීමට පොලිස් තොරතුරු සටහන් පොත් වල සාක්ෂි නොවිණි.

මෙම නඩුවේදී කටපොල හන්දියේ ත්‍රිරෝද රථ රියදුරන්ට වගයුත්තරාකාර පොලිස් නිලදාරීන් පුරුද්දක් ලෙස ගාස්තු නොගෙවෙන බව තීරණය විය. 2006.03.07 වන දින 1 සිට 7 දක්වා වගයුත්තරකරුවන් පෙත්සම්කරුට පහරදීම නිසා ඔහුට අමානුෂික සහ පහත්කොට සැලකීම සිදුවූ බව තීරණය විය. වගයුත්තරකරුවන් මෙසේ ප්‍රසිද්දියේ පහරදීම එනම් පෙත්සම්කරුගේ මිත්‍රයින් සහ සහයකයින් ඉදිරිපිට එය සිදුවීම පුද්ගලිකව ඔහුව අපහසුතාවයට පත් කල 11 වන වගන්තිය උල්ලංගනය කිරීමක් බවද තීරණය විය.

මෙහිදී 09 වන වගයුත්තරකරු වන පොලිස්පති වන්දි ලෙස රුපියල් 25,000 ක් පෙත්සම්කරුට ගෙවීමට නියෝග කෙරිණි.

ජනතා අදිකරණය (6);- දන්කොටුව සිරිසෙවන ගෙස්ට් හවුස් නඩුව.

kandy_home

මේ මැක්සිමස් ඩනි එරෙහිව අයි පි සිරිනිමල් සිල්වා සහ තවත් අය නඩුවයි. මුලික අයිතිවාසිකම් නඩුවකි. ශේෂ්ට්‍රදිකරන විනිසුරු දිරරත්න, පෙරේරා සහ ශිරාණි බණ්ඩාරනායක යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය ලැබුණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුනද වගයුත්තරකරුවන් වෙනුවෙන් ඒ එච් එම් ඩි නවාස් ද පෙනී සිටින ලදී.

1998.07.22 පෙත්සම්කරු සහ වැන්දබුවක වන තනිව සිටින ලීලා පෙරේරා දන්කොටුව සිරිසෙවන තානායම් පලට ගියේ රාත්‍රිය සන්සුන්ව ගත කිරීමටය රාත්‍රී 10.30 ට පමණ කිසියම් පිරිසක් ඔවුන්ගේ කාමරයේ දොරට ගැසූ අතර ඔවුන්ගේ නිදහස බිද වැටුණි. නිල ඇදුමින් සිටි පොලිස් නිලදාරීන් 06 දෙනෙකු කාමරයට ඇතුල්ව ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් දෙදෙනාව පළමුව දන්කොටුව පොලිස් ස්ථානයටත් එතනින් හලාවත පොලිස් ස්ථානයටත් ගෙන ගියහ. ඔවුන්ව අත්අඩංගුවේ තබා ගෙන ඉන්පසුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කල අතර ඇප ප්‍රතික්ෂේප කෙරිණි. පෙත්සම්කරුට 1998.07.29 දක්වා රක්ෂිත බන්දනාගාර ගතව සිටීමට සිදුවූ අතර පසුව නිදහස් කෙරිණි.

පෙත්සම්කරුගේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව විබාගයේදී වගයුත්තරකාර පොලිසිය කිවේ තමන් සිරිසෙවන නවාතැන් පොළ වැටලුවේ එහි එල් ටි ටි ඉ සැකකරුවන් සිටින බවට ලැබුණු තොරතුරක් මත බවයි. ඔවුන්ට චෝදනා නගා තිබුනේ ගණිකා නිවාස ආඥා පනත යටතේය. ඒ යටතේ ලිංගික සබදතා පැවැත්වීම වරදක් නොවේ. වරද වන්නේ ගණිකා නිවාසයක් නඩත්තු කර පාලනය කර පවත්වා ගෙන යාමයි.

මෙහිදී මහානාම තිලකරත්න ඒ. බන්දුල වික්‍රමසිංහ (1999, 1 SLR 372) නඩුව උපුටා දක්වමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම පිලිබදව සාකච්චා විය. එහිදී මෙසේ සදහන් කෙරිණි. මහේස්ත්රත්වරු විමර්ශකයකු හෝ නඩු පවරන්නාගේ පරිපිඩක සතුට වෙනුවෙන් රක්ෂිත බන්දනාගරගත කිරීමේ නියෝග නිකුත් නොකළ යුතුය. පුද්ගලයකු රක්ෂිත බන්දනාගාර ගත කිරීම අදිකරනමය ක්‍රියාවකි. පුද්ගලයකුගේ නිදහස අහිමි කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයකු තම අදිකරනමය මනස ඒ සදහා යොමු කල යුතුය.

තවද මෙම නඩුවේදී කියවුනේ මහේස්ත්රත්වරු පොලිසියේ උවමනාවට යාන්ත්‍රිකව රක්ෂිත බන්දනාගාර ගත කිරීමේ නියෝග නිකුත් නොකළ යුතු බවකි.

පෙත්සම්කරුට රුපියල් 25,000 ක වන්දියක් ගෙවීමට නියම වූ අතර අදාල ගාස්තුව රජය විසින් ගෙවිය යුතු විය. 1 සිට 6 දක්වා වගයුත්තරකරුවන් වෙන් වෙන්ව පුද්ගලිකව රුපියල් 5000 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු වේ. ඒ අනුව වන්දි සහ ගාස්තු වශයෙන් රුපියල් 55,000 ක මුදලක් ලැබීමට පෙත්සම්කරුට අයිතිය ඇත. මෙම මුදල අද සිට මාස 03 ක් ඇතුලත ගෙවීමට පියවර ගත යුතු බව නියෝග කෙරිණි.

තවද ශේෂ්ට්‍රදිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවේ මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පති වෙත යැවිය යුතු බවයි.

ජනතා අදිකරණය (5);- රට වැසි පෙරමුණ නඩුව.

pic-1-0

මෙම නඩුව රට වැසි පෙරමුණ නඩුව යනුවෙන් හදුන්වමු. පෙත්සම්කරුවන් 16 කි. වගෞත්තරකරුවන් 07 කි. මෙහි විශේෂත්වය වන්නේ පෙත්සම්කරුවන් 16 දෙනා අතර වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු වන පාටලී චම්පික රණවක සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමි සිටීමයි.

මෙම නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන අමරසිංහ විනිසුරු ගුනවර්දන විනිසුරු සහ විජේතුංග විනිසුරුවරුන් ඉදිරියේ විබාග වූ අතර තීන්දුව ලබා දුන්නේ අමරසිංහ විනිසුරු විසිනි. ඔහු සමග අනෙක් විනිසුරු දේපල එකග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර, මනෝරි මුත්තෙට්ටුවේගම, සි සුවර්ණදිපති, ජේ සි වැලිඅමුණ, සුරන්ජිත් හෙවමන්නද, වගෞත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩි පි කුමරසින්හද පෙනී සිටින ලදී. 1994.06.17 දින තීරණය ලබා දෙන ලදී.

මුලික අයිතිවාසිකම් නඩුවකි. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 13 (1) වගන්තිය උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. එම වගන්තියෙන් කියවෙන්නේ කිසිදු පුද්ගලයෙකු නීතියෙන් ලබා දී ඇති ක්‍රියාදාමයට පටහැනිව අත්අඩංගුවට ගත නොහැකි බවයි. රට වැසි පෙරමුණ ආණ්ඩු විරෝදී සංවිදානයකි. ආණ්ඩුව, ජනාදිපති, ඇමතිවරු සහ මැතිවරණයකින් තේරී පත්වූ නියෝජිතයින් හෝ රාජ්‍ය නිලදාරීන් තියුණු ලෙස දෝෂදර්ශනයට ලක් කිරීම නීතිමය සුවරුපයෙන් නීතිවිරෝදී නැත.

රට වැසි පෙරමුණේ නායකයා වුයේ අතුරලියේ රතන හිමිය. 1992 පෙබරවාරි 27 වැනි දින ඔවුහු කවුදුදුව විහාරයේ රැස්වීමක් පැවැත්වුහ. වාද්දුව පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණ ඉහත සදහන් පන්සලේ රැස්වීමක් පවත්වන බවත් එය චම්පික රණවකගේ නායකත්වය යටතේ කොලබ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ සහබාගිත්වයෙන් සිදුවන බවයි. ඒ අනුව පොලිසිය එහි ගොස් හොර රහසේ රැස්වීමට සවන් දීමෙන් පසුව රට වැසි පෙරමුණේ සාමාජිකයින්ව අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසියට අනුව රට වැසි පෙරමුණේ සාමාජිකයින් දොරවල් ජනෙල් වැසු කාමරයක රවුමකට බිම වාඩිවී සිටි අතර එක පුද්ගලයෙක් නැගිට ඔවුන්ට දේශනයක් පවත්වන ලදී. පොලිසිය සදහන් කල ආකාරයට ඔහු කි දේ සරලව මෙසේය. “රටේ ඒකාදිපති පාලනයක් ක්‍රියාත්මක වේ. තව වසර විස්සක් යන්නට මත්තෙන් මුළු රටම විනාශ වනු ඇත. ප්‍රේමදාසගේ මෙම ඒකාදිපති පාලනය අවසන් කල යුතුයි. ප්‍රේමදාස ප්‍රබාකරන් සමග යුද්දය පවත්වාගෙන යයි. මෙය නැවැත්විය යුතුයි. දිස්ත්‍රික්ක පදනමින් විශ්ව විද්‍යාල පිහිටුවීම උපාදිදරින් අවතක්සෙරු කිරීමකි. අතරමන් කිරීමකි. විපක්ෂය තුල සිදුවන සුළු ආරවුල් නිසා ප්‍රේමදාසගේ බලය වැඩිවෙනු ඇත. මෙම බලයේ පුළුල් පැතිරීමට තරුණයින්ට ඉඩ දිය නොහැක. රට ඒකාදිපති පාලනයෙන් මුදා ගත යුතුයි. අපි රට වැසි පෙරමුණ යටතේ මෙම අරගලය දිගටම ගෙන යමු.”

විට්නි එරෙහිව කැලිෆෝර්නියා නඩුවේදී බ්‍රන්සිස් විනිසුරුගේ ප්‍රකාශයක් මෙහිදී උපුටා දැක්විණි. එනම් “මර්දනය වයිරය ඇති කරන අතර වයිරය ස්ථාවර ආණ්ඩුවට තර්ජනයකි. නිදහස් බාෂණයේ වටිනාකම එනම් එහි ආරක්‍ෂිත වටිනාකමට අදි අවදාරණය කල නොහැක. “

මෙහිදී පෙත්සම්කරුවන් සෑම කෙනෙකුටම රජය විසින් රුපියල් 5000 ක මුදලක් ගාස්තු ලෙස ගෙවිය යුතු බවට නියම විය.

ජනතා අදිකරණය (4) ;- පුර හද කළුවර නඩුව.

Death_on_a_Full_Moon_Day

මේ ප්‍රසන්න විතානගේ එරෙහිව සරත් අමුණුගම, පුනරුත්තාපන යලි ගොඩනැගීම උතුරු සංවර්දන අමාත්‍ය සහ තවත් අය නඩුවයි. ශ්‍රී ලංකා නීති වාර්තා 391, Vol 1, 2001 හි සදහන්ව ඇත. මුලික අයිතිවාසිකම් නඩුවකි. චිත්‍රපටියක් මහජනතාවට ප්‍රදර්ශනය කිරීම ගැන සාකච්චා වේ. ආරක්ෂක අංශ වල සාමාජිකයින්ගේ ආත්ම ශක්තිය සහ ජාතික ආරක්ෂාව ගැන මෙහිදී සලකා බලා තිබේ. පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් එනම් ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 12(1) වගන්තිය, 14 (1) (a ) සහ 14 (1) (g ) උල්ලංගනය වූ බව තීරණය කෙරිණි.

ශේෂ්ට්‍රදිකරන විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා තීන්දුව ලබා දුන් අතර ඔහු සමග ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන අමරසිංහ සහ එදිස්සුරිය යන මහත්තුරු එකග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග පි රදක්රිශ්නන්ද වගෞත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ සලීම් මර්සුෆ්ද අතිරේක සොලිසිටර ජනරාල්වරයා සහ ජෙෂ්ට රජයේ නීතිඥ අයි ඩි ද සිල්වා මහත්මිය පෙනී සිටින ලදී. පෙත්සම්කරු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1997 දී ඔහු සිය සිවුවන චිත්‍රපටිය අද්යක්ෂණය කර නිපදවිය. එය පුර හද කළුවර ( Death on a Full Moon Day ) නමි.

පුර හද කළුවර ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම ලංකාවේ තිරගත වීමට පෙර තිරගත කෙරිණි. එය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ අතර ලංකාවේදී ජනාදිපති සම්මාන උළෙලේදී විශ්ව කිර්ති සම්මානය එයට හිමි විය. ඒ 2000. 02. 11 වැනි දිනයි. ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය 2000.03.06 දින එය සිමා කිරීමකින් තොරව ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන ලදී. නමත් එය පසුව ප්‍රසිද්ද කරන ලෙස පෙත්සම්කරුට දැන්විණි. ඒ මැයි සහ ජුනි මාස වල අලිමන්කඩට එල්ල වූ එල් ටි ටි ඉ ප්‍රහාරය සහ රට යුද්ද තත්වයක පැවතීමට තීරණය කිරීමත් සමගයි. 2000.05.03 දින කැබිනට් තීරණයක් මගින් රට යුද්ද තත්වයක පැවතීමට සිදුවූ බව නිවේදනය කෙරිණි.

මෙම චිත්‍රපටියට පාදක වූ කතාව අනුරපුරයේ වියලි කලාපය පසුබිම් වුවකි. ගොවින් දැඩි නියගයෙන් පිඩාවට පත්ව සිටියහ. මේ අතර යුද්දයේදී මියගිය තරුණ සෙබලෙකුගේ සිල් තැබූ මිනි පෙට්ටිය ගමට ගෙනෙන ලදී. නමුත් ඒ සමගම ඔහු ලියු ලිපියක්ද ලැබිණි. ඒ ඔහු තමා උපයා ගත් වැටුපෙන් කුඩා ගෙයක් ඉදිකරන බවට සහ සහෝදරියගේ විවාහ මන්ගල්ල්ලයේ වියදම් තමා විසින් දරන බවටයි. ඔහුගේ මහලු පියා අන්දය. හෙතෙම මිනි පෙට්ටිය පිළිබද සාක්ෂියට වඩා විශ්වාස කලේ මෙම ලිපියයි. ඔහු සිය පුතා මියගිය බව විශ්වාස කලේ නැත. කොතෙක් බලපෑම් එල්ල වුවද ඒ වෙනුවෙන් පිරිනැමූ වන්දිය බාර ගත්තේද නැත. පසුව මිනි පෙට්ටිය ගොඩ ගත් අතර එය හිස් එකක් විය. චිත්‍රපටිය අවසන් වන්නේ මහලු පියා වැවක් අසල හිද ගෙන සිටින කුඩා ළමයි වැවු ජලයේ සෙල්ලම් කරන සෙමින් ඇද හැලෙන වර්ෂාවක් සහිත දර්ශනයෙකිනි.

පෙත්සම්කරු පුර හද කළුවර චිත්‍රපටිය සැදීමට රුපියල් මිලියන 1.5 ක ණයක් ගෙන තිබිණි. ශේෂ්ට්‍රදිකරන නියමය වුයේ දෙවන වගෞත්තරකුරු එයට පොලියක් අය නොකළ යුතු බවත් 2001.09.05 ට පෙර දෙවන වගෞත්තරකරු පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවිය යුතු බවත් පළමු වගයුත්තරකරු පෙත්සම්කරුට පවුද්ගලිකව රුපියල් 50,000ක් ගෙවිය යුතු බවත්ය.

වෝටර් බෝඩින් වදහිංසාව ගැන මානව හිමිකම් කොමිසම ගොළුයි.

DSC_0264
චමිල එරංග මොරගම්මුල්ල, උඩුගම, ගාල්ල පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුව 2013.11. 20 වන දින නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කරන ලදී. මෙහිදී වෝටර් බෝඩින් ක්‍රමයද උපයෝගී කරගෙන වදහිංසා පැමිණවිය. එල්ලා කේබල් වලින් යටි පතුල් වලට ගැසුවේය. ෂොපින් බැග් තුනකට පෙට්රෝල් දමා හුස්ම ගන්න බැරි වෙන්න මුහුණට දමන ලදී. ඔහු පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට ලිකිතව පැමිණිලි කරන ලදී. මානව හිමිකම් කොමිසමෙන් කැදවීමක් ලැබිණි. නමුත් අදාල දිනයට ඔවුන්ට මුදල් නොමැති කමින් එහි යාමට නොහැකි විය. ඔවුන් ෆැක්ස් මගින් එම අපහසුතාවය දැනුම් දී වෙනත් දිනයක් ඉල්ලා සිටියහ. ඒ ගැන තාම පිළිතුරක් නොමැත.

චමිලට දැන් රැකියාව ලෙස කුලී වැඩ කල නොහැක. වදහිංසා පැමිණවීම නිසා ඔහුට කරකැවිල්ල ඇතිවේ. අවුවේ සිටිය නොහැක. යටිපතුල් වල වේදනාව නිසා ගස් නැගීමට නොහැක. චමිලගේ බිරිද චතුරාණි නිසන්සලාය. ඔහුගේ පුතාට අවුරුදු 04කි. ලබන වසරේ පාසල් යයි. ඔහුගේ දියණියට අවුරුදු දෙකකි. දැන් බිරිද දළු කැඩීමට යයි. ඔවුන්ට බොහෝසෙයින් ආර්ථික දුෂ්කරතා ඇත. ඔවුන්ට ඔබ සහය පල කිරීමට කැමති නම් 077 0715637 ට දුරකථන ඇමතුමක් දෙන්න.
DSC_0265DSC_0254

ජනතා අදිකරණය (3) ;- මහින්ද රාජපක්ෂ (ජිනීවා) නඩුව.

maxresdefault

මේ මහින්ද රාජපක්ෂ එරෙහිව කුඩාහෙට්ටි සහ තවත් අය නඩුවයි. මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13 (1) සහ 14 (1)(අ) වගන්ති එනම් බාෂණයේ නිදහස සහ අත්අඩංගුවට ගැනීම සාකච්චා වේ. ශ්‍රී ලංකා නීති වාර්තා 1992 Vol 2, 223 හි සදහන්ව ඇත.

පෙත්සම්කරු එනම් මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ශේෂ්ට්‍රදිකරන විනිසුරු අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කල අතර එයට ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන බණ්ඩාරනායක මහතා සහ දිරරත්න මහතා එකග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර මහතාද වගෞත්තරකරු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා මහතාද පෙනී සිටින ලදී.

එවකට පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු විපක්ෂය නියෝජනය කළේය. මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත් ක්‍රියාකාරී ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විය. මුලික හා මානව හිමිකම් පිළිබද පාර්ලිමේන්තු කමිටුවේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

1990 සැප්තැම්බර් 11 ඔහු කටුනායක ගුවන් තොටුපලට ගියේ ජිනීවා බලා යන ගුවන් යානයකට ගොඩවිමටය. ඒ බලයෙන් හා සුවෙච්චවෙන් සිදුකරන අතුරුදහන් කිරීම් පිළිබද වැඩ කණ්ඩායමේ 31 වන සැසිවාරයට සහබාගි වීමටයි. එය සැප්තැම්බර් 10 සිට 14 දක්වා කාලය තුල පැවැත්වීමට නියමිත විය. ගුවන්තොටුපලේදී සහකාර පොලිස් අදිකරිවරයකු වූ පළමු වගෞත්තරකරු ඔහුගේ ගමන් මලු පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියේය. ඔහු ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශයෙන් කියවුනේ පෙත්සම්කරු තහනම් ලියකියවිලි ගෙන යන බවට ලැබුණු තොරතුරක් මත මෙසේ පරික්ශා කිරීමට අවශ්‍ය වූ බවයි. තවද ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවිනි. පෙත්සම්කරු සිය ගමන්මලු පරික්ෂා කිරීමට විරුද්ද විය. ඔහු තමාට නීතිඥවරයකු සම්බන්ද කර ගැනීමට අවශ්‍ය බව කියා සිටියේය. ඉන් අනතුරුව ඔහු විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දුරකතනයෙන් කතා කළේය. එයින් අනතුරුව ඔහු සිය ගමන්මලු පළමු වගෞත්තරකරු දෙසට විසි කළේය. වගයුත්තරකරුට ඒවා පරික්ශා කරන ලෙසද පැවසුවේය.

වගයුත්තරකරුගේ දිවුරුම් ප්‍රකාශයේ මෙසේ සදහන් වේ. ඔහු ඉදිරිපිටදී ඔහුගේ ලෙදර් බැගය පරික්ෂා කලෙමි. බැග් එකේ උඩින් සහල් සුවල්පයක්, පරිප්පු, මිරිස්, කරවල සහ සැමන් ටින් කිහිපයක් විය. එයට යටින් ඇදුම් විය. ඊට යටින් ලිපි ගොනු මිටි 11ක් විය. පෙත්සම්කරු ඔහුට කියා ඇත්තේ ඒවාට අතුරුදහන් වූ අයගේ චායාරුප, ලේකන සහ මියගිය පුද්ගලයින්ගේ සිරුරු වල චයාරුප අන්තර්ගත බවයි.

පසුව පෙත්සම්කරු ජිනීවා බලා ගියේය. ශේෂ්ට්‍රදිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව තීරණය කරන ලදී. තවද ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 12, 13 (1), 13 (2) සහ 14 (1) (අ) වගන්තින් වල දැක්වෙන අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය නොවූ බවද තීරණය කෙරිණි.

ජනතා අදිකරණය (2) ;- “යුක්තිය” නඩුව.

m12
මේ දේශප්‍රිය සහ තවත් අයෙක් එරෙහිව නගර සබාව නුවරඑලිය සහ තවත් අය නඩුවයි. යුක්තිය පුවත් පත අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් වූ බැවින් අප එය යුක්තිය නඩුව ලෙස හදුන්වමු. ශ්‍රී ලංකා නීති වාර්තා 362 Vol 1, 1995 හි සදහන් වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 14 (1) (අ) වගන්තියේ දැක්වෙන බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙහිදී උල්ලංගනය වූ බව තීන්දු විය.

පෙත්සම්කරු යුක්තිය සතිපතා පුවත්පතේ කතෘ මෙන්ම අයිතිකරු වේ. 1992.10.10 දින නුවරඑලිය නගර සබාවේ නගරදිපතිනිය යුක්තිය පුවත්පත් 450 ක් බලයෙන් රැගෙන යන ලදී. ඒ නගරදිපතිනියට හිමි නිල බලය යටතේය. ඒ අනුව මෙය විදායක හා පරිපාලන ක්‍රියාවක් වේ. මෙසේ කලේ ආණ්ඩුවට එරෙහි වූ පත්තරයක් වසා දැමීමටයි.

ශේෂ්ට්‍රදිකරන විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා නඩු තීන්දුව ලියු අතර එයට ශේෂ්ට්‍රදිකරන විනිසුරන් වන දිරරත්න මහතා සහ වදුගොදපිටිය මහතා එකග විය.

මෙහි වගෞත්තරකරුවන් එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආදරකරුවන්ය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ මෙන්ම නගර සබාවේද බලය හිමි විය. යුක්තිය පත්තරය අත්අඩංගුවට ගැනීම පිලිබදව පොලිසියට පැමිණිලි කලද පොලිසිය පැමිණිල්ල ලියා ගත්තේ නැත.

මෙහිදී වගෞත්තරකරුවන් සිය නිල තත්වය යටතේ යුක්තිය පත්තරයේ පිටපත් 450 ක් අත්අඩංගුවට ගත් බව තීරණය විය. මෙය විදායක සහ පරිපාලනමය ක්‍රියාවකි. ඔවුන්ගේ උත්සාහය වුයේ ආණ්ඩුවට විරුද්ද පත්තරයක් දේශපාලන හේතුන් මත අදයිර්ය කිරීමයි. ඒ අනුව බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙහිදී උල්ලංගනය වී තිබේ.

රතනසාර හිමි එරෙහිව උඩුගම්පල නඩුවේදී පත්‍රිකා 20,000ක් අත්අඩංගුවට ගැනීම බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංගනය වීමක් බවට වූ තීන්දුවද මෙහිදී අදාල කර ගැනිණි. එහිදි රුපියල් 10,000 ක් අලාබ වශයෙන් ගෙවන්නටද සිදු විය.

ආණ්ඩුව, දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති සහ වැඩසටහන් වලට සහය පල කිරීම මෙන්ම විවේචනය කිරීමද ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක මුලිකාංග වේ. ප්‍රජාතන්ත්‍රවාදයට විසම්මුතිය ඉවසීම පමණක් නොව උනන්දු කිරීමද අවශ්‍යයි යනුවෙන් මාක් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී ලක්ෂයක වන්දියක් පෙත්සම්කරුවන්ට පිරිනැමිණි. එය රජය හෝ නුවරඑලිය නගර සබාව විසින් නොව දෙවන වගෞත්තරකරු විසින් ගාස්තු වශයෙන් රුපියල් දහදහක්ද සමග ගෙවිය යුතුවිය. මෙම දෙවන වගයුත්තරකරු එවකට නුවරඑලිය නගර සබාවේ නගරදිපතිනිය විය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලියු ගුණසේකර සමග ජේ සි වැලිඅමුණ සහ එල් සි එම් සුවමදිපතිද පළමු සහ දෙවන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ එල් සි සෙනෙවිරත්න සහ ජනාදිපති නිතීඥ රොනල්ඩ් පෙරේරා සමග එච් සිටුගේ පෙනී සිටින ලදී.