Chitrangi's Weblog

ටුවිට සමාජ මාද්‍යට ලොව පුරා විවේචන.

ලිව්වේ: chitrangi විසින් ජනවාරි 27, 2012 දී.

ටුවිට සමාජ මාද්‍ය බාවිතා කරන්නන්ගෙන් මේවන විට එයට දැඩි විවේචන එල්ල වී ඇත. ඒ ඔවුන් ක්‍රියාත්මක කරන්නට යන අලුත් සැලැස්ම වූ සමහර ටුවිට වාරණය කිරීමයි. එය රටින් රට පදනම යටතේ සිදු කිරීමට නියමිතය. මිට හේතුව පුද්ගලික ටුවිට පිළිබදව ආණ්ඩු  සහ සංවිදාන වලින් ලැබෙන පැමිණිලිය.

ස්පාන්ඥ රැකියා වියුක්තිය මිලියන 05 ත් පනී.

ලිව්වේ: chitrangi විසින් ජනවාරි 27, 2012 දී.

2011 අවසන් කාර්තුව වන විට ස්පාඥ රැකියා වියුක්තිය මිලියන 05 ද පසු කරයි. දෙසැම්බර් අවසානයේ ජාතික සංකයා ලේකන ආයතනය පෙන්වාදෙන පරිදි වැඩක නිරත නොවන ගණන මිලියන 5.3 ක් වන අතර තෙවන කාර්තුවේදී එය මිලියන 4.9 ත් පසු කරන ලදී. 21.5% වූ තෙවන කාර්තුවේ ප්‍රතිශතය වසර 17 ට පසු ඉහලම ප්‍රතිශතය වූ 22.8% දක්වා වැඩි විය. යුරෝ කලාපයේ ජාතින් 17 අතුරින් ඉහලම රැකියා විරහිත ප්‍රතිශතය ඇත්තේ ස්පඥයේය. එය උද්දමනය කරා ලගා වෙමින් පවතී.

This slideshow requires JavaScript.

විදානලාගේ මල්ලිකා කුසුමාවතී ෆොන්සේකා 50 හැවිරිදි දෙදරු මවකි. 190 ඒ දෙල්ගොඩ, දෙල්දුව, වාද්දුවේ පදිංචිව සිටි.
2012.01.05 වැනිදා රාත්‍රී 10 ට පමණ පොලිස් නිලදාරීන් 10 දෙනෙකු පමණ ඇගේ නිවසට පැමිණ ඇත. ඔවුන් කාමරේ නිදා සිටි ඇගේ පුතා බිම දිගේ ඇදගෙන මැද සාලයට ගෙනවිත් ඇත්තේද පහර දෙමිනි. මැද සාලයේදීත් ඔහුට පහර දී ඇත. අවිට කුසුමාවතී සහ ඇගේ සැමියා තම පුතාට පහර දීම වැළැක්වීමට කටයුතු කර තිබේ. එවිට පොලිස් නිලදාරීන් ඔවුන්ටද පහර දී ජීප් එකට දා ගෙන වාද්දුව පොලිසියට ගෙන යාමට කටයුතු කරන ලදී. ජීප් රථය තුලදීත් පුතාට පහර දෙනු දැකීමෙන් ඇගේ සැමියාට පපුවේ අමාරුව සැදී සිහිසුන් වී ඇත.
පසුව පොලිස් නිලදාරීන් ඇගේ පුතාව වාද්දුව පොලිසියට බාර දී ඇයවත් සැමියාවත් තවත් පොලිස් කාන්තාවන් දෙදෙනෙකු සමග පානදුර රෝහලට එම ජීප් රථයෙන්ම ගෙන ගොස් තිබේ. ඇගේ සැමියාව දෙවන වාට්ටුවේ නතර කරගෙන ඇත.
කුසුමාවතිව වාද්දුව පොලිසියට ගෙන ගොස් ඇත. ඇයට පොලිසියේ බිම ඉටිකොලයක දමා නිදා ගැනීමට සිදුවූ අතර කෑමට හෝ බිමට කිසිවක් දී නැත.
2012.01.06 දින කුසුමාවතිව සහ ඇගේ පුතාව කළුතර මහේස්ත්‍රාත් අදිකරණයට ගෙන ගොස් ඇත. ඇයට පුතාට සහ සැමියාට නගා තිබු වියාජ චෝදනාව රාජකාරියට බදා කිරීම, නිල ඇදුමට සහ උපැස් යුවලට අලාබ හානි සිදුකිරීම යන්නයි. කුසුමාවතී සහ ඇගේ පුතාව රුපියල් 50,000/= බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
2012.01.09 දින දහවල් ඇගේ සැමියාව රෝහලින් ටිකට් කපා මුදා හැර ඇත. පසුව ඔහුව කළුතර බන්දනාගාරයට ඉදිරිපත් කර රුපියල් 50000/= ක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
කුසුමාවතී මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන්, නියෝජ්‍ය පොලිස්පති කළුතර සහ ජෙෂ්ට පොලිස් අදිකාරී කළුතර යන බලදරයන්ගෙන් පහත ඉල්ලීම කරයි.
එනම් ” තම පුතාව, සැමියාව, සහ තමාව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහරදී වියාජ නඩු පැවරු වාද්දුව පොලිසියේ අපරාද අංශයේ ස්ථානදිපති ඇතුළු නම් නොදන්නා මුත් දුටුවොත් අදුනගතහැකි නිලදාරින්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් සාදාරනය ඉටු කරන ලෙසත්ය.”

පිළියන්දල පොලිසියේ අත් මාංචු සහිතව පිහියෙන් ඇනගෙන මියගිය බව කියන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක‍්‍රියා කළැයි පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මෙම මරණයට පොලිස් ස්ථානයේ ප්‍රදනියා වූ ස්ථානදිපති වගකිව යුතුය. තවද ඔහු තමා යටතේ සිටින පහල නිලදාරීන්ගේ ක්‍රියා සම්බන්දයෙන් වගකිවයුතු වේ. එබැවින් ඔහුගේද වැඩ තහනම් කල යුතුය.

මිනිස්සුන්ගේ කන් පලන අමන බුලත්සිංහල පොලිසිය.

ලිව්වේ: chitrangi විසින් ජනවාරි 25, 2012 දී.

අතුකෝරලගේ නිමල්, බුලත්සිංහල පදිංචි දෙදරු පියෙක්. ඔහු කම්කරුවෙක් ලෙස රැකියාව කරනවා.

මේ සිද්දිය වෙන්නේ 2012.01.14 වැනිදා රාත්‍රී 9 ත් 9.30 ත් අතර. ඔහු රෑ කෑම කමින් සිටියදී බුලත්සිංහල පොලිසියේ නිලදාරීන් එනවා. ඔවුන් ගේ පුරාම කසිප්පු හෙවුවා. පසුව නිමල්ව බුලත්සිංහල පොලිසියට ගෙනිච්චා.

ඔහුව කුඩුවට දැම්මා . පසුව එලියට ගෙන ලොකු පොතකට අත්සන් කරන්න කිවුවත් නිමල් බැහැයි කීවට පොලිස් නිලදාරියෙක් ඔහුගේ වම් කනට වැරෙන් පහරක් ගසා ඇත. එවිට නිමල්ගේ ඇස් අන්දකාර වී තිබේ. එම පොතට බලෙන් ඇගිලි සලකුණ ගෙන එම කනට නැවත වරක් පහරදී ඔහුව කුඩුවට දමා ඇත. කුඩුවේදී ඔහුගේ කනේ කැක්කුම වැඩිවූ නමුත් පොලිස් නිලදාරීන් කිසිදු බෙහෙතක් දී නැත.

පසුව ඔහුව පොලිස් ඇප මත නිදහස් කලේ 18 වැනිදා උසාවි එන ලෙස නියම කරමිනි. ඔහු හොරණ රෝහලේ 15 වැනිදා සිට 18 වැනිදා දක්වා නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇත. රෝහල් පොලිසිය කටඋත්තර ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදරිවරයාද ඔහුව පරික්ෂා කර තිබේ. ඇස් කන් නාස පිළිබද වයිදයවරයෙකු ඔහුගේ කන් බෙරය පැලි ඇති බව දන්වා ඇත.

18 වෙනිදා නිමල් වෙනුවෙන් අදිකරණයේ පෙනීසිටි නීතිඥවරිය පොලිස් පහරදීම අදිකරණයේදී වාර්තා කර ඇත. එදින නිමල්ට රෝහලේ සිටි බැවින් උසාවීයාමට නොහැකිවී තිබේ. නඩුව අරක්කු පිළිබද එකක් වන අතර ඊලග නඩු දිනය පෙබරවාරි පළමු වැනිදාය.

 

 

තාත්තා පොලිසියට බාරදුන් පුතාගාව ගංජා තිබිලා.

ඊශ්‍රායලයේ රැදවුම් බාරයේ සිටින පලස්තීන දරුවන්ට සලකන ආකාරය ගැන තමන් කනස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටි. පලස්තීන බාලවයස්කරුවන් ගල් ගැසීම සහ අනෙකුත් අපරාද සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ට ඊශ්‍රායලය සලකන ආකාරය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැඩි ලෙස තැකීමට පත්ව සිටියි. මැද පෙරදිග පිළිබද විදේශ කටයුතු ඇමති. අලිස්ටේර් බුර්ට් ඊශ්‍රායලය මේ කරුණ සම්බන්දයෙන් කටයුතු කල යුතුයි අවදාරණය කර සිටි.

චීනයේ සුප්‍රසිද්ද විශ්වවිද්‍යාලයක  මහාචාර්යවරයකු ප්‍රසිද්දියේ හොං කොන් වැසියන් හැදුන්වුයේ බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවදින්ගේ තිරිසනුන්, හොරුන් සහ බල්ලන් ලෙසයි. ඔහු පෙකින් විශ්වවිද්‍යාලයේ කොන් කිඔන් වේ. හෙතෙම මෙම ප්‍රකාශය මගින් තම සුවාමියාගේ හොද නාමය දුෂ්‍ය කළා පමණක් නොව හොං කොන් සහ ප්‍රදාන බුමිය අතර සබදතා පිළිබද උණුසුම් සංවාදය තවත් දරුණු අතට හැරවිය. බ්‍රිතාන්‍ය විසින් චීනයට හොං කොන් පවරාදී වසර 15 ක් ඉකුත්ව ඇතත් මිලියන 07 ක්වූ එහි ජනගහනයෙන් තමන් චීන්නුන් ලෙස හදුන්වා දෙන්නේ 1/3 පමණි.
2007 මැතිවරණයෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වය වැපිරීම ගැන චෝදනා එල්ල වූ පුද්ගලයින් සිවුදෙනාගෙන් කෙනෙකි රටේ පොහොසත්ම පුද්ගලයා වන උහුරු කෙන්යටා. කෙන්යාවේ ජනාදිපති වෙයි අපේක්ෂා කරන කෙන්යනුවන් දෙදෙනෙකුම ජාත්‍යන්තර අපරාද අදිකරණයේ නඩු විබාගයට පෙනීසිටීමට සිදුව ඇත. ඒ 2007 පශ්තාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් 1200 ක් මරණයට පත්වීම හේතුවනි. කෙන්යාවේ නොයෝජ්‍ය අගමැති උහුර් කෙන්ය්ටා සහ හිටපු අද්යාපන ඇමති විලියම් රුටෝ මනුශ්ශත්වයට එරෙහි අපරාද සම්බන්දයෙන් චෝදනා ලබා තිබේ.

 

ජනවාරි 2012
M T W T F S S
« දෙසැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Blog Stats

  • 41,374 hits

Human Rights, Good Governance

Flickr Photos

The Golden Gate

Between the present and the past

Alone in the storm

More Photos
Watch videos at Vodpod and other videos from this collection.
Follow

Get every new post delivered to your Inbox.